සිරාම වැඩ්ඩෙක්...
මේ නිව්ස් එක කියවපංකෝ..
යකෝ මූට අවුරුදු 17යි.
යන්තම් සා/පෙ ලිව්වා විතරයි..
මුං වගේ කොල්ලෝ හදලා නියම ඉගැනීමක් ලබාදීලා දවසක හොඳ තැනකට ගන්න ඕන.
යකෝ මූට අවුරුදු 17යි.
යන්තම් සා/පෙ ලිව්වා විතරයි..
මුං වගේ කොල්ලෝ හදලා නියම ඉගැනීමක් ලබාදීලා දවසක හොඳ තැනකට ගන්න ඕන.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුළුවී එහි දත්ත මකා ඉල්ලීම් සහිත පණිවිඩයක් ඇතුළු කළැයි සැකපිට කඩුගන්නාවේ පාසල් සිසුවෙක් (17) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
ඔහු සාමාන්‍ය පෙළ හදාරණ සිදුවකු බව ද පොලිසිය කියයි.
ජනපති නිල වෙබ් අඩවිය සිකුරාදා සවස අක්‍රීය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේම හැකරුන් කණ්ඩායමක් යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මුලින්ම සැක පළ කළේය. ඒ අනුව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. හැකර් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කළේය.
අගෝස්තු 25 වැනි සිකුරාදා මේ වෙබ් අඩවියේ පණිවුඩ මකා ශ්‍රී ලංකා තරුණයන් නමින් හඳුන්වාගත් පිරිසක් ඔවුන්ගේ පණිවිඩයක් සිංහලෙන් එහි ඇතුලත් කර තිබිණි.
අපොස උසස්පෙළ අප්‍රේල් මාසයේ නොතබන ලෙසත් ජනපතිට රට පාලනය කළ නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් සරසවි සිසුන්ගේ ප්‍රශ්න විසඳීමට වැඩිපුර අවධානය යොමු කරන ලෙසත් අගමැතිගේ ඇතැම් ක්‍රියා නවත්වන ලෙසත් එම කණ්ඩායම ජනපති වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී පළ කළ දැන්වීමේ සඳහන් වේ.
ජනපති වෙබ් අඩවියට මුල් ප්‍රහාරය බ්‍රහස්පතින්දාත් දෙවැනි ප්‍රහාරය සිකුරාදාත් එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්වයට පත් කළ බවත් රජයේ සයිබර් විශේෂඥයෝ පවසති.


