සියලු ලාංකිකයෝ ජපානයෙන් පැන එති
ජපානයේ ශ්‍රී ලාංකික පිරිසක් ආපසු ඒමට පහසුකම් ඉල්ලති
අමතර ගුවන් සේවා කීපයක් ඇරඹීමටත් පියවර
සමන් ගමගේ
සුනාමි ඛෙදවාචකයත් සමඟ ජපානයේ මේ වනවිට ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හමුවේ එරට සිටින ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස ඉල්ලීම් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සෘජුවම විදේශ අමාත්‍යාංශය අමතමින් ඔවුන් මෙම ඉල්ලීම් කර තිබේ.
මේ අතර සුනාමි තත්ත්වයට ගොදුරු නොවූ ප්‍රදේශවල ජීවත්වූ ශ්‍රී ලාංකිකයෝ රැසක්ද වෙති. දැනට 12000 - 15000 අතර ශ්‍රී ලාංකික පිරිසක් ජපානයේ දිවි ගෙවති.
ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට තිබෙන ගුවන් ගමන් පහසුකම්හි මේ වන විට විශාල තදබදයක් ඇතිවී තිබෙන බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසට ඔවුන් මෙසේ ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ඊයේ (15 දා) ජපානය සහ ශ්‍රී ලංකාව අතර අමතර ගුවන් සේවා කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර සුනාමියට ගොදුරු වූ ජපානයේ සෙන්සායි ප්‍රදේශයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 15 දෙනා පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (15 දා) වනවිට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියකු එහි ගොස් ඇත.
ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පිරිසක් මෙලෙස සිරවී සිටින අතර ඔවුන් නිරුපද්‍රිතව සිටින බවට එහි ගිය තානාපති කාර්යාල නිලධාරියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.