සිරස මට ඇණ ගහනවා-රනිල්

ekrox

Member
Sep 11, 2009
577
22
0
සිරස මට ඇණ ගහනවා-රනිල්

ඊයේ පස්වරුවේ කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ පැවති හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාගේ 104 වන ජන්ම දින සැමරුමට එක්වෙමින් රනිල් අපූරු ප්‍රකාශයක් කලා.



"දැන් ගිය මාසේ සිරස පෙන්නුවා ආරියවතීට ඇණ ගහපු එක. මේ මාසේ සිරස මට ඇණ ගහනව. මුලු මාධ්‍යම කතා කෙරුවා මම ගිහින් ජනාධිපති හම්බවෙලා කේක් කාලා තේ බිව්වා කියල. ඉතින් මම කිව්ව මේක බොරු, මම තේ බිව්වෙ නෑ, මම කලු කෝපි ගත්තා සීනී නැතුව. දැන් මගෙන් අහනව මොන කෝපිද ගත්තෙ කියල."

එයට අදාල වීඩියෝව

සිරස හා රනිල් ගේ අමනාපයට හේතුව රෝසිද?
රනිල් දෙරණටත් බැන වදී

 
Last edited by a moderator:
Deshapalanaya kiyanne amuthuma deyak..!!! mona unath Dinana pattat,paradina pattat hamadama karanne minissunta boru kiyala minissu ravattana eka.

Onna apinam oya eka pakshayakatavath ne.

katavath kahinne nathuva thamange dinuvata vadak palak karaganna eka thamai hodama de..!! :yes::yes::yes::yes: :cool::cool::cool::cool:
 

topedo

Banned
Jun 27, 2010
343
34
0
විශේෂයෙන්ම රනිල් මහින්ද හමු වීමේ කිසි වැරද්දක් නෑ.මහින්ද මිනිහට එන්න කීවේ අගමැති ව්‍යවස්තාවක් සකස් කරන්න ඔහුගෙන් අදහස් ගන්න.මහින්ද හිතුවේ නෑ රනිල් එයි කියලා.මහින්දට ඕන වුනේ රටට පෙන්නන මම විධායක අගමැති ව්‍යවස්තාවට කැමතියි, නමුත් මම විපක්ෂය ආරාධනා කරා ඒ ගැන සාකච්චාවකට.ඒ ගොල්ලෝ ඒකට සහයෝගය දෙන්නේ නැති නිසා මම විධායක ජනාධිපති ව්‍යවස්තාව දිගටම ගෙනියනවා. නමුත් රනිල් මේ විධායක අගමැති ක්‍රමයට සහය දෙන්න ආපූ නිසා මහින්දට මේ තුරුම්පුව නැති වුනා.අන්තිමට ඔහුට ඒකාධිපති හංවඩුව ගහගෙන මේක කරගන්න වුනා .
රනිල් මේකට ගියා නොගියා කියලා මේ මංත්‍රීවරු පක්ෂ මාරු කරන එක නවත්තන්න බෑ.මොකද සල්ලි ගෙවනවනම් මොකා හිටියත් මුන් පනිනවා.එක්සත් ජාතික පක්සේ ප්‍රතිසංස්කරන අරන් ගිය හිටපු මංත්‍රීවරු ඔක්කොම බැසිල්ගේ ජරාව කාපු මිනිස්සු.මේ සේරමට ඕන වුනේ නායකත්වය වෙනස් කරන්න නෙවෙයි.පක්ෂයේ ප්‍රශ්න ඇති කරන්න.එහෙම නැත්නම් රාජපක්සලාට වන්දිභට්ටකම් කරන නායකයෙක් පත් කරන්න. ඉස්සෙල්ලාම රාජිතලව අල්ලගත්තා.උන් ටික ආණ්ඩුවට අරන් ඊටපස්සේ ජොනියවයි ,ලක්ෂ්මන්වයි අල්ලා ගත්තා ප්‍රතිසංස්කරන මෙහෙයවන්න.ජොනියා එක්සත් ජාතික පක්සේ මංත්‍රීන්ට ගහන්න ගියා ආන්ඩුවෙන් ජරාව කාලා ප්‍රතිසංස්කරන මෙහෙයවනවා කීවාම.අන්තිමට රාජපක්ෂ ආන්ඩුවම ජොනියගේ ජනධිපති ඝාතන කැසට් පටිය එලියට දැම්මා.ඌව බ්ලැක් මේල් කරලා.ලක්ෂ්මන් කීවා ගැහුවත් පක්ෂේ අත අරින්නේ නෑ කියලා.නමුත් නිකංම අන්ඩුවට ගියා.දැන් මේ ගොල්ලෝ දයාසිරිව අල්ලගෙන මේක ගෙනියනවා.මේක අතීත සිද්දීන් නිසා එක්සත් ජාතික පක්සේ මිනිස්සු දන්නවා.ඒක හිංදා කොච්චර දුර්වල වුනත් උන් රනිල්ට කැමතියි.සජිත් කියන්නෙත් තව හොරාකන මිනිහෙක් විතරයි මිනිහගෙ තාත්තා වගේ.මිනිහගේ තාත්තාත් එක්සත් ජාතික පක්සේ කල්ලි ඇති කරපු එක තමයි කරේ.ලලිත්ලට ,ගාමිනීලට තැන දෙන්නේ නැතිව පක්ෂේ කෑවා.අනවශ්‍යය විදිහට සිංහල කොල්ලෝ පරවල් වල පුච්චලා ජනපදනම විනාශ කරා.ප්‍රේමදාස මැරෙනකොට රටේ මිනිස්සු අවුරුද්දටත් වැඩිය රතිඤ්ඤා පත්තු කරා.
පහුගිය ජනාධිපතිවරනයට ඉට්දිරිපත් වුනේ ලංකාවේ හිටපු ජනප්‍රියම මිනිහා සරත් ෆොන්සේකා.මහින්දගේ ප්‍රචාරක ව්‍යාපාරය මිනිහා දවසෙන් ද්‍රොහියෙක් කරා.ඉතිං මිනිහටත් බැරි වුන එක මොකා හිටියත් බැහැ.මොකද යුද්දේ වාසිය අණ්ඩුවට තිබුන නිසා.නමුත් දැන් තියෙන්නේ මහින්දගේ බහින කලාව.මොකද රටේ ආර්ථිකය එන්න එන්නම පිරිහෙනවා.මිනිස්සුන්ගේ පඩි වැඩිවෙන්නේ නෑ.බඩු ගනන් යනවා.ඒක නිසා එක්සත් ජාතික පක්සේ ප්‍රතිසංස්කරන එක මෙහෙයවන්න දයාසිරියා හොඳටම ජරාව කාලා.මේක තමයි තිත්ත ඇත්ත

 
  • Like
Reactions: b squad

topedo

Banned
Jun 27, 2010
343
34
0
මේ තාක් සියලූම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරන මෙහෙයවූයේ ,මෙහෙයවන්නේ අරලිය ගහ මන්දිරයෙන්.
මේක නිසා පක්ෂය දුර්වල වුනා.දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවශ්‍යය වෙලා තියෙන්නේ මේ කාලකන්නි ජරාව කාපු ප්‍රතිසංස්කරන කාරයන්ගෙන් පක්ෂය බේරා ගෙන මුන් මේකට ඇඟිලි ගහන එක වැලක්වීමයි.
බැසිල් රාජපක්ෂගේ, නාමල් රාජපක්ෂගේ අදහස් කෘත්‍යධිමන්ඩලයට ගේන මිනිස්සු වහාම පක්ෂයෙන් එලවන්න ඕනී.මුන් කොහොමත් පස්සෙ ආන්ඩුවට යනවා උන්ගේ සැලසුම් වලට අනුව.මුන් පක්ෂය බේද කරනවානම් තරතිරම නොබලා පක්ෂෙන් එල්වන්න ඕනී.සල්ලි වලට, බලයට කෑදර නැති යකඩ වගේ අවංක මිනිස්සු සහ කොල්ලොත් එක්ක පක්සය ඉදිරියට ගෙනියන්න ඕනී.