සිරියානු ත්‍රස්තවාදීන්ට සවුදියෙන් අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියානු ත්‍රස්තවාදීන්ට සවුදියෙන් අවි

    රුසියානු ප්‍රහාර හමුවේ අන්දමන්ද වූ අෂාඩ් විරෝධී ත්‍රස්තවාදීන්ට සෞදි අරාබියෙන් අවි සැපයීම වේගවත් කර තිබෙන බවක් වාර්තා වේ.


    8nu5xKb.jpg


    ෂියා නිකායික සිරියානු ජනපති අෂාඩ් හට විරුද්ධව සටන් වදින සුන්නි නිකායික ත්‍රස්තවාදී කණ්ඩායම් වලට අරාබි රටවල(සවුදිය,කටාරය )උදව් ලැබෙන බව රහසක් නොවේ.රුසියානු ප්‍රහාර හමුවේ දුබල වූ ත්‍රස්ත කණ්ඩායම් වලට වැඩි වැඩියෙන් ප්‍රබල අවි සපයන්නට සෞදි රජය පියවර ගෙන තිබේ.එම අවි අතර දියුණු යුධ ටැංකි නාශක මිසයිලද අඩංගු බව පැවසේ.


    yA8N0la.jpg


    සවුදි බලධාරියෙක් හෙළි කර තිබෙන්නේ ඔවුන් ජයිෂ් අල්-ෆාටාහ්,නිදහස් සිරියානු හමුදාව සහ දකුණුදිග පෙරමුණ නම් අෂාඩ් විරෝධී කණ්ඩායම් වලට මෙම අවි ලබාදෙන බවත් ISIS සහ අල් නුස්රා පෙරමුණ යන කණ්ඩායම් ඊට ඇතුලත් නොමැතිබවත්ය.

    නමුත් පසුගිය සමයේ ISIS සංවිධානයට ඇමෙරිකානු අවි ලැබුණේ සවුදිය මෙලෙස අවි සපයන නිදහස් සිරියානු හමුදාව නම් කණ්ඩායම ඔස්සේ බව හෙළිව තිබෙන අවස්ථාවක සවුදි අරාබීන් කරන්නේ වක්‍රාකාරව දුබල වූ ISIS ත්‍රස්තවාදීන් පෝෂණයක කිරීමක් බව පැහැදිලිය.


    JbOSYyS.jpg


    මෙම කණ්ඩායම් තුනට ගුවන් යානා නාශක අවි නොසපයන්නේ ඒවා යම් ආකාරයකින් ISIS ත්‍රස්තවාදීන් අතට පත්වුවහොත් එක්සත් ජනපද ප්‍රහාරක යානා සහ අනෙකුත් සිවිල් ගුවන් යානා ආදිය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම් කල හැකි නිසා බව මෙම සෞදි බලධාරියා සඳහන් කර තිබේ.


    මේවන විට සිරියානු අර්බුදය නිසා වසර 4ක් තුල 250000 වැඩි පිරිසක් මිය ගොස් තිබේ.



    NQtF4kV.jpg


    රුසියාවට අනුව සියලු ප්‍රහාර ඉරාන ,ඉරාක සහ සිරියානු බුද්ධි තොරතුරු,නියමුවන් රහිත නිරීක්ෂණ යානා වලින් ලබාගත් දර්ශන,සතුරු රේඩියෝ පණිවුඩ ග්‍රහණය කිරීමෙන් ලබාගත් දත්ත ආදිය පදනම් කරගෙන පෙර අධ්‍යනයන්ගෙන් පසුව සිදු කර තිබේ.රුසියාව සිරියාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගම පොදු සන්නිවේදන මාධ්‍ය ඔස්සේ විරුද්ධවාදීන් රුසියානු විරෝධී මාධ්‍ය මෙහෙයුමක් ඇරඹීය.එසේම දැන් රුසියානු මෙහෙයුම් වලට එරෙහිව යුරෝපා රටවල් මෙන්ම එක්සත් ජනපදයට විරෝධය පළකරන්නට පටන්ගෙන තිබේ.ඒ අතර රුසියානු ප්‍රහාර(කෲස් මිසයිල ප්‍රහාර ) නිසා වෙනත් රටවල ආරක්ෂාව බිද වැටෙන බව කියමින් බැරැක් ඔබාමා රුසියාවට නොසතුට පළකර තිබේ.රුසියානු ප්‍රහාර නිසා යුරෝපයට එන සරණාගතයන් ප්‍රමාණය ඉහළ යෑ හැකි යැයි කියමින් යුරෝපා රටවල්ද රුසියාවට චෝදනා එල්ල කරයි.



    Source:rt.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Sachira123

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ඇයි බන් මුස්ලිම්අය එකම දෙයියෙක්ට වැදවැද දෙපැත්ත බෙදිලා යුද්ධ කරන්නෙ?
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සිරියාවෙන් හරි කොරියාවෙන් හරි කමක් නෑ ගහල ඉවර කරන්නම ඕනේ මුන්ට..
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කොහොමත් සවුදි අරාබියාව ISIS උන්ට සපෝර්ට් නැහැ. සවුදි අරාබියාව ඇමරිකාවට සපෝර්ට්.