සිරියානු යුද්ධයේ අවසානය අද්දර...

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියානු යුද්ධයේ අවසානය අද්දර...

    Su4VL8o.jpg

    පසුගිය සතියේදී සිරියානු රජයේ හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර සන්ධානය විසින් ඩීර් එසෝර් නගරය මුදා ගැනීමත් සමග සිරියානු යුද්ධය අවසන් වන පෙරනිමිති පහළ විය.නමුත් ජයග්‍රහණය සමරන්න තරම් ඉක්මන් නොවිය යුත්තේ සිරියාවේ සතුරන් සම්පුර්ණයෙන්ම පරාජය වී නොමැති නිසා වෙනි.ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනස් ස්ථානයකින් පවා මතුවීමේ ඉඩක් තිබේ.සිරියානු අර්බුදයට මැදිහත්ව සිටින සියලුම පාර්ශ්ව අතරින් වෙන් කොට ගත හැකි ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා වන්නේ එක්සත් ජනපදය සහ රුසියාවයි.රුසියාව සිරියානු යුද්ධයේදී ජයග්‍රාහී පක්ෂයේ සිටියි.නමුත් සිරියාව තුල සාමය ස්ථාපනය වීම යනු වෙනත් තැනක යුද්ධ මතු වීමයි.

    ඇමෙරිකානු හමුදාව සිරියාවේ ඩීර් එසෝර් පළාතේ සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායකයින් ඇතුලු පිරිසක් ගුවන් මගින් ඉවත් කර ගත් බවට පසුගිය කාලයේ වාර්තා පළ වී තිබිණි.එවැන්නක් සිදුව තිබේ නම් ඉවත් කරගත් ISIS ත්‍රස්තවාදීන් සිරියාවේ වෙනත් පෙරමුණකට ගෙන යන්නට හෝ වෙනත් රටක පාලනතන්ත්‍රය වෙනස් කිරීමේ කුමන්ත්‍රණයකට ඔවුන් යොදා ගැනීමට හැකියාව තිබේ.


    සිරියාව තුල වසර හයක් තිස්සේ ක්‍රියාත්මක වන යුද්ධය සිරියාව තනිවම සටන් වදින එකක් නොවේ.එය එක්සත් ජනපදය සහ එහි මිත්‍රයන් ආධිපත්‍ය දරන ගෝලීය යුද්ධයකි.සිරියාව යනු පාලනතන්ත්‍රය යුද්ධයක් ඔස්සේ වෙනස් කර ඇමෙරිකාව සිය ආධිපත්‍යයට නතු කරගැනීමට උත්සාහ කල තවත් එක් රටකි.

    රුසියාවේ දීර්ඝ කාලීන මිත්‍රයෙක් වන සිරියාව, බටහිර සහාය ලබන කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වනවා දුටු පුටීන් එරට ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වීමත් සමග බටහිර න්‍යාය පත්‍රය වෙනස් කරන්නට සමත් විය.එම ඓතිහාසික තීරණය ගන්නා දිනය තෙක් සිරියාවේ පාලකයා වන බෂාර් අල් අෂාඩ්ගේ පාලනතන්ත්‍රයේ පැවැත්ම අඩමාන විය.

    cHIFc0F.jpg
    සිරියාවේ සිටින රුසියානු ගුවන් හමුදා කණ්ඩායමක්​

    2016 දෙසැම්බර් මාසයේදී ඇලැපෝ නගරය මුදා ගැනීමත් පසුගිය සතියේදී සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ඩීර් එසෝර් නගරය රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව සිරියානු රජයේ හමුදා විසින් මුදාගැනීමත් සමග විදේශීය-අනුග්‍රහය සහිත යුද්ධය එහි අවසානයට ලගා විය.නමුත් එය තවමත් පරිපූර්ණ අවසානයක් දක්වා පැමිණ නැත.

    Iy1ybFB.jpg
    සිරියානු ගුවන් හමුදා කඳවුරකින් ගුවන් ගත වන රුසියානු සුකොයි-34 යානයක්​

    තම සැලසුම් අසාර්ථක බව එක්සත් ජනපදය ,නේටෝ සංවිධානය සහ කලාපීය මිත්‍රයන් අවබෝධ කරගත්තේ මාස ගණනකට පෙරය.රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට ලැබෙන විදේශ අනුග්‍රහය ක්‍රමයෙන් ක්ෂය වෙමින් තිබේ යැ‍යි ජනපති අෂාඩ් වරක් ප්‍රකාශ කර තිබිණි.මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය විසින් කැරලිකරුවන්ට සහාය ලබාදීමට නිර්මාණය කල මෙහෙයුම් නවතා දැමූ බවට ජනපති ට්‍රම්ප් නිවේදනය කලේ මීට මාස දෙකකට පෙරය.

    BPumaUu.jpg
    ඩීර් එසෝර් දෙසට ගමන් කරන සිරියානු හමුදා භට පිරිසක්​

    එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සිරියාවේ රාජ්‍යතන්ත්‍රය වෙනස් කිරීමේ යුද්ධය අසාර්ථක වීමත් සමග අනෙකුත් විදේශීය කුමන්ත්‍රණකරුවන් ඔවුන්ගේ ඇලුම්කම් නැවත සංවිධානය කර ගැනීමේ අසීරුතාවයෙන් පසුවේ.ඒ සමග සිරියාවේ ප්‍රමුඛතමයා ලෙස ඉස්මතු වීමට රුසියාව සමත්ව තිබේ.කසක්ස්ථාන අගනුවර වන අස්ටානා හි රුසියාවේ මූලිකත්වයෙන් පැවැත්වෙන සාම සාකච්ඡා වලට තුර්කියද සිය පුර්ණ සහාය ලබාදෙන බව වාර්තා වේ.


    පසුගිය සතියේ මොස්කව් නගරයේදී රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝයි සමග මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ප්‍රංශ විදේශ අමාත්‍ය ජේන් ඊව් ලේ ඩ්‍රියන් ප්‍රකාශ කලේ ජනපති අෂාඩ් හට බලයෙන් ඉවත් වන්න යැ‍යි ප්‍රංශය තවදුරටත් බල නොකරන බවයි.මීට පෙර සිටි ප්‍රංශ විදේශ අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කලේ "අෂාඩ්ට මිහිපිට ඉඩක් නොමැති බවයි".

    HleFeGD.jpg
    රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ සිරියානු ජනපති​

    සාම සාකච්ඡාවලට සහභාගි වීම හරහා සිරියානු අර්බුදයේ අවසානය සම්බන්ධව ගන්නා තීරණය වලදී යම් ලාභයක් උපයා ගත හැකි යැයි තුර්කිය මෙන්ම ප්‍රංශයද අවබෝධ කරගෙන සිටියි.ඒ අතරතුර සිරියාවේ අලුතින් නිර්මාණය වී තිබෙන ඉරාන බලපැවැත්ම පාලනය කරන්න යැ‍යි සෞදි අරාබිය මොස්කව් රජයෙන් ඉල්ලා සිටියි.විදේශිය සහාය සහිත ජිහාඩ් ප්‍රොක්සි හමුදාවලට එරෙහිව සිරියාවේ සිදුකරන හමුදා මෙහෙයුම්වල සාර්ථකත්වයට ඉරානයත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් ඉහල මට්ටමින් සහාය ලබාදෙයි.සිරියාවේ සිටින ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවකට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දැක්වීම නවතා දැමූ බව පසුගිය මාසයේදී සෞදි අරාබිය කියා තිබේ.

    EVk1Jyh.jpg
    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රථ පෙළක්​

    දැන් සෞදි අරාබීන්ගේ ඉලක්කය වි තිබෙන්නේ ඉරානයයි.ඊශ්‍රායලයද සිරියානු අර්බුදයේදී සහාය ලබාදෙන්නේ වැරදි පාර්ශ්වයටයි.කිසිවෙක් බලාපොරොත්තු නොවූ පරිදි පසුගිය මාසයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මොස්කව් හි සංචාරයක නිරත විය.එහි අරමුණ වූයේ සිරියාව තුල වර්ධනය වන ඉරානයේ ශක්තිය අවම කිරීමට රුසියාවට බලපෑම් කිරීමයි.

    udSppOI.jpg

    කුර්දි හමුදාවට ඇමෙරිකාවෙන් ලැබුණු යුදෝපකරණ තොගයක්

    පසුගිය සතියේදී ඊශ්‍රායලය(රුසියානු S-400 මිසයිල පද්ධති මග හැර යෑම සඳහා ලෙබනන ගුවන් කලාපය භාවිතා කර)සිරියාවට එල්ල කල ගුවන් ප්‍රහාරය ,සිරියානු හමුදාව ලබාගත් ඩීර් එසෝ ජයග්‍රහණයට දැක්වු ප්‍රතිචාරයක් ලෙස පෙනේ.එක්සත් ජනපදය,ඊශ්‍රායලය සහ අනෙකුත් කුමන්ත්‍රණකරුවන්ගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ බර්ලින් නගරය මූලික කරගෙන ජර්මනිය දෙකඩ කලාක් මෙන් ඩීර් එසෝර් නගරය යොදාගෙන සිරියාව බෙදා වෙන් කිරීම බව සිරියානු දේශපාලන විචාරකයෙක් පවසා තිබේ.

    CmW3DdX.jpg
    ඩීර් එසෝර් නගරය ගුවනට දිස්වන අයුරු​

    එසේවුවද ඩීර් එසෝර් නගරය මායිම ආසන්නයෙන් ගලා යන යුප්‍රටීස් ගංගාව තරණය කර ඊට ඔබ්බෙන් වූ ප්‍රදේශවලද බලය තහවුරු කර ගැනීමේ සැලැස්මක් සිරියානු හමුදා සතුය.මේ සැලසුම් ව්‍යර්ථ කිරීමේ අරමුණින් යුතුව පසුගියදා ඇමෙරිකානු සහාය ලබන කුර්දි හමුදා ඩීර් එසෝර් පලාතේ ඉතිරි කොටස් අල්ලා ගැනීම මෙහෙයුමක් ආරම්භ කරන ලදි.ඔවුන්ගේ අරමුණ සිරියානු රජයේ හමුදා යුප්‍රටීස් ගංගාව තරණය කිරීම වැළැක්වීම බව පැහැදිලිය.

    rasDK68.jpg

    ISIS ග්‍රහණයේ පවතින රක්කා නගරයෙන් දුම් රොටු අහසට නගින අයුරු
    තවමත් ත්‍රස්තවාදීන් සතුව තිබෙන ඊසානදිග සිරියානු නගරයක් වන රක්කා මුදා ගැනීමේ සටන වේගවත් කිරීමට ඇමෙරිකාව සහ එහි සහාය ලබන කුර්දි හමුදා පියවර ගෙන තිබේ.එක්සත් ජනපද ගුවන් හමුදාව රක්කා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමද වේගවත් කර තිබේ.ඒ අතරතුර සිරියාවේ විදේශීය සතුරන් ,අෂාඩ් බලයෙන් පහ කිරීමේ සිය අරමුණ පරාජය වූ බව පිළිගෙන තිබේ.තුර්කිය සහ ප්‍රංශය ඊට උදාහරණ වේ.සෞදි අරාබිය සහ ඊශ්‍රායලය දැන් ඔවුන්ගේ ද්වේෂය ඉරානය දෙස යොමු කරමින් සිටියි.සීරියාව තුල ඉරානයේ බලය වර්ධනය වූයේ මේ කුමන්ත්‍රණකරුවන්ගේම න්‍යාය පත්‍රය හේතුවෙන් බව ඔවුන්ට දැන් අමතක බව පෙනේ.

    CcaQgDt.jpg
    ඇමෙරිකානු සහාය ලබන කුර්දි හමුදා​

    එක්සත් ජනපදය සහ එහි විශ්වාසවන්ත මිත්‍රයා වන එක්සත් රාජධානිය,සිරියාව තුල ක්‍රියාත්මක කරන න්‍යාය පත්‍රයේ අරමුණ සතුරු රාජ්‍යයන් වන රුසියාව ,චීනය සහ ඉරානය හමුවේ සිය ගෝලීය ආධිපත්‍යය පවත්වාගෙන යෑමයි.නමුත් එක්සත් ජනපදය සිරියාව තුල බරපතල පසුබෑමකට ලක්ව සිටියි.උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි වැඩසටහන සම්බන්ධ අර්බුදය ඇවිලී යෑමත් සමගාමීව සිදුවීම නිසා සිරියාව තුල ඇමෙරිකානු අභිලාෂයන් අවහිර කර තිබේ. උතුරු කොරියාවේ හැසිරීම කලාපය අස්ථාවර කිරීමත් එක්සත් ජනපදයට කදිම අවස්ථාවක් සකසා දෙන අතර රුසියාව සහ චීනයේ ඈත පෙරදිග දේශසීමා ආසන්නයට ඇමෙරිකානු උපායමාර්ගික බලකා ප්‍රසාරණය කිරීමටත් අවශ්‍ය නිදහසට කරුණක් ලබාදෙයි.

    WvRFZEG.jpg
    ඩීර් එසෝර් නගාරසන්නයේ සිටින සිරියානු රජයේ හමුදාව​

    මේවන විට එක්සත් ජනපදය යුක්‍රේන අර්බුදයටද මැදිහත්ව සිටියි.ඔවුන් යුක්‍රේනයට මාරක අවි සැපයීමට තීරණය කර තිබේ.එවැන්නක් නිසා සිදුවන්නේ ප්‍රශ්නය තවත් උත්සන්න වීම යැ‍යි ජනපති පුටීන් අනතුරු අඟවා සිටියි.

    qJbthWq.jpg
    කුර්දි හමුදාවේ ආරක්ෂාව යටතේ ගමන් කරන ඇමෙරිකානු සන්නාහ සන්නද්ධ රථ පෙළක්​

    පුටීන් මීට වසර 2කට පෙර ගන්නා ලද එඩිතර තීරණය නිසා සය අවුරුදු සිරියානු යුද්ධය සිරියානු ජනතාව සහ ඔවුන්ගේ මිත්‍රයන්ගේ ජයග්‍රහණයට හේතු වී ඇත.එක්සත් ජනපදය සහ මිත්‍රයන් සිරියාවට එරෙහිව කල අපරාධවලට කිසිදාක දඬුවම් විදිවි යැයි බලාපොරොත්තු විය නොහැකිය.ඒ කෙසේවෙතත් එක්සත් ජනපදය සිය ගෝලීය ආධිපත්‍යය පුලුල් කිරීමට සහ රැක ගැනීමට ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණ මෙයින් නවතින්නේ නැති බව නම් සහතිකය.

    gd9ynwa.jpg
    ඩීර් එසෝර් නගරයට මානුෂීය ආධාර රැගෙන පැමිණි රුසියානු සෙබලුන්​

    එක්සත් ජනපදය,එක්සත් රාජධානිය,ප්‍රංශය,තුර්කිය,ඊශ්‍රායලය,සෞදි අරාබිය සහ අනෙකුත් කුමන්ත්‍රණකරුවන් විසින් මෙහෙය වූ සය අවුරුදු සිරියානු යුද්ධය සිරියානු පාර්ශ්වයට ජයග්‍රහණය අත් කරන තැනට පත් කලේ රුසියාවයි.තවත් මෙවැනි යුද්ධයක් ලෝකයේ කුමන රටකින් හෝ මතුවීමට ඉඩ තිබේ.



    Source:RT.com

    -HarshaLulzSec-
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Great. It seems Kurds are digging their own graveyard. It's very interesting to see what happens in the next few days between SAA and SDF. Kurds are being well used by Israel and US. However, for an action against Kurds, Turkey will help unconditionally. Game is on.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    elakiri articular ekak..
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Great. It seems Kurds are digging their own graveyard. It's very interesting to see what happens in the next few days between SAA and SDF. Kurds are being well used by Israel and US. However, for an action against Kurds, Turkey will help unconditionally. Game is on.

    ys
    agree with you

    keep it on machan
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    ඉරානය දෙගොල්ලන්ගේම පොදු සතුරා.

    Akai Dan Israel Eka Saudi Ekath Ekka Ekathuwela Yanna hadanne.. Namuth Ehema Yanwanam Palestine Wala Prashne Ewara karanna Wenawa Mokada Palestine ekath Sunni Ratak. Namuth Shia Hizbullah Eka Palestine Eke sunni Hamas Ekata Support karanwa.