සිරියානු යුද්ධයේ අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියානු යුද්ධයේ අවි

    xGWV3i8.png

    ක්ලෝරීන් වායුවේ සිට කලෂ්නිකොව්ස් රයිෆල් දක්වාද ,බැරල් බෝම්බ වල සිට කෲස් මිසයිල දක්වා විවිධ ප්‍රමාණවල අවි සිරියානු අර්බුදයේදී ලෝකයා ඉදිරියේ දිගහැරිණි.අරාබි වසන්තයේ ගොදුරක් වූ සිරියාවේ අෂාඩ් පාලනතන්ත්‍රයට එරෙහිව 2011 වර්ෂයේදී පැනනැගුණු සාමකාමි විරෝධතා එම වර්ෂයේ මැදභාගය වන විට ආයුද සන්නද්ධ අරගලයක් බවට පරිවර්තනය විය.ගැටුම් සඳහා සන්නද්ධ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගී විය.එක්සත් ජනපදයේ සහාය ලබන සටන්කාමීන්,කුර්දි හමුදා,ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් මෙන්ම විදේශීය යුද විශේෂඥයින්ද සිරියානු සටන්භූමියේ කැපීපෙනන භූමිකාවක් නිරූපනය කලහ.අෂාඩ්ගේ සතුරු පක්ෂය මීට පෙර ලෝකය නොදුටු අයුරින් සන්නද්ධව සිටින බව චාර්ල්ස් ලිස්ටර් නම් මැදපෙරදිග විශ්ලේෂකයා පෙන්වාදෙයි.

    "සිරියාව 21 වන සියවසේ ඇෆ්ගනිස්තානය ප්‍රදර්ශනය කරයි,ඒ කලින්ට වඩා ඉහළ ශක්තියක්ද සහිතවයි.සිරියාව තුල ජිහාඩ් සටන්කාමීන්ගේ සටන්කාමීත්වය ඔවුන් සතු සමර්ථකමකි,මගේ අදහසට අනුව මෙය නූතන ඉතිහාසයේ නොදුටු විරූ සටන් බිමකි". යනුවෙන් චාර්ල්ස් ලිස්ටර් ප්‍රකාශ කරයි.

    සිරියාව තුල යොදවා තිබෙන සමහරක් අවි ලොව තිබෙන අතිනවීන සහ මාරාන්තිකම අවි වේ.ඊට හේතුව කලක සිට එක්සත් ජනපදය ඇතුලු රටවල් දියත් කරන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රහාර සහ 2015 වර්ෂයේ සිට රුසියාව සිදුකල මැදිහත්වීමයි.අවසානයක් නොපෙනෙන මෙම යුද්ධය නිසා ලක්ෂ ගණනක් ජනයා මියගොස් තිබේ.මීට වසර තුනකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ගණනය කිරීම් නවතා දමන විට එම සංඛ්‍යාව 191,000ක් විය.නමුත් ඇස්තමේන්තු කරන පරිදි එය මිලියන කාලක සිට 470,000 දක්වා වැඩිවී තිබෙන බව කියවේ.යුද්ධය නිසා රට හැරගිය පිරිස මිලියන පහක් වෙතැයි ගණන් බලා තිබේ.


    මෙම ලිපි පෙළ ඔස්සේ ගෙන එන්නේ සිරියානු යුද්ධයේදී භාවිතා කල සහ භාවිතා කරන විවිධාකාරයේ යුදෝපකරණයි.මෙම ලිපිය ඔස්සේ ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තුවන මාතෘකා සම්බන්ධව කෙටි හැඳින්වීමක් ගෙන එනු ඇති.​



    සුළු අවි/කුඩා ප්‍රමාණය අවි - 2011 මාර්තු 18

    පළමු වරට භාවිතා කිරීම:සිරියාවේ දකුණුදිග නගරයක් වන ඩාරා විරෝධතාකරුවන්ට සිරියානු පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේ වෙඩි තබන ලදි.රජය විසින් දුසිමක් පමණ තරුණයින් රදවා ගැනීමත් සමග ඊට පළිගැනීමක් ලෙස විරෝධතාකරුවන් විසින් පොලිස් මූලස්ථානයක් ගිනි තබන ලදි.එතැන් පටන් රටවල් දුසිමකට ආසන්න ගණනකින් ලැබුණු වර්ග 50ක පමණ සුළු අවි සිරියානු යුද්ධයේදී භාවිතා වේ.

    KyjkWKx.png




    යුද ටැංකි - 2011 අප්‍රේල්

    ඩැමැස්කස් හි වීදිවල පළමුවරට යුද ටැංකි දක්නට ලැබුණේ ආණ්ඩුවිරෝධී කැරැල්ලේ මුල් කාලයේ පටන්ය.නමුත් ප්‍රහාර සඳහා ඒවා යොදාගත්තේ 2011 අප්‍රේල් මාසයේ අවසානයේය.ඒවන විට ප්‍රචණ්ඩ විරෝධතා යුද්ධයක් බවට පෙරලී තිබිණි.අෂාඩ් රජය සිරියානු යුද්ධය වෙනුවෙන් යුද ටැංකි 2500ක් පමණ යොදවා තිබිණි.ටී-55 යුද ටැංකි 1200ක්,ටී-62 යුද ටැංකි 500ක් සහ ටී-72 යුද ටැංකි 700ක් ඊට ඇතුලත්විය.

    JdBRfMx.gif




    උපදේශකයෝ:පළමු වර - 2011 මැයි

    පළමු සහභාගීත්වය:එක්සත් ජනපදයට අනුව ඉරාන හමුදා නිලධාරී කාසීම් සුලෙයිමානි සෘජුවම සිය සහාය සිරියානු රජයට ලබාදුන්නේ 2011 මැයි මාසයේ පටන්ය.2015 වර්ෂයේ පටන් බටහිර සහ රුසියානු යුද උපදේශකයින් මෙම යුද්ධයට සිය දායකත්වය ලබාදීම ඇරඹීය(නිල වශයෙන්).

    huwzAub.png




    සිරියානු ගුවන් හමුදාව - හෙලිකොප්ටර් : 2011 ජූනි 4

    2011 ජූනි සිදුකල පළමු සාර්ථක සන්නද්ධ නැගිටීමත් සමග යුද ටැංකි සමග හෙලිකොප්ටර් යොදාගැනීම ඇරඹිණි.ඒ සමගම උතුරේ හුන් සිවිල් වැසියන් 10,000ක් පමණ තුර්කියට පළාගියහ.

    nrNLSSV.png





    මරාගෙන මැරෙන බෝම්බකරුවන් - 2011 දෙසැම්බර් 23

    සිරියාව තුල සිදුකල පළමු විනාශකාරීම මරාගෙන මැරෙන ප්‍රහාරය:අල්කයිදාවට සම්බන්ධ යැයි සැලකෙන ජබාත් අල්-නුස් රා සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් 2011 දෙසැම්බර් 23දා ඩැමැස්කස් නගරයේ ආරක්ෂක ගොඩනැගිල්ලකට එල්ල කල ප්‍රහාරයකින් 44 දෙනෙක් මියගියහ.2012 ජූලි මාසයේදී එල්ල කල අල් නුස් රා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඩැමැස්කස් හි සිටි ජනපති අෂාඩ් ගේ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුලුව ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක් මරණයට පත්විය.2013 දී ඇරඹුණු ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ගේ සිරියානු ආක්‍රමණයත් සමග සිරියාව තුල මරාගෙන මැරෙන ප්‍රහාර සුලබ දෙයක් බවට පත්විය.

    EY7TtsW.jpg




    කාලතුවක්කු - 2012 පෙබරවාරි

    පළමුවරට පුළුල්ව භාවිතා කිරීම:2012 පෙබරවාරි හිදී හෝම්ස් නගරයට එල්ල කල කාලතුවක්කු ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල්වැසියන් 200ක් පමණ මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.සිරියානු යුද්ධයේ තුන්වන වර්ෂයේ වූ 2014දී කැරලිකරුවන් ගෑස් සිලින්ඩර්,වතුර හීටර් සහ පුපුරණ ද්‍රව්‍ය පිරවිය හැකි ඕනෑම දෙයක් යොදාගෙන රජයේ හමුදාවලට පහරදෙන්නට පටන් ගන්නා ලදි.ප්‍රායෝගිකව ගත් කල කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම වඩා ලාබදායි කාර්යයක් නිසා අදටත් ඒවා සුලභව සිරියානු යුද බිමේ යොදවා ගැනේ.

    9cNzQQM.jpg




    අසාර්ථක වූ එක්සත් ජාතීන්ගේ සටන් විරාමය - 2011 අප්‍රේල් 12 සිට 2012 මැයි 25 දක්වා

    හිටපු එක්සත් ජාතීන්ගේ ලේකම් කොෆි අන්නන් විසින් 2012 අප්‍රේල් මාසයේදී සිරියාවේ යුද ගැටුම් අවසන් කිරීමට සටන්විරාමයක් බලාත්මක කිරීමට ගත් උත්සාහයට තිබුනු කෙටි ආයු කාලයකි.සති හයකට පසුව සටන්විරාමය බිඳ දමමින් යළි සටන් ඇවිලී ගියේය.

    hZJRZh7.jpg




    සිරියානු ගුවන් හමුදාව:ජෙට් ප්‍රහාරක යානා - 2012 ජූලි 24

    වීඩියෝගත කල පළමු ගුවන් ප්‍රහාරය:2012 ජූලි 24 දා සන්නද්ධ එල්-39 පුහුණු ගුවන් යානා විසින් ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි,ඉන්පසු මිග්-21 සහ මිග්-23 යානා මගින් පහරදීම ඇරඹීය.2012 ග්‍රීෂ්ම සෘතුවේදී කැරලිකරුවන් ගුවන් ආරක්ෂණ පද්ධතිවලින් සන්නද්ධ වීමත් සමග සිරියානු ගුවන් හමුදාවට ඉහළ අහසේ සිට ප්‍රහාර එල්ල කරන්නට සිදුවිය.මේ හරහා බැරල් බෝම්බ වලට දොර ඇරිණි.

    137jeed.png




    ගුවන් යානා නාශක අවි - 2012 අගෝස්තු 13

    ඇලෙපෝ නගරය ආසන්න කැරලිකරුවන් 2012 ජූලිවන විට තුර්කියෙන් ලබාගත් අවි භාවිතා කරන්නට පටන් ගත්හ.ජංගම ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිවල ආධාරයෙන් කැරලිකරුවන් විසින් පළමුවරට සිරියානු ගුවන් හමුදාවේ ගුවන් යානයක් බිම හෙළුවේ 2012 අගෝස්තු 13දාය.ඒ මිග්-23 යානයකි.2013 පෙබරවාරි මාසයේදී කැරලිකරුවන් විසින් හමුදා හෙලිකොප්ටරයක් බිම හෙළන ලදි.ඒ අතරතුර ඇමෙරිකාව විවිධ වර්ගයේ අවි සිය සහාය ලබන කැරලිකාර කණ්ඩායම් වලට සපයන බවට තොරතුරු හෙළිවිය.2014 වසන්ත කාලය වන තෙක් සිරියානු යුද බිමේ ඇමෙරිකානු යුද ටැංකි නාශක අවි දක්නට නොලැබුණි.

    p3yT0J4.png




    ඔබාමාගේ රතු ඉර - 2012 අගෝස්තු 20

    2012 අගෝස්තුවේදී එක්සත් ජනපද ජනපති බැරැක් ඔබාමා කියා සිටියේ අල්-අෂාඩ්ගේ හමුදා රසායනික අවි භාවිතා කරන බවයි.ඉන් වසරකට පමණ පසුව අෂාඩ් හමුදාව සරීන් වායුව යොදාගෙන පුද්ගලයින් 1,400ක් පමණ මරාදැමූ බවට චෝදනා එල්ල විය.පසුව රුසියාව ඉදිරිපත්වී රසායනික අවි භාවිතා නොකරන බවට සිරියාවෙන් පොරොන්දුවක් ලබාගත් නමුත් ඉන් වසර තුනකට පසුව වාර්තා වූයේ රසායනික අවි නොනවත්වා භාවිතා වන බවත් ,සිරියාවට අමතර ඒවා ඉරාකයේද යොදාගෙන තිබෙන බවත්ය.

    KYqnJh8.png




    බැරල් බෝම්බ - 2012 අගෝස්තු 22

    වාර්තාගත පළමු ප්‍රහාරය:2012 අගෝස්තු 22දා ඇලෙපෝ ද ඉන් දින තුනකට පසුව ඉඩ්ලිබ් යන නගරවලට බැරල් බෝම්බ හෙළන ලදි.බැරල් බෝම්බ යනු අධි බලැති පුපුරණ ද්‍රව්‍ය බහාලු බැරල්ය.මේවා මාර්ගෝපදේශනයකින් තොරව මහා පරිමාණයෙන් හෙළන බෝම්බ වර්ගයකි.මේවා බහුලව යොදාගන්නේ ලාභදායි නිසාය.නමුත් ඇතිකරන විනාශය සුළුපටු නොවේ.සමහර විට මේවා රසායනික අවි ප්‍රහාර එල්ල කිරීමටද යොදාගනියි.

    ywmYFnP.png




    රසායනික අවි - 2012 ඔක්තෝම්බර්

    පළමුවරට සිරියානු යුද්ධයේදී රසායනික අවි භාවිතා කලා යැ‍යි සැලකෙන්නේ 2012 ඔක්තෝම්බර් මාසයේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදීය(එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව).2013 අගෝස්තු 21දා එල්ල කල ප්‍රහාරයකින් ගෞටා ප්‍රදේශයේ සිරියානුවන් 700ක් පමණ මියගිය බව වාර්තා විය.

    Rcg5PUr.jpg




    බාහිරින් එල්ල වූ ගුවන් ප්‍රහාර:පළමු වර - 2013 ජනවාරි 31

    යුද සමයේදී සිරියාවට එල්ලවූ පළමු සිරියානු නොවන ගුවන් ප්‍රහාරය:2013 ජනවාරි 31දා ඊශ්‍රායල ජෙට් ප්‍රහාරක යානා සිරියානු ගුවන් ආරක්ෂාව විනිවද ගොස් සිරියාවේ උතුරුදිග ඩැමැස්කස් හි තිබුණා යැ‍යි සැක කරන හිස්බුල්ලා සංවිධානයට අයත් යුදෝපකරණ සහිත ලොරි රථ පෙළක් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.

    3nXh9KB.jpg




    බලපෑම - 2013 දෙසැම්බර්

    2013 වන විට අෂාඩ් රෙජිමය සතු මාරක අවි සියල්ලම සිරියානු යුද්ධය සඳහා යොදවා තිබිණි.යුද්ධයේ දරුණුතම වසර ලෙස සැලකෙන්නේ 2014 වර්ෂයයි.​

    XogLWi3.png




    බාහිරින් එල්ල වූ ගුවන් ප්‍රහාර:දෙවනවර - 2014 සැප්තැම්බර් 23

    ඉස්ලාමීය රාජ්‍යය විරෝධී පළමු ගුවන් ප්‍රහාරය(සිරියාවේ):2014 සැප්තැම්බර් 23දා ඇමෙරිකානු ජෙට් ප්‍රහාරක යානා විසින් අල්කයිඩා සටන්කාමීන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන ලදි.මෙම ප්‍රහාරයට මුහුදේ සිට දියත් කරන කෲස් මිසයිල ද යොදාගෙන තිබේ.​

    z4UPUiZ.png




    කෲස් මිසයිල - 2014 සැප්තැම්බර් 23 සිට 2015 දෙසැම්බර් 8

    පළමුවරට භාවිතා කිරීම:2014 වර්ෂයේ සැප්තැම්බර් මස අවසන් සමයේදී එක්සත් ජනපදය වයඹදිග සිරියාවේ සිටි අල්කයිඩා නායකයින් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන ලදි.රුසියාව සබ්මැරීන,ගුවන් යානා සහ නෞකා යොදාගෙන කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරයි.සිරියානු යුද්ධයේදී කෲස් මිසයිල භාවිත කල රටවල් අතර ඇමෙරිකාව සහ රුසියාව ඉදිරියෙන් පසුවේ.ඊට අමතරව ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය 2015 දෙසැම්බර් සහ 2016 ජූනි මාසවලදී ඒවා භාවිතා කරන ලදි.

    MUJirDL.png




    උපදේශකයෝ:දෙවන වර - 2015 සැප්තැම්බර්

    රුසියාව සියගණනක් නාවුක පාබල සෙබලුන් 2015 සැප්තැම්බර් මාසයේදී සිරියාවට යවන ලද්දේ අෂාඩ් රෙජීමයට සහාය ලබාදෙනු පිණිසය.ඉන් ටික කලකට පසු ඔක්තෝම්බර් මාසයේදී ඔබාමාගේ අනුදැනුම සහිතව විශේෂ බලකා සෙබලුන් 50 දෙනෙක් යැවීමේ සැලසමක් තිබුණද පළමුවරට ඇමෙරිකානු සෙබලුන් ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීමට පිටත් කර හරින ලද්දේ මෙම වර්ෂයේදීය.2016 අප්‍රේල් වන විට එසේ යැවූ සෙබලුන් ගණන 250 සිට 300 දක්වා වැඩිවිය.

    B0qxuhJ.jpg




    යුද්ධය නොනැවතී ඉදිරියටම....

    වසර 5කට වැඩි සිරියානු යුද්ධය හේතුවෙන් දැනට පුද්ගලයින් 400,000කට වැඩි පිරිසක් මියගොස් සිරියානු ජනගහනයෙන් අඩකට පමණ උන්හිටි තැන් අහිමිව තිබේ.මිලියන 5 පමණ දෙනා වඩා හොඳ ජීවිතයක් උදෙසා සරණාගතයින් ලෙස රටින් පළාගොස් තිබේ.

    1aZornr.png



    Source:defenseone.com

    -HarshaLulzSec-
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇමරිකාව අෂාඩ් රජයට විරැද්දයි නේද??? එහෙව් එකේ ඇයි ඇමරිකාව ත්‍රස්තයොන්ට ගහන්නේ??
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇමරිකාව අෂාඩ් රජයට විරැද්දයි නේද??? එහෙව් එකේ ඇයි ඇමරිකාව ත්‍රස්තයොන්ට ගහන්නේ??

    ඔව් විරුද්ධ නම් තමයි.. ඊශ්‍රායලයත් කැමති නෑ අෂාඩ් බලයේ ඉන්නවට.

    කවුද දන්නේ බන් උන් කියන දේමද කරන්නේ කියලා...ගිය අවුරුද්දේ නිවුස් එකක් ගියා ISIS එකට ගුවන් ප්‍රහාර එල්ල කරන්න කලින් ඇමෙරිකන්කාරයෝ අනතුරු අඟවලා පත්‍රිකා ගුවනින් දැම්මා කියලා...:rofl:

    මුන් ඉරාකයට ගහලා අල්ලගත්තට පස්සේ රට අවුල් ජාලයක් වුනා .කලින් හිටිය සදාම් හුසේන් සුන්නි මුස්ලිම්නේ.මිනිහගෙන් පස්සේ බලයට ආවේ ෂියා ආණ්ඩුවක්.සුන්නි මුස්ලිම් සෙට් එකට මේ වැඩේ හරිගියේ නෑ,උන් පටන් ගත්තා ෂියා මුස්ලිම්වරුන්ට ගහන්න.එතකොටත් ඇමෙරිකන් හමුදාව ඉරාකයේ හිටියා.සුන්නි සටන්කාමීන් ඇමෙරිකන් හමුදාව එක්කත් හැපුණා,අන්තිමට ඉරාකයත් ඇමෙරිකාවට ඇෆ්ගනිස්ථානයක් වෙනවා කියලා පෙනුනා.ඇමෙරිකාව කලේ ෂියා කණ්ඩායම්වලට ආයුද දුන්න එක.දීලා ඇමෙරිකාව අයින් වුනා ඉරාකයෙන්.ඊට පස්සේ සුන්නි-ෂියා උන් මරාගන්න පටන් ගත්තා.;)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොච්චර ලස්සන නිදහස් රටක් ද ඉස්සර ..මන් හිතන්නේ අහල තියෙන විදිහට ඔය මැදපෙරදිග තිබ්බ හොදම සහ නිදහස් රට සිරියාව .ඇමරිකාව ගෑවුන තැන විනාසයක් .උන්ට පස්සපත්ත දීගෙන ඉන්න අපේ නායකයින්ට මෙරටට වෙච්ච දේ හොද නිදසුනක්:sorry: