සියලු සත්වයේ සිත් පිත් ඇත්තෝය

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සියලු සත්වයේ සිත් පිත් ඇත්තෝය

    421589_526202497397338_983751066_n.jpg



    සියලු සත්වයේ සිත් පිත් ඇත්තෝය

    මේ ඡායාරූපයේ දැක්වෙන අනුවේදනීය දසුන සටහන් වූයේ මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ගත් අවස්ථාවේදීය. ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය. (lankadeepa)

    ගගන සරන සියොතුන්ටත්, මිහි මත වසන සියලු ජීවීන්ටත් මෙලොව තුළ නිදහසේ ජීවත්වීමේ අයිතියක් තිබේ. එය සොබා ධර්මයයි. එයට පිටුපා කටයුතු කරන සියල්ලන් සොබාදහමේ උදහසට ලක්වනු ඇත. ජීවීන් අතුරින් සොබාදහමට හතුරුකම් කරනු ලබන්නේ මිනිසාම පමණි. එනම්, මිනිසා හැර අනෙක් සියලු සතුන් සොබාදහමට සමීපව ජීවත් වන්නේය.!

    ඔබ අප සැම කුඩා කල මවගෙන් කිරි උරා බීමේ කාලය අවසන් කළායින් පසුව, කෙමෙන් වැඩිවියට එළැඹ අද දක්වාම ද උදෑසනට පායන කරන කිරි වීදුරුව සපයනු ලබන්නේ අහිංසක ගවයා විසිනි. තම ආදරණීය වසු පැටවා වෙනුවෙන් ගව මව තුළ ඇතිවන අප්‍රමාණ ස්නේහය කරණකොටගෙන ලේ කිරට හැරීමේ සිද්ධාන්තය ලොව පුරා කිරි සමාගම් ඇතිකර තිබෙන්නේද මේ අහිංසක ගවයාගෙන් ලබාගන්නා කිරි වෙළදාම් කිරීමේ අරමුණෙනි. කිරි යනු ශරීරයේ වැඩීමට අත්‍යාවශය පෝෂණ කොටස් ඇතුළත් පානයක් බව වෛද්‍ය විද්‍යාත්මකව පවා සනාථ වී ඇත. එනම් මිනිස් සංහතියේ පැවැත්ම උදෙසා කිරි අති මහත් කර්තව්‍යක් ඉටුකරන්නේමාහැගි ‍‍ඖෂධයක් ලෙසිනි. සිරුරේ අස්ථි ශක්තිමත් වීම කිරි වලින් ඉටුකරනු ලබන ප්‍රධානතම කාර්යයක් ලෙස සැලකිය හැකිය. කිරිවල ඇති ගුණාංග මෙතෙකැයි කියා අවසන් කළ නොහැකිවා සේම, එම කිරි නම් මහානර්ඝ ඖෂධය ලබාදෙන අහිංසක ගවයාගේ ගුණ හා ප්‍රයෝජනද මෙතෙකැයි කියා අවසන් කළ නොහැකිය.
    එසේනම්, තමන්ට ජීවිතය ලබාදෙන මේ අහිංසක ගවයා මරාගෙන කෑම මොන තරම් නම් නින්දිත ක්‍රියාවක් දැයි ඔබට අවබෝධ විය යුතුය. එය මිනිස්කමට නොගැළපෙන ක්‍රියාවකි. තමන්ගේ ශරීරයට ශක්තිය පෝෂණය ලබාදුන් ගවයා වෙනුවෙන් කළගුණ සැළකිය යුතුය. සොබාදම් නීතිය එයයි. එහෙත් සිදුවන්නේ අනෙකකි. එසේනම්, ගවයා මරාගෙන කෑම වනාහී සොබාදහම කම්පාවන සිදුවීමකි. පසුගිය සුනාමියේදී පවා ඒ බව පසක් වූයේ ගව ඝාතනය වැඩිපුර සිදුවූ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මුහුදට සෝදාගෙන ගොස් තිබීමෙනි.

    ශ්‍රී ලංකාව යනු ගවයින් ඝාතනය කළ රටක් නොවේ. විශේෂයෙන්ම අතීතයේදී ගවයාට කළගුණ දැක්වීමේ උදාර ගතිගුණය තිබුණු රටකි. විදේශීය ආක්‍රමණවලින් පසුව සිදුවූ සමාජ විෂමතා හේතුවෙන් ගව ඝාතනය ආරම්භවීම සිදුවිය. එතැන් පටන් අද දක්වාම මේ අහිංසක ගවයා දිගින් දිගටම ඝාතනය කිරීම සිදුවෙමින් පැවතීම ඛේදවාචකයකි.

    සංක්ෂිප්ත තොරතුරු එසේය, පහු ගිය අවුරුද්ධ පුරාම රජයද මැදිහත් වීමේ මහා හාහෝවක් සමගම 2500 බුද්ධ ජයන්තියද නිම විය. දිවයිනේ දස අත අපට දක්නට ලැබුනේ ”බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු” යනුවෙන් සදහන් ප්‍රචාරක පුවරුය. බුද්ධ ජයන්තිය වෙනුවෙන් තැන තැන ගොඩනැගිලි ඉදිවිය.. භෞතික ව‍ශයෙන් බොහෝ නිර්මාණ සිදුවිය.. එහෙත් ආධ්‍යාත්මිකව.? ආධ්‍යාත්මික ගුණවගාව දියුණු කිරීම උදෙසා ඇතිකරන මානසික පෙළඹවීම පිළිබදව නම් එතරම් බලපෑමක් නැතිවාසේය. භෞතික දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුව උදෙසාද ”ගව ඝාතනය තහනම් කිරීම” වැනි ක්‍රියාමාර්ග ගතයුතු සුදුසුම කාලය මෙය බව ඉදුරාම පැවසිය යුතුය.

    කෙළෙහිගුණ දත් ශ්‍රී ලංකාවාසී ජනතාවට දැනුම් දෙන්නෙමු. සිංහල බෞද්ධ ජනතාව මෙන්ම හින්දු ජනතාවද ගව ඝාතනයට විරුද්ධ වන්නෝ වෙති. එනම් එය සමස්ථ ජන ප්‍රජාවගෙන් 90%කට ආසන්නය. එසේ නම් මේ වනවිට රටේ ජනගහනයෙන් 90%ක කැමැත්ත ගව ඝාතනය තහනම් කිරීමට පලවී හමාරය. අවශ්‍ය වන්නේ එය ක්‍රියාත්මක කිරීමය. ඒ සදහා පළමුවෙන්ම අවශ්‍ය වන්නේ ගව ඝාතනයට එරෙහිව ජනමතයක් ගොඩ නැගීමයි. ඒ සදහා අන්තර්ජාලය තුළ සිදුකරන දැනුවත් කිරීම් මෙන්ම, මුද්‍රිත මාධ්‍ය, ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය තුළින්ද සමාජය දැනුවත් කිරීම් කළයුතුය. මාධ්‍ය මගින් එලෙස දැනුවත් කිරීම් මෙන්ම, මෙරට මහා සංඝරත්නය ද මේ සදහා අවදිවීමක් සිදුවිය යුතුය. මහානායක මාහිමිපාණන් වහන්සේලා, ජනප්‍රිය ධර්ම දේශකයාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ගව ඝාතනය නැවැත්වීම වෙනුවෙන් පෙරට වැඩම කළයුතු කාලය පැමිණ තිබේ. එසේම, මෙම මතය ගරු කරන කලාකරුවන්, ක්‍රීඩකයන් හා රටේ ප්‍රභූ පුද්ගලයින්ද මේ වෙනුවෙන් කිසියම් හඩක් නැගිය යුතුය. එවන් නායකත්වයන් තුළින් ”ගව ඝාතනය තහනම් කිරීමට” සමාජය පෙළගැස්විය යුතුය. මෙය එතරම් අපහසුවකින් තොරව ඉදුරාම කළ හැකි කාර්යයකි.
     
    • Like
    Reactions: kasun69

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගවයා විතරද පව් එතකොට? කුකුළට ,බිත්තර වලට කිසිම අනුකම්පාවක් නැද්ද?