බුද්ධඝෝෂ හිමියන් හෙළ අටුවා පාලියට නැඟීමෙන් අනතුරු ව ඇතෙක් බරට හෙළටුවා ගින්නෙන් දැවී විනාශ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එබැවින් අද අපට හෙළටුවා දැක ගැනීමට හෝ නොහැකි ය. මේ විනාශය සමහර විද්වතුන් අර්ථකථනය කරන්නේ කුමන්ත්‍රණයක් ලෙස ය. තවත් සමහරු මේවා කල්තබා ගත නොහැකි නිසා විනාශ කරන ලද බව පවසති. හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව මගේ හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි.එහෙම සඳහනක් තියෙනවද