සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..........

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..........

    සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..........


    සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම් තිබුනත් කිසිම විදිහක සිරවීමක් නැතිව ඔබට ඔබේ ජීවිතය ගත කරන්න ඉඩ දෙන අය වීමත් හරිම වැදගත්..ඒ කිව්වේ හරි වැරදි, අඩු පාඩු ආදරණීයව පෙන්වා දෙමින් ලඟම සිටිමින් මඟ පෙන්වන අය අදහස් වෙනස් උනත්..

    මිනිසුන් අතර ගැටලු මතු වීම අද හෙට නවතින දෙයක් නොවන නිසා, ඒ අයගේ හැසිරීම්, ආකල්ප, වගේම ජීවන රටා ගැනත් සෑහෙන්න ඔබට හිතන්න වෙන්නේ කිසිම දවසක අනුන් මත යැපෙන මනසක් ඔබට හිමි නැති නිසයි ඔබට මතු වෙන ගැටලු විසඳගන්න.. ඒ නිසා සංවේදි ස්වාධීන මනසක් තියන කෙනෙක් තමන්ගේ ජීවිතයට ලං කර ගන්න ඕන හංගන්නේ නැතුව ඕනම දෙයක් විවෘතව සාමකාමීව කතා බහ කරන්න පුලුවන් අය.. නැත්නම් වෙන්නේ දවසෙන් දවස අනිත් අය අතර ඔබව සැඟ වී ගොස් අන්තිමේ ඔබ කියා කෙනෙක් නොමැති දවසක් ඔබත් නොදැනීම උදා වීමයි..

    එහෙම නැත්නම් ඔබ පුරුදු වෙන්න ඕන අන් අයගේ හැසිරිම් පෙරා වෙන් කර ඔබේ මනසට ඇතුල් කර ගන්න. අර කතාවක් තියෙන්නේ ඒ කනෙන් අහලා මේ කනෙන් යවනවා කියලා.. අන්න ඒ වගේ තමයි සෘණාත්මක අය එක්ක ගනුදෙනු කරන්න ඕන.. ධනාත්මක අයව හදවතට තවත් ලං කර ගන්න කියන එක අමුතුවෙන් මම කියන්න ඕන නැනේ..

    එහෙම පුරුදු උනාම නම් අන් අයගේ කිසිම විදිහක හැසිරීමකින් ඔබට කිසිම සෘණාත්මක බලපෑමක් නොවෙන තැනකට ඔබේ මනස ගෙනියන්න පුලුවන්..හැබැයි එය එතරම් පහසු දෙයක් නම් නෙමේ.. මේ ක්‍රමය ප්‍රගුණ කරද්දි ඔබට හැකියාවක් ලැබෙනවා සෘණාත්මක හැසිරිම් තියන අය දිහා ඔබේ කෝණයෙන් නොව ඔවුන්ගේ කෝණයෙන් බලන්න.. අන්න එතනදි ඔබට හැකි වේවි ඒ අයට උදව් කරන්න ඔබව රිදවගන්නේ නැතුව ඒ අයගේ හැසිරීම් වලින්..හැබැයි ඔබත් හැඟිම් දැනීම් දැනෙන කෙනෙක් මිසක් රොබෝ කෙනෙක් නොවන බව කිසිම විටක අමතක කර උදව් කරන්න යන්න එපා.. නයි පැටවුන්ට කිරි පෙව්වා වගේ වෙයි නැත්නම්...

    Posted by අඳුරෙන් ආලෝකයට.
     
    • Like
    Reactions: Dishta Didin