සිරිපා කරුණා කරනවනම්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    සිරිපා කරුණා කරනවනම්, මේ ගැන දැනුවත් වෙන්න⭕⭕⭕

    1. මේ දිනවල රාත්‍රියට සීතල වැඩියි, ඊයේ(16) රාත්‍රි 12°C ක් පමණ කඳු පාමුල උෂ්ණත්වය , ඉහළට යන විට තවත් අඩුවිය හැකියි.
    ඒක නිසා උණුසුම රැකෙන් ඇඳුම් ඇඳන් එන්න. අත් ආවරණ පළඳින්න.
    2. සීත ගඟුලෙන් දිය නාන්නෙ පරිස්සමෙන්, නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිය නැතිවූ රෝගින් කීප දෙනෙකු ප්‍රතිකාර සඳහා අපට යොමු වූවා.
    3. ඇදුම ,හතිය, අධික රුධිර පීඩනය,දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ගලයන් සැම විටම ඖෂධ රැගෙන එන්න අමතක කරන්න එපා. ඔවුන් දැඩි සීතල තත්ව හමුවේ කරුණා කරන්න එපා.
    4. පාචනය, උදරාබාධ තත්වයන් බහුලයි. පිරිසිදු ආහාර හා ජලය භාවිතා කරන්න හැකි සැමවිටම.
    5. ක්ලාන්ත තත්වයක් ඇතිවූ විට බිම වාඩි වන්න, නැත්නම් දිගා වන්න, සහය ඉල්ලා සිටින්න.ඉවසගෙන දිගටම කරුණා කරන්න එපා.
    6. පඩිපෙළ වලින් වැටී තුවාල සිඳුවීම් බහුල නිසා ඉවසීමෙන් ප්‍රවේසමෙන් අනිත් අයටත් ඉඩදී කරුණාකරන්න .

    ඔබට වෛද්‍යාධාර හෝ ප්‍රථමාධාර සහයක් අවශ්‍යනම් අපගේ නල්ලතන්නි පොලීසිය ඉදිරිපිට මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් සිටිනවා...එහි පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි. (සති අන්ත හෝ ප්‍රධාන නිවාඩු දිනවල සෞඛ්‍යදාන ව්‍යාපාරය විසින් නෙමිලේ කඳවුරු පවත්වනවා)
    සෑම සිරිපා සමයකම හදිසි අනතුරු නිසා හෝ රෝගාබාධ උත්සන්න වීම නිසා ජීවිත නැතිවෙනවා. මේ දින කීපයට විශාල ජීවිත ප්‍රමාණයක් අප ගලවා ගත්තා..
    එම අවස්ථා අඩු කළ හැක්කෙ ඔබ නිසි සෞඛ්‍ය උපදේශ පිළිපදින්නේ පමණි.

    නීරෝගීව කිසිදු පීඩාවකින් තොරව සිරිපා කරුණා කිරීමට ඔබටත් ශක්තිය ලැබේවා !

    උපුටා ගැනීම: වෛද්‍ය කදවුරු ප්‍රධානී
    වෛද්‍ය සජිත් මංජුල මහතාගෙන්
    #Accident1st
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Bump

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    රෑ තිස්⁣සේ කරුණා නොකර උදේ පාන්දර කරුණා කරන්න පටන් ගත්තා නම් ඔය ⁣කිසි කේස් එකක් නෑ. කොහෙද සිංහලුන්⁣ට ඉලව් සූරියෙක් බලන්න ඕනෙලු නේ කන්ද උඩ ඉඳං
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,146
    12,050
    113
    සීත ගඟුලෙන් දිය නාන්නෙ පරිස්සමෙන්, නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිය නැතිවූ රෝගින් කීප දෙනෙකු ප්‍රතිකාර සඳහා අපට යොමු වූවා.

    වතුර අපිරිසිදු කරලා තියනේනේ මිනිස්සුමයි
    චු කරනවා ..කක්කා කරනවා
    සත්තු වගේ
    කුණු හැමතැනම දාලා

    සිහි නැති වෙලා විතරක් බේරුනා ඇති
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    රෑ තිස්සේ කරුණාකරලා එළිවෙන ජාමේ පහළට කරැණා කරද්දී රෙන්ඩ බර සෙට් වෙනවා නහුතෙට. බලන බලන ටොයිලට් එකේ නො වේකන්සි. එපා වෙනවා බං. හොඳම දේ හොඳට රීලා බඩ නිදහස් කරගෙන උදෙන්ම කරුණා කරන්න පටන් ගන්න එක.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දෙයියන්ගෙ නාමෙට ඇරන් යන කුණු ආයෙම ඇරං වරෙල්ලා. 🙏
    ඒ වගේ ලස්සන පරිසරයක් ආයේ මේ ලංකාවේ නෑ.

    කලන්තේ නම් නගින එක නවත්තන්න. උඩදි oxygen අඩුයි.

    සැර කෑම ජාති අරන් යන්න. Basic first aid ඇතුළුව. පුලුවන්නම් ලුණු කැට ටිකක් අරන් යන්න මොකද රෑ නැගලා බහිද්දි සමහරුන්ට කෙන්ඩ පෙරලෙනවා.

    නල්ලතන්නිය තියෙන කඩ වලින් කන්න නම් එපා.

    අහවල් බඩු අරන් යනවනම් පරිස්සමින් පොලිස් බල්ලෝ ඉන්නවා.

    Okay go enjoy
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113

    ඉර සේවය බලන ඒක නන් මාරම ආස වැඩක්. 5 ස් පාරක් විතර ට්‍රයි කාරට හරියට සෙට් වෙලා තියෙන්නේ තාම ඒක පාරයි වළාකුළු නැතුව
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,502
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    රෑ තිස්⁣සේ කරුණා නොකර උදේ පාන්දර කරුණා කරන්න පටන් ගත්තා නම් ඔය ⁣කිසි කේස් එකක් නෑ. කොහෙද සිංහලුන්⁣ට ඉලව් සූරියෙක් බලන්න ඕනෙලු නේ කන්ද උඩ ඉඳං
    පේන්නෙත් නෑ හුකන සූර්‍යයෙක් ඔතන සෙනග ගොඩේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉර සේවය බලන ඒක නන් මාරම ආස වැඩක්. 5 ස් පාරක් විතර ට්‍රයි කාරට හරියට සෙට් වෙලා තියෙන්නේ තාම ඒක පාරයි වළාකුළු නැතුව
    ඉර සේවය එන්න පැය බාගේකට විතර කලින් අහස මාරම ලස්සනයි. ඒ පැය බාගයක් විතර ඇතුලත අහසේ පාට shades 10 කින් විතර වෙනස් වෙනවා. මන් එක වෙන කොහේදිවත් දැකලා නෑ.
    ඉර සේවය බලන්න නම් december january වගේ මාසෙක යන්න ඕනේ.