සිය රට දේ සිරිසැපදේ......

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සිය රට දේ සිරිසැපදේ......

    මගේ විදේශ ගත මිත්‍රයෙකුගේ ඉල්ලීමක් කළ ඔහුගේ මිතුරු සුවිස් ජාතික යුවළගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථක කර ගැනීමට උදවි කරන මෙන්. මා ඔවුන් ලංකාවට පැමිණෙන දිනයේ මාගේ මෝටර් රථයෙන් වේලාසනින්ම කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් ගුවන්තොටුපල පර්යන්ත රථගාල අංක 1 හි නවතා ගුවන්තොටුපල වෙත ගොස් අදාළ ප්‍රවේශපතක් මිලදී ගෙන මා සකස් කර ගත් ප්‍රදර්ශන නාම පුවරුවත් සමග අමුත්තන් පිළිගන්නා ප්‍රදේශයේ රැදී සිටියෙමි.
    විටින් විට එහි ගැවසුණු යම් පුදගලයන් කිහිපදෙනෙකු අතුරින් අයෙකු පැමිණ මොකක්ද ටැක්සි කොම්පැණිය ලෙස මගෙන් ප්‍රශ්න කලේය. මා තරමක් අපහසුතාවයට පත්විමි. ඔහු මා අසලට පැමිණ හයර් උස්සන්නද අවේ.. කාර් එක කුඩු කරනවා යැයි මට පැවසීය. කාරණය පැහැදිලිය මා ඔවුන් එකතුවන තෙක් බලා සිට එතනට ගොස් මම හයර් ගන්න නොවෙයි මෙතන රැදී සිටින්නේ මිතුරෙකුගේ ඉල්ලීමකට අනුව විදේශීය යුවලකගේ පැමිණිමක් අපේක්ෂාවෙන් බවත් නමුත් ඔබලාගේ හැසිරීම අතිශයින්ම ලජ්ජා සහගත පහත් එකක් බවට මානුෂිකව පැවසීමට යාමේදී එහි අයෙකු පරුෂ වචනයෙන් මා හට විරෝධය පෑ හෙයින මගේ කට්ටත් රතු සීමාව පැන කිසියම් විදිහයකින් හෝ පැවසූ ලෙස චණ්ඩි කමින් හැසිරීමට ඉදිරිපත් වූවහොත් නිවසටම පැමිණ බිරිඳ දරුවන් ඉදිරියේ වෘෂණ කෝෂ ඇද ඉණ වටේ ගැට ගසන බවත් පැවසීමෙන් ඔවුන් වහා වහා විසිර යන ආකාරය දිටිමි. මා එහි රැදි සිටි ගුවන්තොටුපල ආරක්ෂක අංශ වෙත හා ගුවන් හමුදා ආරක්ෂක අංශ වෙත මේ පිළිබඳව පැමිණලි කළත් ඔවුන් ඇසුනා නෑසුනා ගානට සිටියේය. මා සටහන් කරන්නට යන ප්‍රධාන කාරණය මෙය නොවන නමුත් අපේ රටට පිවිසෙන සංචාරකයන් බෙදා ගන්නට ඉතා අසිලාචාර ලෙස හැසිරෙන මෙවැනි අයට ඇති නීතිමය අවසරය කුමක් ද යන්න ගැටලුවකි.
    අනික් කාරණය තමයි ගුවන්තොටුපල කාර් පාක් අය කිරිම් ඉතා අසාධාරණ බව. පළමු පැයට රුපියල් 100ක්. නමුත් විනාඩියක් බැහැරට නැවත පැමිණ ඇතුළු වීමටනම් නැවත 100ක් ගෙවිය යුතුය.
    මා මාගේ අමුත්තන් දෙදෙනා ඉතා සුහදව පිළිගෙන ඔවුන් දෙදෙනා සමග ඉවතට පැමිණෙන විටත් අර ටැක්සි කාක්කන්ගේ මාෆියාව මා දෙස රවා ඔරවාගෙන සිටිනු දුටු නමුත් මා නොදැක්කා සේ සිටියේ අමුත්තන් ඉදිරියේ අපේ රටේ ගෞරවය ආරක්ෂා කර ගැනීම පිණිසයි. මා රථ ගාල වෙත ගොස් මෝටර් රථය පදවාගෙන නැවත පැමිණෙන විටත් අමුත්තන් දෙදෙනා සමීපයට ගොස් අනවශ්‍ය ප්‍රශ්නකිරීම් වලින් ඔවුන් හිරිහැරයට ලක් කරන්නට මෙම ටැක්සි මාෆියාව කටයුතු කරනු දිටිමි.
    මා අමුත්තන් දෙදෙනා මීගමුව සංචාරක කලාපයේ හෝටලයක ගෙන ගොස් ඔවුන් ආරක්ෂිතව එහි නවතා එළියට පැමිණෙන විටත් කාලවර්ණ පච්ච සිරෙකු මගේ මෝටර් රථයේ වීදුරුවට තට්ටු කර විවෘත කළ පසු ඇතුළට එබී බලා ඌබර්ද පික්මීද ඇසුවේය. මා දැන් කාරණය දන්නා නිසා නැවත මගේ පෞර්ෂය ඉදිරියට ගෙන උගේ අම්මා සිහිකර මෝටර් රථයේ දොර විවෘත කර බිමට බසින්නට පෙර ආතබූත නැතිව බීච් කාක්කාද පලා ගියේය. අපේ රටට ගොඩ බසින සංචාරයකන් පිළිගන්නේ අර මොනර පිල් සහිත සාරි ඇගලා ගත් සුරංගනාවන් නොව මෙවැනි ටැක්සි මාෆියා සහ බීච් කාක්කන් ය. ඉතාමත් සුන්දර අත්දැකීමකි එය. මගේ නීරස අත්දැකීම අදාළ ප්‍රදේශයේ දේශපාලන නායකායාට එවේලේම දුරකථනයෙන් පැවසිමි. එහෙත් සාරංශය ඔහුගේ චන්ද පදනමට හානි කරගන්නට ඇති අකමැත්තය.
    නැවත දිනකට පසු මම අමුත්තන් දෙදෙනා සීගිරිය වෙත රැගෙන යන්නට පෞද්ගලිකවම ඉදිරිපත් වූයේ මාගේ මිත්‍රයා මා හට කර ඇති පෙර උදවු සඳහා මසිත පවතින ගෞරවය නිසාමයි. අමුත්තන් දෙදෙනා සතුටින් විත් මෝටර් රථයට ගොඩවූ නමුත් මා ඔවුන් රටට ගොඩ බැස විගස දුටු ස්විස් ගතිය නොදිටිමි. දුටුවේ ඇෆ්ගන් ගතියකි. ඔවුන් ටුක් මගින් ප්‍රදේශයේ සංචාරය කර ඇති බවටත් අන්තර් ජාලයේ වූ සංචාරක මග පෙන්වීමේ පසුවදන් කියවා ඒ අනුව ටුක් රියදුරෙකුගේ මාර්ගයෙන් කේරල ගංජා සපයාගෙන ඒවා උපරිම භුක්ති විඳ ඇති බව මට වැටහිණි.
    ඔවුනට ටුක් රියදුරාගේ උපදේශය අනුව තණමල්විල ස්පේෂල් සොයා ගන්නට ලංකාවේ සංචාරය පසෙකලා පළමු උවමනාව ලෙස පෙරට ඇවිත් ඇත. මා ගමන තවත් කිලෝමීටර් ගණනක් වෙනස් කොට මාගේ නිවසට පැමිණ ඔවුනට ලාංකීය කෑම වේලකින් සංග්‍රහ කරන්නට ප්‍රථමයෙන් වසර 10කට වඩා පැරණි කළුතර ඉස්කාගරයේ මා මිතුරෙකු මට ලබා දුන් හිඟුරාණ ස්ප්‍රිතු මගින් නිපදවූ ගල් අරක්කු බෝතලයකින් වඩි දෙකකින් ඔවුනට සංග්‍රහ කර ඉතිරිය ඔවුනට රස විදීමට රැගෙන යාමට දුන්නෙමි. ඔවුනගේ රටාව තුළ තවදුරටත් මගේ වටිනා කාලය නාස්ති කිරීමට මා තුළ අකමැත්තක් වූ බැවින් කැන්ගරු ආයතනයෙන් මෝටර් රථයක් කැඳවා ඔවුනගේ සංචාරය සම්පූර්ණයෙන් ආවරණය කිරීමේ වගකීම එම රියදුරු වෙත ලබා දුනිමි.
    ලංකාව කෙරෙහි වන සංචාරක ආකල්ප දැන් බෙහෙවින් වෙනස්ය. වෙනදාට සංචාරයකයින් මෙහි පැමිණෙන්නේ අනුරාධපුර පොළොන්නරු යන්නටයි. දැන් මාර්ගය සීගිරිය කැන්ඩි ඇල්ල හික්කඩුව මීගමුව යි. එක්කෝ සංචාරකයින් වෙත නිසි උපදෙස් දෙන්නට ලංකාවේ සංචාරක අමාත්‍යාංශයට අමතක වි ඇත. සංචාරකයන් විසින් සමාජ ජල වෙත සටහනු කර ඇති සංචාරයට පසු ව පසුවදන් සංචාරයකයින් බෙහෙවින් අනුගමනය කරනු පෙනේ. එහි සඳහන් වූ පරිදි කේරල ගංජා පහසුවෙන් සපයා ගත හැකි නමුත් ඒවායේ විවිධ රසායන අඩංගු බවත් තණමල්විල ගංජා ඉස්තරම් බවත් සඳහන්ය. කාර්ගිල්ස් හෝ වෙනත් සුපිරි වෙළඳ සැලෙක තැබෑරුමකින් ලබාගන්නා ගල් බෝතලය බ්ලූ ලේබල් බෝතලයටත් වඩා ඉස්තරම්ය. සිය රට දේ සිරි සැපදේ ලෙස සටහන් කර මා මෙම සටහන් පටන් ගත්තේ එසේ නියාවෙනි.