සිරිකෝටිස් අයියා - පළමු කතාව
(නිර්මල බුදුසමය)
සිරිකෝටිස් අයියා උස හීන්දෑරි හාදයෙක්. අවුරුදු 35 පැනල. වැඩක් පලක් කියල දෙයක් කළේ නැහැ. නිතරම කළේ හංදියේ කෝපිකඩේට වෙලා පත්තරය කියව කියව යන එන අය එක්ක කතාවට පැටලෙන එක. අපි ඉතිං හිච්චි එකලා විදිහට සිරිකෝටිස් අයියත් එක්ක කතාවට පැටලෙන්න හරි ආසයි. මොකක් හරි පොටක් පාදා ගත්තොත් උන්දැව දවසෙම කතාවට දා ගන්න පුළුවන්. ඉතිං මං එදා සිරිකෝටිස් අයියට මරු පොටක් පාදල දුන්නා.
මුලින්ම කියන්න ඕනේ ඒ වෙලාවේ ප්‍රශ්න ඇහුවෙ මං විතරක් නොවේ. තේගිරිස්, මාර්ටින්, විල්බට් වගේ ගමේ ඉන්න හොඳම රස්තියාදුකාරයන් ඒ වෙලාවේ කෝපි කඩේ හිටියේ. උනුත් ප්‍රශ්න ඇහුවා. කරුණ-අක්කගෙ පොඩි කෙලී කුසුම නංගිත් ප්‍රශ්නයක් ඇහුවා. ඉතිං ඒ සේරම වෙන වෙනම ලියන්න මට මතක නැහැ. මං මතක විදිහට ප්‍රශ්නයයි උත්තරයයි විතරක් කියන්නම්. සේරම මං අහපු විදිහට.
අපි සිරිකෝටිස් අයියට කතා කළේ, සිරි අයියා කියලා. නැති තැන කවුරුත් කිව්වේ සිරිකෝට්ටා කියල. මං හිතන්නේ උන්දැ කෙට්ටු හින්දා වෙන්නැති.
මං - බලන්නකො සිරි අය්යෙ, මේ බුද්ධඝෝස හාමුදුරුවන් ලංකාවට ඇවිත් අපේ තිබුණු නිර්මල බුදුදහම විකෘති කරල නේ?
සි - අම්ම පා. (සිරි අයියා මං දිහා ටිකක් වෙලා බලා හිඳල) ... ඉතිං බං ඒක උඹට ප්‍රශ්නයක් නෙවේ නේ.
මං - ඇයි බං අය්යෙ එහෙම කියන්නේ. ඒක විකෘති කළ නිසා නේ අපේ සාසනේටයි රටටයි මේ කල ගිහිං තියෙන්නේ.
සි - සාසනේටයි රටටයි ගිය කලක් මං දන්නැහැ කොලුවෝ... දැන් උඹ කියනවා නම් බුද්ධඝෝස හාමුදුරුවන් බුදුදහම විකෘති කළා කියලා, ඒකේ තේරුම උඹ දන්නවා, මොකද්ද ප්‍රකෘති දහම, එහෙම නැත්තං නිර්මල දහම කියල. එහෙම උඹ දන්න නිසා, උඹට තියෙන්නේ, අර විකෘති කොටස් අතහැරල ප්‍රකෘති දහම පිළිගෙන ජීවත් වෙන එකනේ.
මං - උඹ කියන්නේ යකාගෙ කතාවක් නේ. මං කොහොමද ප්‍රකෘති දහම දන්නේ. උන්වහන්සේ සේරම විකෘති කරල ඉවරයි නේ.
සි - මං ඈ.. යකාගෙ කතාවක් කියන්නේ. උඹනෙ දැන් මේ හතරබීරි කතාව කියන්නේ. මගේ හොඳ පුතේ, මේක අහපං. උඹ දන්නේ නැත්තං මොකද්ද ප්‍රකෘති දහම කියල, උඹ කොහොමෙයි හරියට කියන්නේ, බුද්ධඝෝස හාමුදුරුවන් මේක විකෘති කළා කියල.
(දැන් ඉතිං තර්ක ගොඩයි. හැමෝම එක එක ප්‍රශ්න අහනවා. සිරි අය්ය මෙන්න මෙහෙම උදාහරණයක් කියන්න ගත්ත)
දැන් හිතපං. අර පංසලේ දොරකඩ තියෙන සඳකඩපහණ. ඒක මීට අවුරුදු දහයකට කලින් තිබ්බ විදිහ මං දැකල තියෙනවා. ඒ නිසා, අද මං පංසල් ගියාම මට කියන්න පුළුවන්, ‘මේ සඳකඩපහණට අලුතින් කෑලි එකතු කරල. ඉස්සර තිබුණෙ මෙහෙමයි, දැන් තියෙන්නේ මෙහෙමයි’ කියලා. ආ..න්න ඒ වගේ. බුදුදහම මෙන්න මෙහෙමයි ප්‍රකෘතියෙන් තිබුණේ කියල උඹ දන්නවනං විතරයි, බුද්ධඝෝස හාමුදුරුවන් මෙහෙට ඇවිත් ඒක විකෘති කළා, මේන්න මේ කරපු විකෘති කියල උඹට කියන්න පුළුවන් වෙන්නේ. හැබැයි එහෙම කියන කොට, උඹ ප්‍රකෘතිය දන්න නිසා, විකෘතිය ගැන වදවෙන්න දෙයක් නැහැ. උඹට තියෙන්නේ ප්‍රකෘතිය පිළි-අරන් විකෘතිය අයින් කරන්න. ඉතිං ප්‍රශ්නය එතැනින් ඉවරයි.
මං - හරි අපි ඒක එහෙමයි කියමු කෝ. දැන් උඹ හිතංහං අය්යේ, කවුරු හරි කෙනෙක් නිර්මල බුදුදහම මේකයි කියල දැන ගත්තා. උන්දැ කියනවා, මේ..න්න මේකයි නිර්මල බුදුදහම. බුද්ධඝෝස හාමුදුරුවන් ඒක විකෘති කරල කියල. එතකොට උඹලැ පිළිගන්නවද ඒ කතාව ඇත්තක් කියලා.
සි - මට ඒක පිළිගන්න අමාරුයි කොලුවෝ. කාට හරි පුළුවන්නං කාලතරණය කරල අතීතයට යන්න, ගිහිං බලන්න බුද්ධඝෝස හාමුදුරුවන්ට කලින් ධර්මය තිබුණේ කොහොමද කියල, ආන්න එතකොට පුළුවන් හරියටම ප්‍රකෘතියයි විකෘතියයි දැන ගන්න. වෙන ක්‍රමයක් නැහැ.
මං - ඇයි බං අය්යේ, භාවනා කරල පුළුවන්නේ. එහෙම ඥානයක් ලබා ගෙන නිර්මල බුදුදහම තේරුම් ගන්න.
සි - ඈ යකෝ.. උඹ තෙලිජ්ජ බීලද? භාවනා කළහම ඒ විදිහෙ නිවැරදි ඥානයක් ලැබෙනවා කියල කොහෙද සහතිකයක් තියෙන්නේ? එහෙම එකක් තිබුණනං, ඔය ඉන්දියාවේ භාවනා කරපු හැමෝම අන්තිමට රහත් වෙලා හරි, අඩුම තරමේ බුදුන් සරණ ගිහිං හරි නතර වෙන්න එපැයි. එහෙම වුණේ නැහැ නේ. උන්දැල හැම එකාම, සාංඛ්‍ය, යෝග, මීමාංසා, වේදාන්ත වගේ දර්ශනවල තමයි නතර වුණේ. ඒ භාවනා නොකළ හින්දද? උන්දැලත් අවුරුදු ගාණක් භාවනා කළා. ඒ අතරින් කීප දෙනෙක් බෞද්ධත් වුණා. හැමෝම එහෙම වුණේ නැහැ. ඒ නිසා, භාවනා කළාම නිර්මල බුදුදහම ගැන අවබෝධය දඩිස් ගාලා ඔළුට කඩා වැටෙනවා කියල හිතං ඉන්නවා නම්, ඒක ඒ තරම් පිළිගන්න පුළුවන් කතාවක් නෙවේ.
මං - ඒ අයට ඒක බැරි වුණේ, ඒ අය නිවැරදි ක්‍රමයට භාවනා කරල නැති නිසා. හරියට විපස්සනා කළා නම් නිර්මල බුදුදහම වැටහෙන්න ඉඩ තියෙනවා.
සි - ඒ කතාවේ වැරදි දෙකක් තියෙනවා. එක. භාවනාවෙන් විතරක ඔය වැඩේ කරන්න පුළුවන්නං, බුදුහාමුදුරුවන් අවුරුදු 45ක් තිස්සේ සූත්‍ර 18000ක් විතර දේශනා කළේ අහවල් එහෙකටද? භාවනා කරන හැටි විතරක් කියල දුන්නනං අහවරයි නේ.
දෙක. දැන් උඹම කියනවා, බුද්ධඝෝස හාමුදුරුවන් ධර්මය විකෘති කළා කියලා. එහෙම නම් නිවැරදිව විපස්සනා වඩන හැටි ඉගෙන ගන්නේ මොකක් කියවලද? ඒක විතරක් බුද්ධඝෝස හාමුදුරුවන් විකෘති කළේ නැහැ කියලද කියන්නේ.
(ඊට පස්සේ කස්ටිය දිගට හරහට භාවනාව ගැන අහන්න ගත්තා. මං ඒවා ලියන්නේ නැහැ. මොකද කතාවෙන් පිට පනින නිසා. මං බොහෝම අමාරුවෙන් සිරිකෝටිස් අය්යව ආපහු කතාවේ නියරට ම ගොඩ දා ගත්තා)
මං - හරි දැං ඒකත් හරියි කියමු කෝ.. අපි දන්නෙත් නැහැ නිර්මල හරි ප්‍රකෘති හරි බුදුදහම මොකද්ද කියලා. ඒ වුණත් බුද්ධඝෝස හාමුදුරුවන් මේක විකෘති කරන්න ඇති කියන සැකය සාධරණයි නේද?
සි - ඒකත් සාධාරණ නැහැ කොලුවෝ. දැන් මෙහෙම හිතහං. මේ බුදුදහම තියෙන්නේ, නිවන් දකින්න. ධර්මය හරියට තිබුණොත් විතරයි ඒ මඟ පිළිපැදල මිනිහෙකුට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතිං බුද්ධඝෝස හාමුදුරුවන් ඇවිත් ධර්මය විකෘති කළා නම්, උන්වහන්සේගෙන් පස්සේ අපට කිසිම රහතුන්වහන්සේ නමක් ඉන්න විදිහක් නැහැ. බුද්ධඝෝස හාමුදුරුවන් හිටියේ පස්වන සියවසේ. පස්වන සියවසින් පස්සේ අපට රහතුන්වහන්සේලා ඉඳල නැද්ද? ඉඳල තියෙනවා නේ. ඔය දඹදෙණි, කුරුණෑගල යුගය දක්වාමත් හිටිය කියන්නේ. එහෙම වෙන්නේ කොහොමද මේක විකෘති කළා නම්. ඒ හින්දා ඒ සැකයට පිළිගත හැකි පදනමක් නැහැ කොලුවෝ..
මං - උඹ නං මාරයි අය්යේ, ඉඳහං කෝ මං තව ප්‍රශ්නයක් හොයා ගෙන ඇවිත් උඹව හම්බෙන්න.
ප.ලි.
සිරිකෝටිස් අය්යගෙන් අහපු ප්‍රශ්න තව තියෙනවා. ඒවා ටික ටික ලියන්නම්.
Copied from - Bertram Gregory Liyanage
FB - https://www.facebook.com/ liyanagebg/posts/pfbid0FS7b2qnFReeyjBDX6vxf82czWqG8h5NBQNyp6V18r61YEGD3ekY4nhQYf6asx6isl