සියළුම රාජ්‍ය සේවක පවුල්වල වත්කම් බැරකම් වාර්තා කැදවයි..
June 22, 2025 at 12:00 pm | lanka C news
2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, සියලුම රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම මේ වනවිට ආරම්භ වී තිබේ.
මෙම නව ක්‍රමවේදය යටතේ, රාජ්‍ය සේවකයන්ට අමතරව ඔවුන්ගේ කලත්‍රයාගේ සහ දරුවන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු ද අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.
මෙම ප්‍රකාශයට, රජයේ සේවක සේවිකාවන්ගේ දේපළ හා බැංකු ගිණුම් පිළිබඳ තොරතුරුවලට අමතරව, ඔවුන්ගේ කලත්‍රයා සතු දේපළ සහ බැංකු ගිණුම් මෙන්ම දරුවන් සතු එවැනි තොරතුරු ද ඇතුළත් විය යුතුය.
තවද, රජයේ සේවකයින්ගෙන් යැපෙන සියලුම පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශ ලබාදීම අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, යම් රාජ්‍ය සේවකයකුගෙන් යැපෙමින් හෝ ඔහුගේ නිවසෙහි එකට ජීවත් වන (බදු පදනමින් නොවන) වෙනත් තැනැත්තන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු ද මෙම වාර්ෂික ප්‍රකාශය සඳහා ඇතුළත් කළ යුතු බව බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.
