සියලු සමාජජාල පාලනයට පියවර.. good Action
විනීතා එම් ගමගේ
FACEBOOK ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට ලක්කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත. අද (07) සිට මෙම සමාජ ජාල නිරික්ෂණය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම නිරික්ෂණය සිදුකරන බවත් ඒ සඳහා කොමිසමේ ඉංජිනේරුවන් විසින් විධිමත් වැඩ පිළිවෙලක් අනුගමනය කරන බවත් එම නිලධාරියා පැවැසීය.
ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක්කරන බව පැවසූ එම නිලධාරියා පවතින තත්ත්වය යටතේ මෙම සමාජජාල තරමක් සෙමින් ක්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම මන්දගාමි තත්ත්වය අද දවස තුළ පමණක් පවතිනු ඇති බවත් හැකි ඉක්මණින් එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
Source :- http://www.lankadeepa.lk/latest_news/සියලු--සමාජජාල-පාලනයට-පියවර/1-525233