සිරස ගැන ඔබ නොදත් දේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරස ගැන ඔබ නොදත් දේ

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සඳහා සිරස නාලිකාව වැටුප් ගෙවමින් නඩත්තු කරමින් සිටිනබව වාර්තා වේ.

    එම එක් මන්ත්‍රීවරයෙක් වනුයේ පුරවැසි පෙරමුණේ මහලේකම් වන ජේ ශ්‍රී රංගා මහතාය.අනෙක් මන්ත්‍රීවරයා දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

    මොවුන් දෙදෙනාට සිරස නාලිකාව විසින් වැටුප් ගෙවනු ලබන්නේ රාජා මහේන්ද්‍රන් ගේ ව්‍යාපාරික කටයුතු සාධාරණිකරණය කිරීම සඳහා පෙනී සිටීම වෙනුවෙන්ය.

    මෙයට අමතරව ශ්‍රීලංකාව තුල ඉන්දියානු මානසිකත්වයක් ඇති කිරීමට සිරස නාලිකාව පිඹුරුපත් සකසා ඇත.

    මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්දියාවේ රෝ රහස් ඔත්තු සේවය මගිනි.මෙහි අරමුණ වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රීලංකාව තුල බලාත්මක කිරීම හා ඉන්දියාව මගින් ඉදිරිපත් කරන යෝජනා වලට මහජන මතය සකස් කිරීම සඳහායි.

    13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය බෙදිය යුතු බව පවසමින් ප්‍රවෘති හා වෙනත් විශේෂාංග ප්‍රචාරය කිරීමට රෝ ඔත්තු සේවය මුදල් යොදවා ඇත.එමෙන්ම ශ්‍රිලංකාවේ විකාශය කරන හාස්‍යජනක නාට්‍ය දෙමලෙන් හඬ කවා ඉන්දියාවේ ප්‍රචාරය කිරීමටද කටයුතු යොදා ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විසින් ආරම්භ කිරීමට නියමිත මව්බිම පුවත්පත සඳහාද ඉන්දීය රෝ සංවිධානයෙන් හා රාජා මහේන්ද්‍රන් මහතාට අයත් මහරාජා සංවිධානයෙන් මූල්‍යාධාර ලැඛෙන බව වාර්තාවේ.

    ඉන්දියානු මතය ශ්‍රී ලංකාලව තුළ ස්ථාපිත කිරීම සහ චීනයට වඩා ඉන්දියාව ශ්‍රී ලංකාවට උපකාරී වන රාජ්‍යය බවත් ජනතාවට ඒත්තු ගැන්වීමට මෙම පුවත්පත මගින් එකඟවී ඇත.

    මෙම පුවත්පත සඳහා වෙනත් පුවත්පත්වලින් බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අති විශාල වැටුප් ගෙවීමට මුදල් ලැඛෙන්නේද ඉන්දීය රෝ සංවිධානයෙන් බවට විශ්වාසදායි ආරංචිමාර්ග සඳහන්කර සිටියි.
     
    • Like
    Reactions: charith05

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔය කොයි කවුරුත් අපට ආදරේ නැහැ
    ඒක ඇත්ත...චීනයවත් ඉන්දියාවත් අපිට ආදරේ නෑ
    අපි කළයුත්තේ ඔය දෙගොල්ලොන්ගෙන්ම යැපෙන්නෙ නැතිව ස්වාධීනව ගොඩයන එක:yes: