සිරස ටීවී, බන්දුල සහ බුද්ධශාසනයේ අනාගතය
ඇමති බන්දුල ගුණවර්ධනයන් පැවැත්වූ දානයක් ගැන සිරස ටීවී එක විකාශය කළ වැඩසටහනක් සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබෙන්නේ එය හුදු දේශපාලඥයෙකුට කළ නිග්‍රහයක් නොව සමස්ත බෞද්ධ සම්ප්‍රදායටම එල්ල කල මරු පහරක් බැවිනි. බන්දුල ගුණවර්ධනයන් තබා දුටුගැමුණු මහ රජතුමාට වුවද කවුරු හෝ පුද්ගලික හෝ දේශපාලන කෝන්තරයක් නිසා පරිභව කළාට අපිට කම් නැත. නමුත් එමගින් ශාසනයට හානියක් වෙනවානම් ඒ ගැන කතා කළ යුතුය. ඉතින් එම සිදුවීම ගැන අපි මෙලෙස විශ්ලේෂණය කර බලමු.
[1] මුලින්ම ඔවුන් පවසන්නේ “මේ පාසල කේන්ද්‍ර කරගනිමින් සිදු වන්නා වූ දෑ අනුව එමගින් අධ්‍යාපන ක්ශේත්‍රයට හඳුන්වා දීමට යන සංස්කෘතිය ප්‍රශ්න කළ යුතු බවයි”. නමුත් දානයක් දීම බෞද්ධයින්ට සංස්කෘතික ප්‍රශ්නයක්ද? සමහර විට අන්‍යාගමික මූලධර්මවාදීන්ට නම් මේ බෞද්ධයින් කරන දානමය පින්කම් ප්රශ්නකාරී විය හැකිය. බෞද්ධයින්ගේ දානමය කටයුතු ප්‍රශ්න කිරීමට සිරසට ඇති අයිතිය කුමක්ද? දස පුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, දස රාජ ධර්මය මෙන්ම දස පාරමිතා වලද ප්‍රමුඛස්ථානය ගන්න “දානය” සෑම බොදු දරුවෙක්ම පළමුවම ප්‍රගුණ කළ යුත්තකි. ඉතින් මේ සිරසක් නැති සිරස ප්‍රශ්න කරන්නේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයාට හඳුන්වා දුන් තවමත් සුරැකී පවතින බෞද්ධ සංස්කෘතිය නේද?
[2] මීට දින 55 කට පෙර විවෘත වුන පාසලක දානයක් දීමට තරම් සාධාරන නිමිත්තක් නැති බවද ඔවුන් පවසයි. නමුත් ඕනෑම බෞද්ධයෙක්ගේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේදී දානයක් දෙන බව සිරසේ ලොක්කන් දන්නේ නැද්ද? නැත්නම් ඔවුන්ගේ සිරසේ දෝශයක්ද? අනික් අතට දානයක් දීමට නිමිත්තක් අවශ්‍යද? ඒ නිමිත්ත කුමක්ද?
[3] දානයක් දීමට මහජන දිනය වෙන් කිරීමද සිරස විසින් ප්‍රශ්න කර ඇත. නමුත් සිරසේ සිටින අන්‍යාගමික මිසදිටුවන් නොදන්නා දේනම් දානයක් දීම මහජන සේවාව කිරීමට වඩා උසස් දෙයක් බවයි. බුදුරදුන් වදාල අට මහා කුසල් අතර සාංඝික දානයද ඇතුලත් වෙන නමුත් මහජන සේවාව ගැන සඳහන්ව නැත.
කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. ඉතින් සිරස ජඩමාධ්‍යවේදීන් බුදු බණටත් අභියෝග කරනවාද?
[4] එසේම මෙම දානය සිදු කළේ කිසියම් අයෙක්ගේ හෝ පිරිසකගේ පෞද්ගලික ධනයෙන් බව සිරස පිළිගනී. එය පෞද්ගලික දානයක් නිසා එහි වරදක් නැතිලු. නමුත් ඔවුන් නොකීවා වුනාට හුණුපිටිය ගංගාරාමය, කැළණි රජ මහා විහාරය වැනි විහාරස්ථාන වලින් දන් දෙන්නේ මහජනයාගෙන් එකතු කරගත් මුදලිනි. එසේනම් සිරසට අනුව මහජන මුදලින් දන් දන් දෙන ඒ පින්කම් පවා වැරදි විය යුතුය.
[5] ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණි වාහන වලට ඉන්ධන සැපයීමේ දන්සැලක් තිබුනේ නැති බවද සිරස පවසයි. නමුත් පින්කමක් සඳහා මහජන මුදල් යෙදවීම වැරදිද? වෙස්සන්තර ජාතකය අසා අපි පහන් සිත් ඇති කර ගන්නෙමු. නමුත් සිරස ජඩමාධ්‍යවේදීන් මෙලෙස අසාවි. “වෙස්සන්තර රජතුමා දන් දුන්නේ තමන් දාඩිය මාන්සියෙන් හම්බු කළ ධනයද? රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දන් දීම මහජන දේපල කොල්ලයක් නොවේද?” ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පැවැත්වුන ධාවන තරගයේ ඉන්ධන ගැනවත් සිරස කතා කළේ නැත. මෙම නිලධාරීන්ම ඔවුන්ගේ පුද්ගලික ගමන් සඳහා පින් කමට වැය වුන ඉන්ධන මෙන් තිස් ගුණයකට වඩා ඉන්ධන මසකට වැය කරන බව නොරහසකි. ඒවා ගැන තර්ක නොකළ සිරස, දානය සඳහා වැය වූ ඉන්ධන ගැන කතා කරන්නේ ඇයි? නමුත් සිරසේ අලුත්ම නීතියට අනුව දානයක් දීමේදී ඉන්ධන දන්සැලක්ද ඒ අසල පැවැත්විය යුතුය. මෙය බුද්ධශාසනයේ චිරාගත සම්ප්‍රදායටම කළ සාපරාධී අපහාසයකි.
මෙවැනි බොලඳ තර්ක ගෙන එන සිරස පවසන්නේ රාජ්‍ය දේපල කිසි විටෙකත් බෞද්ධ පුන්‍ය කටයුතු වලට යොදා නොගන්න කියන එක නේද? අනෙක් අතට රාජ්‍ය නිලධාරීන් විසින් කරන වර්ශාවසාන විනෝද සවාරි සහ
[6] සිරස පවසන පරිදි පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන අකර්මන්‍ය කළේ රාජ්‍ය නිලධාරීන්නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත. නමුත් “දන් දීමේ පින් කම් වලට තිත තැබිය යුතුය” යන්න බරපතල ප්‍රකාශයකි. පින්කම් කිරීම බෞද්ධයින් පමණක් නොව අන්‍යාගමිකයින් පවා සිදු කරන දෙයකි. පින් කම් වලට තිත තැබීමට හදන සිරස පැතිරවීමට යන දෘශ්ඨිය කුමක්ද?
[7] මෙම දානයේ පසුබිම ගැන සලකා බැලුවොත් බන්දුල ගුණවර්ධනයන්ට අනුව තම මෑණියන්ට පුන්යෝදනාවක් වශයෙන් තම ජන්ම දිනයේදී පවත්වා ඇත. නමුත් මැතිවරණයක් ආසන්නයේදී පැවැත්වූ නිසා මෙමගින් දේශපාලන වාසියක් ලබෙන බව සත්‍යකි. අනෙක් අතට මැතිවරණයට පෙර මෙම පුවත විකාශය කර සිරසද තමන්ගේ දේශපාලන න්යායපත්රය ට අනුව කටයුතු කර ඇති බව පෙනේ. නමුත් දේශපාලන වාසි තකා සමහර බලවතුන් කරන අරක්කු සාද ගැන විවේචනය නොකළ සිරස විසින් දානයක්ම විවේචනය කරන්නේ ඇයි?
[8] ලොකුවට මහන්සි නොවී, පිනක් කරන්න පුලුවන් ක්‍රමයක් තමයි අනුමෝදන් වීම. සිරස බළල් අතට ඒ හැකියාව නැති බව පෙනේ. ඔවුන් කර ඇත්තේ දානයක් ගැන වැරදි චිත්‍රයක් මවමින් එයට සම්බන්ධ වුන අයගේ පවා සිත් දූෂණය කරමින් අකුසල් අනුමෝදම් කිරීම නේද?
[9] දානයක් වළක්වනවා නම් දානය පරිභෝජනය කරන පැත්තට කරන්නේ විපතක්. දායකයාට කරන්නෙත් විපතක්, ඊලඟට ද්වේෂ සහගතව සිතිවිලි හසුරුවලා තමනුත් පව් කරගන්නවා. මේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම දානයක් වළක්වන්නේ ‘හොරෙක්’ කියලා.
[10] පින් දහම් රැස් කරගැනීම යනු දරුවන්ට පෙළ පොතින් ඉගැන්විය හැකි දෙයක් නොවේ. එනිසා මෙය දරුවන්ට කරන ලද මහත් සේවාවකි. පින් දහම් කිරීමාට විරුද්ධ වීම පසුපස ඇත්තේ කුමන බළල් අතක්ද යන්න ජනතාව දනී. පාසලක් ඇරීම යනු සිර ගෙවල් සියයක් වැසීම ලෙස දක්වන්නේ පාසලෙන් උගන්වන ශාස්ත්‍රීය විශයන් නිසා දරුවන් යහමගට යාමට අමතරව දන් දීමට ඉගැන්වීම වැනි ධාර්මික කටයුතු නිසාද සමාජය යහපත් වන බැවිනි.
[11] සමාජය යහපත් කිරීමට විරුද්ධ සිරස කරන්නේ හැකි තරම් ඉන්දියානු මෙගා නාට්‍ය පෙන්වමින් ඒවායේ ගැටුම් උලුප්පා දක්වමින් සමාජයේ ක්‍රෝධය සහ වෛරය ඇති කිරීම නේද? මනෝ වෛද්‍ය විශේෂඥ ඩී වී ජේ හරිස්චන්ද්‍ර මහතා සහ තවත් බොහෝ මනෝ විද්‍යාඥයින්ට අනුව මෙම රූපවාහිනී නාලිකා වලින් පෙන්වන ප්රචන්ඩත්වය සමාජයට ඉතාමත් හානිකරය.
[12] සිරස මාධ්‍ය ජාලයේ අතීතය ජනතාවට තවමත් අමතක නැත. රණවිරුවන් කිලිනොච්චිය ජයග්‍රහණය කරද්දී සිරස කළේ කොළඹ කිසිවෙකුට හානියක් නොවී පිපිරී ගිය බෝම්බයක් ගැන පැය බාගයකට වරක් පුවත් විකාශය කරමින් අර කිලිනොච්චි ජයග්‍රහණය ජනතාවගෙන් වසන් කිරීමට නින්දිත උත්සාහයක් ගැනීමය. එසේම මානුශික මෙහෙයුම දිනවලදී සෑම පුවත් ප්‍රකාශයක් ආරම්භයේම සිරස ගුවන්විදුලිය “යුද්ධයක් දිනූ රටක් නොමැත” කියමින් ත්‍රස්තවාදීන්ව පැරදවීමට බැරි බවට ජන මතයක් ඇති කිරීම දිගටම කළේය. ඉතින් ඒ දිනවල සිරස මාධ්‍ය ජාලයේ න්යායපත්රය කුමක්ද යන්න අලුතෙන් කීමට අවශ්‍ය නැත.
[13] කවුරුන් තරහා වුවද සිරස නරඹන උදවියගෙන් අති බහුතරයක් බුදු දහමට වඩා එක් පක්ෂයක් ඔළුව උඩ තබගෙන ඇති බව පැවසිය යුතුය. ඉතින් ඒ අනුව සමාජය ප්‍රධාන වශයෙන් දේශපාලන පිල් දෙකකට බෙදී ඇත. සිරස ඕනෑම ජරා වැඩක් කළ විට සහ තවකෙක් ඒ වැඩේ විවේචනය කළ විට සිරස නරඹන උදවිය දේශපාලන කණ්නාඩිය දමාගෙන සිටින නිසා ඔවුන්ට එය පෙනෙන්නේ සිරස විවේචනය කිරීම යනු තම දේශපාලන පක්ෂයද විවේචනය කිරීමක් බවයි. ඉතින් සිරස ටීවී එකේ ප්‍රේක්ෂකයින් සිරස විසින් කරන ඕනෑම සදාචාර විරෝධී දෙයක් සාධාරණීකරණය කිරීමට සහ තමන්ද එය සාධාරනීකරණය කර ගැනීමට සැදී පැහැදී සිටියි. උදාහරණ ලෙස සිරස ගෙන ආ එම පුවත සාධාරණීකරනය කරගත් උදවිය ඉදිරියට කිසිදු රජයේ දේපලක් හෝ රාජකාරී කාලයෙන් බිඳක් දානයක් දීමට යොදා නොගනීවි. ඉදිරියේදී කිසිදු රාජ්‍ය ආයතනයක දානයක් දීමට පවා මේ උදවිය විරුද්ධ වේවි. ඒ අනුව මෙවැනි පුවත් විකාශ යොදා ගනිමින් බුදු දහමින් තම ප්‍රේක්ෂකයාව ටිකෙන් ටික ඈත් කරන බව කාටවත් නොතේරේ. ටිකෙන් ටික පටන් ගන්නා මේ ක්‍රියාවලිය පසුව දළදා පෙරහැර විවේචනය කර එතැනින්ද නොනැවතී සමස්ත බුද්ධ ශාසනයම ජනතාවට එපා කරන තැන දක්වා දුර දිග යාවි.
කරුණාවෙන් සලකන්න:-
මෙය උපුටා ගෙනිමකි.
මෙය මම අපේ අනිත් අගම් වල සහොදරයන්ට කරන අපහසයක් හො නින්දාවක් නොවේ. ඔව්න් සමග අපගේ කිසිම තරහක් හො වයිරයක් නොමැත. මෙය හුදෙක් බෞද්ධයන්ගේ විමසුමට පමණි.
එසේම මේ ත්‍රෙඩ් එක නිසා මම ජාතිවදියෙක් නොවේවා කිය පතනවා.

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!
Last edited: