සිරිපාදේ මැදින් මහේ කරුණාවේ

gepa

Well-known member
  • සිරිපාදේ මැදින් මහේ කරුණාවේ

    ශ්‍රී පාදස්ථානයට වන්දනාකරුවන් පැමිණෙන ප්‍රධාන මාර්ග තුනක් වේ. හැටන් මස්කෙළිය මාර්ගය රත්නපුර පාර හා කුරුවිට පාර යනුවෙනි.

    ශ්‍රී පාදස්ථානය අවට පදිංචිකරුවන් හා පරිසරය මැනවින් දන්නා අය එම ප්‍රධාන මාර්ග තුන හැර තවත් කෙටි මාර්ග වලින් අඩි පාර ඔස්සේ ද ශ්‍රී පාදස්ථානයට පැමිණේ. එවැනි කෙටි අප්‍රකට මාර්ග අටක් පමණ ප්‍රදේශයේ විහිදී ඇත.

    ශ්‍රී පාදස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ග තුනෙන් වඩාත් අසීරු කුරුවිට මාර්ගයයි. එහෙත් ඒ පරිසරයේ සුන්දරත්වය අසීමිතය. අතීතයේ සිටම ශ්‍රී පාදස්ථානයට පිවිසෙන වඩාත් ප්‍රකට ගමන් මාර්ගය වූයේ හැටන් මාර්ගයයි.

    එහෙත් අතීතයේ එම මාර්ගය විහිදුනේ හැටන් මස්කෙළිය හරහා නොවේ. ගිනිගත්හේන හඟරාපිටිය හරහාය. එම සියලු මාර්ග මහගිරි දඹය ආසන්න වන විට එක් වෙයි.

    මැදින් පුර පසළොස්වකට ලක්‍ෂ ගණනක් බැතිමත්හු ශ්‍රී පාදස්ථානයට ලඟා වන විට ඇතිවන අපහසුතා ගැනද කල්පනා කළ යුතුවේ. මැදින් පුර පසළොස්වකට පෙරදින ශ්‍රීපාදස්ථානයට පැමිණෙන වන්දනාකරුවන්ට ඇතැම් විට සෙනඟ තදබදය නිසා ඉහළට යාමට පැය කීපයක් ගත විය හැකිය.

    ප්‍රමාදව ශ්‍රී පාද වන්දනාවට ලඟා වන වෑන් රථ බස් රථ ආදියට ශ්‍රී පාදස්ථානය පාමුල දක්වා යාමට ඉඩ නොලැබී ඇතැම්විට සැතපුම් දහයකට වැඩි දුරක් මෑත රථ වාහන නතර කර ඒ දුර පයින් ගමන් කිරීමට සිදුවේ.

    පටු මාර්ග වල ඉඩ ඇති ස්ථානයන්හි වාහන නතර කරන බැවින් ප්‍රමාදව එන රථ වාහන වලට ඉදිරියට යාමට ඉඩ නොලැබීම ඊට හේතුවක් විය හැකිය.

    තදබදය අධික වීමෙන් හෙම්බත්වීමෙන් අධික වෙහෙසට පත් වීමෙන් සමහරුන්ට ශ්‍රී පාදස්ථානය නැගීමට ඉඩ නොලැබී හිස් අතින් හැරී ඒමට ඇතැම්විට සිදුවීමට ඉඩ ඇත. වන්දනා කරුවන් ඒ තරමට අධික විය හැකි බැවිනි.

    පැය ගණන් එක දිගට පෝලිම් වල සිටින විට ජලය හා වෙනත් කායික අවශ්‍යතා නිසා ඇතැම් පීඩා සිදුවෙයි.

    මැදින් පුර පසළොස්වකට මේ තරම් වන්දනාකරුවන් පිරිසක් ශ්‍රීපාද වන්දනාවේ පිවිසීමට හේතු කවරේදැ යි විමසා බලමු.

    ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ දෙසැම්බර් මස යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙනි. වන්දනා සමයේ හය මාසය නිමවන්නේ වෙසක්පුර පසළොස්වක පෝදාය. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි දක්වා මුල් මාස තුනේ පරිසරය දේශගුණය අතිශය කටුක විය හැකිය.

    උදෑසන දැරිය නොහැකි තද සීතල ඇඟපතට තදින් දැනිය හැකිය. ජලය හිම මෙන් සීතලය. මුළු පරිසරයම මීදුමෙන් වැසී ඇත. දිවා කල ඇඟ පුපුරු ගහන සැඩ හිරු රැස් බිමට පතිත වෙයි.විශාල ගහකොළ අඩු බැවින් සැඩ හිරු රැසින් ඇඟපතට රශ්මිය දැනේ. වන්දනා සමය ඇරඹුණු මුල් කාලයේ දී වෙළඳ සැල්, ආපනශාලා සෞඛ්‍ය පහසුකම් තරමක් අඩු බවක් පෙනේ. එමෙන්ම වන්දනා සමය අවසන් කාලය ලඟා වන විට එනම් අප්‍රේල් මැයි වනවිට වන්දනාකරුවන් බෙහෙවින් අඩුවී යයි.කඩ වැසී යයි. නැවතත් පාළුව උදාවෙයි.

    මේ අනුව ශ්‍රී පාදය වන්දනා සමය යෙදෙන ශ්‍රී පාද වාරයට අයිති හයමාසය තුළ මැදියම් කාලය මැදින් පුර පසළොස්වකට එළඹෙයි. ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට සුදුසුම කාලගුණික දේශගුණික තත්ත්වය මැදින් මස උදාවෙයි. උදෑසන අධික සීතල අඩුවෙයි. ඉඳහිට වැසි ලැබී පරිසරය සිසිල් වෙයි. හවස ශ්‍රී පාද නැඟ උදෑසනම හෝ හවස බහින විට ගිනියම් අව්වේ පීඩාව නොදැනෙයි.මේ හේතු මත ශ්‍රී පාදස්ථානයට නැඟීමට වඩාත්ම සුදුසු කාලය මැදින් මාසයයි.

    මැදින් පුර පසළොස්වකට බැතිමත්හු බහුලව රැස්වීමට වැරදි විශ්වාසයක් ද පැතිර පවතී. එනම් බුදුහිමි ශ්‍රී පාදය මත සිරිපතුල පිහිටවූයේ මැදින් පුර පසළොස්වක දිනකය යන වැරැදි විශ්වාසයයි.මහාවංශයේ පළමු පරිච්ඡේදයේ හැත්තෑ හතර ගාථාව අනුව පන්සීයක් භික්‍ෂු පිරිවර සමඟ බුදුරදුන් ශ්‍රී පාදයට වැඩියේ වෙසක් පුර පසළොස්වක පෝදාක බව පැහැදිලිවම සඳහන් කරයි.

    ශ්‍රී පාද අඩවියේ ලක්‍ෂපාන ජල විදුලි යෝජනාක්‍රමය රාජ්‍ය මන්ත්‍රණ සභා යෝජනාවලියේ ඇරඹෙන විට බාධක රැසක් මතු විය. බිංගෙය කැපීමේදී කීපපදෙනෙක්ම ඊට යට වී මළහ. විවිධ බාධා මතු විය.ඒ මිය ගිය අය සිහි වීමට පසුකල හෝර්ටන් නගරයේ සමරු ඵලකයක් ඉදිකර ඇත.

    එම කාර්යය භාරව සිටි ඇමැති සර් ජෝන් කොතලාවල මහතා ලක්‍ෂපාන පලමු විදුලි ආලෝකය ශ්‍රී පාදස්ථානයට ලබා දෙන බවට සමන් දෙවියන්ට භාරයක් විය.ලක්‍ෂපාන විදුලි යෝජනාවලිය සාර්ථක වූයේ ඉන්පසුවයි.

    ලක්‍ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමයේ වැඩ නිමවී පළමු විදුලි ආලෝකය 1950 මාර්තු 04 වනදා ශ්‍රීපාද පද්මයට ලබා දුන්නේය. එම මංගල විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් ශ්‍රී පාද හැටන් මාර්ගයේ ඉදිකළ සිහිවටනය මකර තොරණයි. අද මකර තොරණ ශ්‍රී පාද පූජනීය භූමියේ සීමාව ලෙස සැළකෙයි. එය 1950 ඉදිකළ බව මකර තොරණේ සමරු ඵලකයක සටහන් කර ඇත. ඒ අනුව මැදින් පුර පසළොස්වක පෝදාට ශ්‍රී පාද වන්දනා කරුවන් බහුලව ඇදී යාම පෙර පැවති සිරිතකට වඩා 1950 විදුලි ආලෝකය ලබා දීමෙන් පසු ඇති වූ චාරිත්‍රයකි.

    මැදින් පසළොස්වකට වාර්ෂිකව විදුලිබල මණ්ඩලය ශ්‍රීපාද පද්මය හා එහි එන යන සියලු මාර්ග විදුලි එළියෙන් ආලෝක කොට පද්මයේ විසිතුරු පිරිත් පින්කමක් පවත්වයි. වන්දනාකරුවන් වැඩි වීමට මෙයද එක් හේතුවකි.

    දුම්රිය ධාවනය පැතිරී යාම - පෞද්ගලික වන්දනා බස්රථ හා වෑන් රථ වැඩිවීම තරුණ පරපුරේ ප්‍රබෝධය වැඩිවීම මැදින් උදාව සමඟ ඇතිවන යහපත් කාලගුණික තත්ත්ව මෑත කාලයේ රටේ ඇතිවූ සාමකාමී වාතාවරණය වන්දනාකරුවන් බහුලවීමට බලපාන තවත් හේතු බව සඳහන් කළ හැකිය.
     
    Jun 14, 2012
    420
    47
    0
    good post...!!
    rep added


    ප.ලි මම නම් අසා ඇති ආකාරයට සිරිපාදයට යාමට මාර්ග 4 ඇත...!! ඉහත සදහන් 3 ට අමතර දැරණියගල උඩමාලිබොඩ හරහා සමනල රක්ෂිතය ඔස්සේ ශ්‍රී පාද වන්දනාව යා හැක
    කුරුවිට පැත්තෙනම් ආයේ කියලා වැඩක් නැහැ ..!! මාරම ලස්සනයි ..!!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    man gattu pic tikak( edit )

    380057_262440783820717_946886628_n.jpg


    399047_262442293820566_983592279_n.jpg



    401766_262442930487169_1936517092_n.jpg



    408809_262443003820495_955187245_n.jpg



    375550_262443460487116_1765678838_n.jpg



    385019_262443740487088_578806782_n.jpg




    381634_262444823820313_1870308360_n.jpg



    388593_262444907153638_1382802793_n.jpg



    393267_262445007153628_253878713_n.jpg



    408497_262445147153614_1951000949_n.jpg



    395063_262445317153597_1508526665_n.jpg



    382852_262445640486898_1143144537_n.jpg



    385086_262446550486807_1977474815_n.jpg



    377984_262447490486713_1460909374_n.jpg



    yanwanam yanna oni kuruwita road eken thamai kattiyath adui kaduth adui thanithala godak tiyenne :cool: kadu nh kiwwata poddak tiyeanawa eath padi pelak yana tharam amaruwak nh​