සිරින්ජරයක්වත් ගන්න බැරි රටක්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ සිරින්ජර් ලක්ෂ 20 ක් ලබා දුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කියා සිටී.


    ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ප්‍රතිචාර දැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම හා අඛණ්ඩ එන්නත්කරණය සදහා සඳහා සිරින්ජ තොගය පිරිනැමූ බවද මේවායින් පළමු තොගය ඉකුත් 13 වන දිනත්, දෙවැනි තොගය 29 වැනිදා සවසත් මෙරටට ගෙන්වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


    මෙම ප්‍රදානයන් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය ලකා සිං මහතමිය ප්‍රකාශ කර සිටියේ මෙම තීරණාත්මක අවස්ථාවේදී කොවිඩ් -19 ප්‍රතිචාර දැක්වීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගීතාව ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කරන බවය.


    එසේම මෙම සිරින්ජර් ශ්‍රී ලංකාවේ අපේක්‍ෂිත එන්නත් කිරීමේ වැඩසටහනට තීරණාත්මක දායකත්වයක් ලබා දීමට හැකි වනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය කියා සිටින්නීය.


    මෙම සිරින්ජර් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීමට නියමිතය