සියලුම සත්වයන් කවදා හෝ නිවන් දකිනවාද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    එහෙම හැමෝම කවදාහරි නිවන් දකිනවා කියල එකක් නැ
    ලෝක විනාශ උනත් ඉන්න සත්වයෝ ගන්දබ්බ අවධියේ වගේ අහසේ සරිසරන්වලු
    අයෙ මේ පොලව ටික ටික හැදෙනවලු
    ඒ අලුත් පස නිකන් වලාකුළු වගේ සෞම්යිලු
    එකට තණ්හා හිතිලා මිනිස්සු ගන්දබ්බයයෝ පොලවට එනවලු
    ආයේ තන්හාව ආසාව නිසා මේ වගේ වෙනවා කියල තමයි කියන්නේ
    ඔව්. මන් කියපු කතාවට ලෝකෙ විනාසෙ අදාල නෑ. එහෙම ගිහින් ගිහින් කවදම හරි නිවන් දකිනව කියන එක තමයි අදහස් කලේ. ලෝකෙ විනාසෙත් එක්ක ඔයාඅ කියපු සිද්දිය වෙන එකත් සංසාරෙම කොටසක්.

    මේක හෙන වෙලාවක් හෙව්වා දැන් හම්බ උනේ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව්. මන් කියපු කතාවට ලෝකෙ විනාසෙ අදාල නෑ. එහෙම ගිහින් ගිහින් කවදම හරි නිවන් දකිනව කියන එක තමයි අදහස් කලේ. ලෝකෙ විනාසෙත් එක්ක ඔයාඅ කියපු සිද්දිය වෙන එකත් සංසාරෙම කොටසක්.

    මේක හෙන වෙලාවක් හෙව්වා දැන් හම්බ උනේ

    hamoma niwan dakinawa kiyane bun tamange uthsahaya nisa
    nikan hitiyata niwan yanna puluwan kiyala mama nam hitanne na
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    hamoma niwan dakinawa kiyane bun tamange uthsahaya nisa
    nikan hitiyata niwan yanna puluwan kiyala mama nam hitanne na
    ඔව් ඔව්. බුදු අම්මෝ නිකන් ඉදල නිවන් යන්න බෑ. නිවන් යන දවස ලං වෙන්නෙ තමන්ගේ උත්සාහය හා කැපවීම මත. ඒකයි මං උඩ කිව්වෙ මාරයාගේ කාල වලදී සංසාරය දික් වෙනව කියල.
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සමහර class වල අවරුදු 2-3 fail වෙවී ඉන්න උන්ව class teacher නිකන්ම ගොඩ දාලා දෙනවනේ බන්...අන්න එහෙම ටික කාලයක් අල වෙවී හිටියම කිසිම වීර්යයක් නොකර නිකන්ම ගොඩයනවා...ඒ හින්ද වැඩිය ඒ ගැන හිතන්නේ නැතුව කව්රු හරි ගොඩදාලා දෙනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ.....වීර්ය කරන්න කම්මැලි උනාම මේ වගේ ප්‍රශ්න එනවා .... හරිනේ....ප්‍රශ්නේ ඇහුවේ පංච නීවරණ උඩට ඇවිල්ල උදාසීන කමක් ඇවිල්ලනේ ...පිලිතුර සරලයි ඉතින්....
    Nic found an easy way fellas ❤
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    162499023_3659469467509181_9005918382029360270_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Nic found an easy way fellas ❤

    උඹට මම කියල තියෙන දේ පැහැදිලි මදි වගේ...පංච නීවරණ කියන්නේ මොනාද කියල දන්නවද ?

    බොල මේ කියන්නේ....ජෙප්පෝ වගේ නිකන් හැම දේම ලඟට ගෙනල්ල දෙනකන් බලන් ඉන්නේ නැතුව වීර්ය කරන්න කියල ....

    මොක්කුද මන්ද මුන්....හැම දේම අනල කියන්න බෑ බොල ...read between the lines
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔබගේ ප්‍රශ්නය, "සියලුම සත්වයන්ට කවදා හෝ නිවන් දැකිය හැකිද?" ලෙස ඇසුවොත් වඩාත් සරල වෙනු ඇත. මොකද බෞද්ධ දර්ශනයට අනුව පාරමී පුරන, වීර්‍යය කරන ඕනෑම සත්ත්වයෙකුට මතු දිනෙක නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි විය යුතුය. යමක් කිරීමට හැකියාව තිබූ පමණින් එය එසේම වන්නේ යැයි කිව නොහැක. ඒ අනුව ඕනෑම ස්ත්ත්වයෙකුට නිවන් දැකීමේ අවකාශය තිබුණද එය එසේම වන්නේ යැයි අපට කිව නොහැක. එබැවින් "සියලුම සත්වයන් කවදා හෝ නිවන් දකිනවාද?" යන්නට ඍජු පිළිතුරක් දිය හකියැයි නොසිතමි.

    විශ්වය තුළ ලෝක ධාතූන් අනන්තයක් බව චූලනිකා සූත්‍ර ආදි සූත්‍රවල සදහන් වේ. එක් ලෝක ධාතුවක් කියන්නේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 20 හා සතර අපාය යන 31ක් වූ ලෝක සමූහයයි. ඉතින් එබදු ලෝක ධාතු ගැණිය නොහැකි තරමක් මේ විශ්වය තුළ තියෙනවා නම් ඒ ලෝක තුළ කෙතරම් සත්ත්වයෝ සිටිය යුතුද? අනන්ත විය යුතුය. ගිණිය නොහැකි විය යුතුය. එක් බුදුවරයෙකු විසින් මෙතරම් සත්ත්වයන් නිවනට පමුණුවන ලදුව මෙතරම් ඉතිරියැයි කිව නොහැකි ය.
    ගංගා සූත්‍රයේ සදහන් පරිදි, වරක් බමුණෙකු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ අතීතය කල්ප කෙතරම් කාලයක් සිට පැවත එන්නේ දැයි ඇසූහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතය කල්ප මෙතකැයි ගණනය කර කිව නොහැකි තරම් බවයි. ගංගා නදිය පටන් ගත් තැන සිට මුහුදට වැටෙන දුර දක්වා වූ වැලි කැට ගණන් කර මෙතරම් වැලි කැට වෙතැයි කීම පහසු නොවන්නා සේ ය. එයි පැහැදිලි වන්නේ අනන්ත වූ ස්ත්ත්වයෝ පිරිසක් අනන්ත වූ කාලයක් පුරාවට සසර සැරි සරන බවයි.
    එක් බුදුවරයෙකු කරණ කොට නිවනට යන පිරිස මහා සයුරෙන් ගන්නා වූ දිය බිදක් බදුය. එතරම් අනන්ත වූ සත්වයෝ වෙති.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    නිවන කියන දෙය බුද්ධාගමේ හරියට පැහැදිලි කරලා නැහැ. තව විදිහකින් කියනවා නම් නිවන් දකින්න අවශ්‍ය හරිම දැනුම කොතනකදී හරි නැති වොලා තියෙනවා. මම දන්න ආකාරයට මැරෙන හැම කෙනෙක්ම නිවන් දකිනවා. මොකද ආයේ කවදාවත් එහෙම පුද්ගලයෙකු ඉපදෙන්නේ නැහැ.
    ඔකට එක එක කෑලි දාලා කියනවා භවය කියලා. ඒක පිළිගන්න පුළුවන් කිසිම ශාක්ෂියක් නැහැ.

    උද- සමන් කියලා මිනිහෙක් ඉන්නවා. එයා මැරෙනවා. පොළවට පස් වෙනවා. ආයේ සමන් නැහැ. භවයෙන් ඇති වැඩක් තියද?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229

    here we go
     
    • Sad
    Reactions: Ragna_SL

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    නිවන=ස්වර්ගය=අල්ලා == මරනය
    motivations :
    නිවන - මේකෙ ඉඩල වැඩක්නැ.. ඔක්කොම අනිච්චයි දුකයි
    ස්වර්ගය - එහේ මෙහේට වඩාසැප
    අල්ලා - එහේ මෙහේට වඩාසැප.. පලයල්ල ඉක්මනට... අනිතුනුත් අරන් පලයල්ල

    හැම එකේම කියන්නෙ මැරෙන්න කියල තමයි... ඒකනෙ මුන් මේ එල්ලිල මැරෙන්නෙ
     
    • Haha
    Reactions: JohnSnow

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53

    සත්‍යය අවශ්‍ය අයට මෙහි උත්තරය තිබෙනවා > මේ ප්‍රශ්න සරල වුනත් උත්තර සරල නෑ තේරුම් කිරීමට. තම තමන්ගේ ප්‍රඥාව අනුව තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. උපුටා ගැනීම රේරුකානේ චන්චන්දවිමල ස්වාමීන් වහන්සේගේ නිර්වාණ විනිශ්චය පොතෙන්.

    නිවන් යාමෙන් සත්වයන් අඩුවී ලෝකය හිස් නොවන බව සහ අභිනව සත්වයන් නූපදින බව.-
    -
    ------ Post added on Mar 25, 2021 at 10:08 PM
     
    Attachments

    • Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf.png
      Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf.png
      400.3 KB · Views: 93
    • Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(1).png
      Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(1).png
      418.4 KB · Views: 86
    • Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(2).png
      Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(2).png
      78.8 KB · Views: 86
    • Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(3).png
      Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(3).png
      139.9 KB · Views: 93
    • Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(4).png
      Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(4).png
      444 KB · Views: 90
    • Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(5).png
      Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(5).png
      425.9 KB · Views: 88
    • Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(6).png
      Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(6).png
      411.5 KB · Views: 89
    • Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(7).png
      Screenshot_2021-03-25 14_Nirvana_winishchaya_Punuruppaththi_Kramaya pdf(7).png
      423.3 KB · Views: 88
    Last edited:
    • Like
    Reactions: shadow134

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    “මිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්ම විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ."

    අනන්ත විශ්වය, අනන්ත සක්වල,අනන්ත ලෝකධාතුවල, මනුෂ්‍ය,සතර අපා, සුදදාවාස හැර අනිත් දිව්‍ය තලවල අනන්ත ජීවීන් ඇත...
    අපිට විෂය නොවන දේවල් වලට කාලය වැයකරනවට වඩා, නිවනට කාලය වැයකෙරුවොත් මට හිතෙන්නෙ හොඳයි.

    Ps,
    Never post anything related to Buddhism in EK with good intentions,either u get in to a fight or someone will post some random radical shit with modern twist to the purest Dhamma.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    මේ සේරම දෙනාටම සත්‍යය දකින්නට අවශ්‍යතාවයක් නෑ . තමන්ගේ ලෝකයක් හදාගෙන , ඒ ලෝකය යථාර්ථයයි කියලා හිත හදාගන්න කරුණු ගොඩනගනවා.

    තව සමහරෙක්ට යථාර්ථය පේනවා , නමුත් යථාර්ථය පෙනුනත් , මේ ගැන කතා කරන්න කැමති නෑ . මොකද එය තමන් අදහන ආගම ට තියෙන තැන නැති කරලා දාන හින්ද . එතෙන්දි අනිත් ආගම් අවස්ථාවාදී වෙලා , එම කරුණු තමන්ට විරුද්ධව ම භාවිතා කරන නිසා .
     
    • Like
    Reactions: JohnSnow and dilann

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    🙏🙏🙏

    සත්‍යය අවශ්‍ය අයට මෙහි උත්තරය තිබෙනවා > මේ ප්‍රශ්න සරල වුනත් උත්තර සරල නෑ තේරුම් කිරීමට. තම තමන්ගේ ප්‍රඥාව අනුව තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. උපුටා ගැනීම රේරුකානේ චන්චන්දවිමල ස්වාමීන් වහන්සේගේ නිර්වාණ විනිශ්චය පොතෙන්.

    නිවන් යාමෙන් සත්වයන් අඩුවී ලෝකය හිස් නොවන බව සහ අභිනව සත්වයන් නූපදින බව.-
    -
    ------ Post added on Mar 25, 2021 at 10:08 PM

    🙏🙏🙏

    ඔබගේ ප්‍රශ්නය, "සියලුම සත්වයන්ට කවදා හෝ නිවන් දැකිය හැකිද?" ලෙස ඇසුවොත් වඩාත් සරල වෙනු ඇත. මොකද බෞද්ධ දර්ශනයට අනුව පාරමී පුරන, වීර්‍යය කරන ඕනෑම සත්ත්වයෙකුට මතු දිනෙක නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි විය යුතුය. යමක් කිරීමට හැකියාව තිබූ පමණින් එය එසේම වන්නේ යැයි කිව නොහැක. ඒ අනුව ඕනෑම ස්ත්ත්වයෙකුට නිවන් දැකීමේ අවකාශය තිබුණද එය එසේම වන්නේ යැයි අපට කිව නොහැක. එබැවින් "සියලුම සත්වයන් කවදා හෝ නිවන් දකිනවාද?" යන්නට ඍජු පිළිතුරක් දිය හකියැයි නොසිතමි.

    විශ්වය තුළ ලෝක ධාතූන් අනන්තයක් බව චූලනිකා සූත්‍ර ආදි සූත්‍රවල සදහන් වේ. එක් ලෝක ධාතුවක් කියන්නේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 20 හා සතර අපාය යන 31ක් වූ ලෝක සමූහයයි. ඉතින් එබදු ලෝක ධාතු ගැණිය නොහැකි තරමක් මේ විශ්වය තුළ තියෙනවා නම් ඒ ලෝක තුළ කෙතරම් සත්ත්වයෝ සිටිය යුතුද? අනන්ත විය යුතුය. ගිණිය නොහැකි විය යුතුය. එක් බුදුවරයෙකු විසින් මෙතරම් සත්ත්වයන් නිවනට පමුණුවන ලදුව මෙතරම් ඉතිරියැයි කිව නොහැකි ය.
    ගංගා සූත්‍රයේ සදහන් පරිදි, වරක් බමුණෙකු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ අතීතය කල්ප කෙතරම් කාලයක් සිට පැවත එන්නේ දැයි ඇසූහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතය කල්ප මෙතකැයි ගණනය කර කිව නොහැකි තරම් බවයි. ගංගා නදිය පටන් ගත් තැන සිට මුහුදට වැටෙන දුර දක්වා වූ වැලි කැට ගණන් කර මෙතරම් වැලි කැට වෙතැයි කීම පහසු නොවන්නා සේ ය. එයි පැහැදිලි වන්නේ අනන්ත වූ ස්ත්ත්වයෝ පිරිසක් අනන්ත වූ කාලයක් පුරාවට සසර සැරි සරන බවයි.
    එක් බුදුවරයෙකු කරණ කොට නිවනට යන පිරිස මහා සයුරෙන් ගන්නා වූ දිය බිදක් බදුය. එතරම් අනන්ත වූ සත්වයෝ වෙති.
    ------ Post added on Mar 26, 2021 at 5:30 AM

    🙏🙏🙏

    ඔව්. මන් කියපු කතාවට ලෝකෙ විනාසෙ අදාල නෑ. එහෙම ගිහින් ගිහින් කවදම හරි නිවන් දකිනව කියන එක තමයි අදහස් කලේ. ලෝකෙ විනාසෙත් එක්ක ඔයාඅ කියපු සිද්දිය වෙන එකත් සංසාරෙම කොටසක්.

    මේක හෙන වෙලාවක් හෙව්වා දැන් හම්බ උනේ

    ------ Post added on Mar 26, 2021 at 5:31 AM
     
    • Like
    Reactions: JohnSnow

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    නිවන කියන දෙය බුද්ධාගමේ හරියට පැහැදිලි කරලා නැහැ. තව විදිහකින් කියනවා නම් නිවන් දකින්න අවශ්‍ය හරිම දැනුම කොතනකදී හරි නැති වොලා තියෙනවා. මම දන්න ආකාරයට මැරෙන හැම කෙනෙක්ම නිවන් දකිනවා. මොකද ආයේ කවදාවත් එහෙම පුද්ගලයෙකු ඉපදෙන්නේ නැහැ.
    ඔකට එක එක කෑලි දාලා කියනවා භවය කියලා. ඒක පිළිගන්න පුළුවන් කිසිම ශාක්ෂියක් නැහැ.

    උද- සමන් කියලා මිනිහෙක් ඉන්නවා. එයා මැරෙනවා. පොළවට පස් වෙනවා. ආයේ සමන් නැහැ. භවයෙන් ඇති වැඩක් තියද?
    please read this book completely, ask anything after that coz you have poor knowledge about that
    https://srivinayalankara.lk/booksbuy/assets/files/chathurarya_sathyaya.pdf
     
    • Like
    Reactions: shadow134