සිරසෙන් සෝභිත හිමියන්ගේ නිරුවත

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සිරසෙන් සෝභිත හිමියන්ගේ නිරුවත

Shobitha_LNW.jpg

සිරසෙන් පෙන්වු සෝභිත හිමියන්ගේ නිරුවත

පසුගිය බදාදා සිරස රූපාවාහිනියෙන් විකාශනය වූ සටන සජීවී දේශපාලන සංවාදය සඳහා සහභාගී වූයේ මදුළුවාවේ සෝභිත හිමියන් , ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා , සහ කෝනල් පෙරේරා යන මහත්වරුන්ය. එහිදී මාදුළුවාවේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුවට කුඩු වෙළෙන්දන්, ස්ත්‍රී දූෂකයින් , මංකොල්ලකරුවන් පත් නොකර වැදගතුන් , බුද්ධිමතුන් යැවීමේ වැදගත් කම පෙන්වා දුන් අතර සාධාරණ සමාජයක් , ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කරගත හැක්කේ එලෙස පමණක් යයිද අවධාරණය කළහ. උන් වහන්සේ ආයාසයෙන් මවාගත් මුහුණින් යුතුව ඉතා අලංකාරව ප්‍රසිද්ධියේ එසේ පැවසුවද තිරය යට තිබුනේ ඊට වඩා අවලස්සන කතාවකි.
එදින සංවාදය සඳහා එක්සත් ජනතා නිදහස් සංධානය පාර්ශවයෙන් සහභාගිවන්නට සිටියේ යුතුකම සංවාද කවයේ සභාපති මෙන්ම ජාතික එකමුතුවේ කැඳවුම්කරු ගෙවිඳු කුමාරතුංග මහතාය.
නමුත් සෝභිත හිමියන් සිරස බලධාරීන්ට දන්වා ඇත්තේ ගෙවිඳු කුමාරතුංග මහතා සහභාගී වන්නේ නම් උන් වහන්සේ සංවාදය සඳහා සහභාගී නොවන බවයි. අවසානයේ දීර්ඝ සාකච්චාවකින් පසුවත් සෝභිත හිමියන්ගේ විරෝධය හමුවේ ගෙවිඳු කුමාරතුංග මහතාට වැඩසටහනට සහභාගි විය නොහැකි විය.
අපට මෙහිදී පැන නගින ප්‍රශ්නය නම් කුමාරතුංග මහතා සහභාගී වීම සොභිත හිමියන්ට නයාට අඳුකොළ බඳු වූයේ ඇයිද යන්නයි.
ස්ත්‍රී දූෂකයන් , මං පහරන්නන් , කුඩු වෙළෙන්දන් ගැන කතා කරන තැනකට ඔහුගේ සහභාගි වීම නොගැලපේයැයි සෝභිත හිමි සිතුවේ කෙසේද? ඒ එකඳු කුලකයකටවත් අයත් නොවන්නකු හා සංවාද කිරීම තේරුමක් නැතැයි උන් වහන්සේ සිතුවෙහිද?

එදා අසූව දශකයේ චින්තන පර්ෂයද පිහිටුවද්දී සෝභිත හිමියන් එහි සභාපතිධූරය දරද්දී එහි සිටි ලාබාලම සාමාජිකයා වූයේ කුමාරතුංග මහතාය. එතැන් පටන් ත්‍රස්තවාදයට එරෙහිව සෝභිත හිමියන්ලා සමග සෑම පෙරමුණකම ක්‍රියාකාරීව සහභාගිවූ ඔහු එයට වන්දි වශයෙන් ජේ ආර් ආණ්ඩුවෙන් සිර දඬුවම් පවා ලැබීය.එලෙස ත්‍රස්ත විරෝධී බෙදුම්වාදී විරෝධී ස්ථාවරයක සිටි සෝභිත හිමියන් එදා බෙදුම්වාදීන්ගේ ප්‍රමුඛ ඉලක්කය බවටද පත්ව තිබිණ. [එදා තම්බයියා මහතා ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාන්විත වලට එරෙහිව බෞද්ධ මනස සකසන්නට ලියූ ‘බුදු දහම පාවාදීම’ නම් පොතේ පිට කවරයට පවා යොදා ගත්තේ සෝභිත හිමියන් උද්ඝොෂණයක සිටින ජායාරූපයකි. ඒ එදා බෙදුම්වාදයට එරෙහි සංඛේතයක් ලෙස උන්වහන්සේ සැලකූ අවධියේය.]
නමුත් පසුව තත්වය සම්පූර්ණ කණපිට ගැසිණ.එදා බෙදුම්වාදයට එරෙහි ස්ථාවරය සිටි සෝභිත ස්වාමීන්වහන්සේ කෙමෙන් ඒ ස්ථාවරයෙන් පසු බැස බෙදුම්වාදීන් එකට එක පෙළට සිට ගති.
එදා උන්වහන්සේගේ ප්‍රතිවිරුද්ධ පිලේ සිටි රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන්ගේ, සාම වෙළෙන්දන්ගේ , බෙදුම්වාදී ආචාර්‍යවරුන්ගේ දේශපාලන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට අද උන් වහන්සේගේ කෝට්ටේ නාග විහාරය පත් වන්නේ එලෙසිනි. ඒ ‘ප්‍රභාකරන්ගේ මස්සිනාලා’ උන් වහන්සේගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය නම් ව්‍යාපාරයේ මුල් පුටු හොබවන්නේ එබැවිනි.
කෙසේ හෝ එදා ජාතිකවාදී පිලේ සිටි සෝභිත හිමියන් අවසානයේ බෙදුම්වාදීන්ගේ හුරතලකු වී ජාතිකවාදින්ගේ සතුරෙකු බවට පත් විය. අවසානයේදී සිංහලයා පැරදවීමට සොභිත හිමියන්ගේ මූලිකත්වයෙන් ඇති සාධාරණ සමාජයක් සඳහා වු ව්‍යාපාරයට විභවයක් ඇතැයි කීමට තරම් සිංහල බෞද්ධකමේ සතුරන් ධෛර්‍යමත් වූයේ සෝභිත හිමියන්ගේ ඒ ලැජ්ජා සහගත පාවා දීම නිසාය.
(‘අපි මාදුළුවාගේ හිමි ජනාධිපතිවරණෙට ගේන්නේ සිංහලයා පරද්දන්නයි’ – නිර්මාල් රංජිත් )

පසුගිය සිරස රූපවාහිනී වැඩසටහනට ගෙවිඳු කුමාරතුංග මහතා සහභාගිවීම වැලැක්වීම අප තේරුම්ගත යුතේ ඒ සන්ධර්භය සමග එකට සලකාය. එදා බෙදුම්වාදයට , ත්‍රස්තවාදයට එරෙහිව එකට ක්‍රියාකල ඔවුන්ගෙන් අද වන විට කණපිට ගැසී ඇත්තේ කවුද යන්න ඒ සංවාදය පැවතියේනම් තවත් හොඳින් පැහැදිලි වන්නට තිබිණ. එවැනිම අවස්ථාවක් ජනාධිපතිවරණය අවසන් වීමත් සමගම පැවති දෙරණ රූපවාහිනී සංවාදයකදීද අප අත් දැක්කෙමු.

කොටි ත්‍රත්ස්වාදී නායකයාගේ ශුක්‍රාණුවකින් අලුත් ලෝකයක් තන්නනට බලා සිටින කුප්‍රකට ටියුෂන් ගුරු සන්නස්ගල මහතා සමග එදා උන් වහන්සේ සහබාගී වූ අතර එදා ගෙවිඳු කුමාරතුන්ග මහතා නැගූ තර්ක හමුවේ නිරුත්තර විය. මෙදා පැමිණියත් සිදුවන්නේ ඒ ටිකම බව උන් වහන්සේට වැටහෙන්නට ඇති. තමන් වහන්සේ නිතර දෙසන අන් මත දැරීමේ අදහස, විවේචන ඉවසීමේ පුරුද්ද , ප්‍රජාතන්ත්‍රවාදය , සාධාරණ සමාජය ආදී සංකල්ප බල්ලට දාමා තමන් වහන්සේ සතු අධිකාරී බලය යොදා කුමාරතුංග මහතාගේ සහභාගීත්වය වැලැක්වූයේ එබැවිනි.
බලය අයුතු ලෙස පාවිච්චියට එරෙහිව මාරාන්තික අරගලයක සිටින්නේ යැයි කියන උන් වහන්සේ භික්ෂුවක් ලෙස ඇත් කරගෙන සිටින සිවිල් බලය පාවිච්චි කර මෙලෙස තම අදහසට විරුද්ධ මතය පොඩි පට්ටම් කර දමන්නේ නම් මුන් වහන්සේම වරක කියූ පරිදි විධායක ජනාධිපතිධූරය වැනි පදවියක සිටියේ නම් ඇතිවන තත්වය සිතා ගැනීම අපහසු නැත.
‘කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා’ යනුවෙන් අපේ ගැමි වහරක් ඇත්තේ මෙන්න මෙවැනි අවස්ථාවන් පැහැදිලි කර ගැනීමට විය යුතුය.
 

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    ගෙවිඳු කියන්නෙ කිසිම විනීත සOවාදයක හැසිරෙන්න දන්නෙ නැති වාචාලයෙක්. උගෙ වැඩේ අනිත් අයට බධා කරන එක. නියම බයියෙක්
     

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    මෙන්න දිල්වාලේ පොහින්දගේ රැලියකට ගොස්. බලහන්කො ගොන් බයියන්ගෙ වහල්කමේ හැටි. පෝස්ටරේට හරි තොල දාන්නමයි දගලන්නෙ :lol::lol::lol::lol:

    Mahinda-Nugegoda.jpg

     

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    දිල්වාලේ...... දිල්වාලේ....... කෝ මේ දිල්වාලේ........????
    අනේ කියන්න දිල්වාලේ ඔයා මෙහෙම ලිදේ වැටුනෙ කොහොමද කියල
    කරුණාකරල.......

    donkey_in_well.jpeg

     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    දිල්වාලේ...... දිල්වාලේ....... කෝ මේ දිල්වාලේ........????
    අනේ කියන්න දිල්වාලේ ඔයා මෙහෙම ලිදේ වැටුනෙ කොහොමද කියල
    කරුණාකරල.......

    donkey_in_well.jpeg



    දිල්වාලේ ජබුක් :lol::lol::lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සෝබිත හාමුදුරැවොත් එදා හොදට නානවා ගෙවිදු ආවනම්....
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    niakan eka eka pethi ganne nethuwa kattiya poddak mewa gena hodata hoyala beluwoth neda honda???

    Upulage thakku mukku wela inna heti dekkada??
    kochchara igena gaththath mewata denna unta uththara ne neda??
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සෝබිත හාමුදුරැවොත් එදා හොදට නානවා ගෙවිදු ආවනම්....

    niakan eka eka pethi ganne nethuwa kattiya poddak mewa gena hodata hoyala beluwoth neda honda???

    Upulage thakku mukku wela inna heti dekkada??
    kochchara igena gaththath mewata denna unta uththara ne neda??
    :yes::yes::yes::yes: ඔය සොබිත හාමුදුරුවොත් එක්කෝ ඕනේ නෑ..:growl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගෙවිඳු කියන්නෙ කිසිම විනීත සOවාදයක හැසිරෙන්න දන්නෙ නැති වාචාලයෙක්. උගෙ වැඩේ අනිත් අයට බධා කරන එක. නියම බයියෙක්

    ඔව් ඔව් හොදට රිදෙනවා ඇත්ත කියනකොට:rofl: