සිරියානු යුද්ධයේ නවතම රුසියානු අවි
2015 වසරේ පටන් රුසියාව සිරියාව තුල සිදුකරන ගුවන් මෙහෙයුම්වල(සහ පාබල මෙහෙයුම්
) සාර්ථකත්වයට හේතු වී තිබෙන්නේ රුසියාව සතු අතිනවීන අවිය.පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
1990 වසරේ පළමු ගුවන් ගමන සිදුකල 2014 වසරේදී හඳුන්වාදුන් රුසියානු Sukhoi Su-34 ප්‍රහාරක යානය ප්‍රථම වරට භාවිතා කරන්නේ සිරියාවේදී ISIS ඉස්ලාමීය ත්රස්තවාදීන් සහ අෂාඩ් විරෝධී හමුදාවන්ට එරෙහිවයි.2016 වසරේදී සිරියාවේ ගුවන් කඳවුරෙන් පිටත් වූ ප්‍රහාර යානා 4ක් ගුවන් ගත විය.එහි තිබූ විශේෂත්වය වන්නේ එලෙස ගුවන් ගත කල යානා 4 රුසියාව සතු නවතම Su-35 යානා වීමයි.මේවා සතු සුපිරි හැසිරවීමේ හැකියාව ලෝක අවධානයට පාත්‍ර වී තිබේ.එසේම සිරියානු යුද්ධය වෙනුවෙන් මෙම Su-35 යානා භාවිතා කිරීම ඔස්සේ ප්‍රහාර යානා මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින ගැනුම්කරුවන් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට රුසියාව සමත්ව සිටියි.මීට හොඳම උදාහරණය වන්නේ ඇමෙරිකානු F-16 ප්‍රහාරක යානා සහ Eurofighter ප්‍රහාරක යානා වෙනුවට රුසියානු Su-35 ප්‍රහාරක යානා 10ක් මිලදී ගැනීමට ඉන්දුනීසියාව තීරණය කර තිබීමයි.
2015 ඔක්තෝම්බර් මාසයේදී ලෝක ප්‍රජාව විශ්මයට පත් කරමින් රුසියාව සිය දියුණුතම දිගු දුර කෲස් මිසයිල සිරියානු සතුරු ඉලක්ක වෙත දියත් කරන ලදි.මේවා නිකුත් කරන ලද්දේ කැස්පියන් මුහුදේ රුසියානු නාවික ඇණියේ යුද නෞකාවලිනි.Kalibr-NK නමින් හඳුන්වන මෙම මිසයිල වර්ගය 2012 වසරේදී හඳුන්වාදී තිබේ.Kalibr-NK මිසයිලවලට කි.මී.350 දුරින් වූ නාවුක ඉලක්ක වෙතටත් කි.මී. 2600 දුරින්වූ ගොඩබිම් ඉලක්ක වෙතටත් සාර්ථකව ප්‍රහාර එල්ල කල හැකි බව කියවේ.නමුත් මෙහි සමහර තොරතුරු තවමත් රහසිගතය.
සෝවියට් යුගයේ සිට පැවතගෙන එන Tupolev Tu-160 සුපර්සොනික්(ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි යානයකි ) උපායමාර්ගික බෝම්බ හෙළන යානය රුසියාවේදී "සුදු හංසයා" නමින් හඳුන්වයි.ඊට න්‍යෂ්ඨික අවියක්ද සහිතව කි.මී. 14,000ක දුරක් නැවත ඉන්ධන පිරවීමකින් තොරව ගමන් කල හැකිය.ඒ කෙසේ වෙතත් සිරියාව තුල ISIS ත්රස්තවාදීන්ගේ ඉලක්ක රැසක් KAB-500 නියාමක බෝම්බ,Kh-29L ලේසර් නියාමක මිසයිල සහ ගුවනේ සිට දියත් කරන Kh-101 කෲස් මිසයිල ආදිය යොදාගෙන වනසන්නට Tu-160 යානයට හැකි විය.
TOS-1A යනු එකවර රොකට් රැසක් මුදා හැරිය හැකි විදිනයකි.සිරියානු යුද්ධය තුල භාවිතා කරන ප්රතිඵලදායී අවියක් ලෙස මෙය හැඳින්විය හැකිය.මේ ඔස්සේ නිකුත් කරන රොකට් thermobaric වර්ගයේ ඒවාය.එනම් ඒවා පිපිරී යද්දී අවට තිබෙන ඔක්සිජන් වායුව ප්‍රයෝජනයට ගෙන අධිකතර, ඉහළ උෂ්ණත්වයක් සහිත පිපිරීමක් ඇතිකරයි.එසේම මෙම අවියක් ඇතිකරන පිපිරීමකින් නිකුත් කරන ස්ඵෝථන තරංග සාම්ප්‍රදායික අවියක් ඇතිකරන පිපිරීමකට වඩා වැඩි කාලයක් පවතියි.කඳුකර ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම රොකට් ප්‍රහාර බහුලව එල්ල කරන්නේ උපාය මාර්ගිකව ලබා ගත හැකි වාසි නිසා ISIS ත්රස්තවාදීන් එවැනි ප්‍රදේශවලට බහුලව ගැවසෙන නිසාය.
සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයක් වන මෙය පාබල හමුදා මෙහෙයුම් සඳහා අනර්ඝ සේවයක් කරන අවියකි.මි.මී.30 ස්වයංක්‍රීය අවියක් සහ මි.මී. 7.62 මැෂින් තුවක්කුවකින් සන්නද්ධ BTR-82A රථය සතුව ඩිජිටල් ඉලක්ක කිරීමේ පද්ධතියක් ,රාත්‍රීයේ දැකීමේ හැකියාව ආදියද තිබෙන නිසා ISIS ත්රස්තවාදීන්ට ඉන් පහසුවෙන් ගැලවී යා නොහැකිය.
Source:sputniknews.com
-HarshaLulzSec-

Su-35 බහුකාර්යය ප්‍රහාරක යානාව

Kalibr-NK දිගු දුර මිසයිල
2015 ඔක්තෝම්බර් මාසයේදී ලෝක ප්‍රජාව විශ්මයට පත් කරමින් රුසියාව සිය දියුණුතම දිගු දුර කෲස් මිසයිල සිරියානු සතුරු ඉලක්ක වෙත දියත් කරන ලදි.මේවා නිකුත් කරන ලද්දේ කැස්පියන් මුහුදේ රුසියානු නාවික ඇණියේ යුද නෞකාවලිනි.Kalibr-NK නමින් හඳුන්වන මෙම මිසයිල වර්ගය 2012 වසරේදී හඳුන්වාදී තිබේ.Kalibr-NK මිසයිලවලට කි.මී.350 දුරින් වූ නාවුක ඉලක්ක වෙතටත් කි.මී. 2600 දුරින්වූ ගොඩබිම් ඉලක්ක වෙතටත් සාර්ථකව ප්‍රහාර එල්ල කල හැකි බව කියවේ.නමුත් මෙහි සමහර තොරතුරු තවමත් රහසිගතය.
Tupolev Tu-160 උපාය මාර්ගික බෝම්බ හෙළන යානය
සෝවියට් යුගයේ සිට පැවතගෙන එන Tupolev Tu-160 සුපර්සොනික්(ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි යානයකි ) උපායමාර්ගික බෝම්බ හෙළන යානය රුසියාවේදී "සුදු හංසයා" නමින් හඳුන්වයි.ඊට න්‍යෂ්ඨික අවියක්ද සහිතව කි.මී. 14,000ක දුරක් නැවත ඉන්ධන පිරවීමකින් තොරව ගමන් කල හැකිය.ඒ කෙසේ වෙතත් සිරියාව තුල ISIS ත්රස්තවාදීන්ගේ ඉලක්ක රැසක් KAB-500 නියාමක බෝම්බ,Kh-29L ලේසර් නියාමක මිසයිල සහ ගුවනේ සිට දියත් කරන Kh-101 කෲස් මිසයිල ආදිය යොදාගෙන වනසන්නට Tu-160 යානයට හැකි විය.
TOS-1 රොකට් විදිනය
TOS-1A යනු එකවර රොකට් රැසක් මුදා හැරිය හැකි විදිනයකි.සිරියානු යුද්ධය තුල භාවිතා කරන ප්රතිඵලදායී අවියක් ලෙස මෙය හැඳින්විය හැකිය.මේ ඔස්සේ නිකුත් කරන රොකට් thermobaric වර්ගයේ ඒවාය.එනම් ඒවා පිපිරී යද්දී අවට තිබෙන ඔක්සිජන් වායුව ප්‍රයෝජනයට ගෙන අධිකතර, ඉහළ උෂ්ණත්වයක් සහිත පිපිරීමක් ඇතිකරයි.එසේම මෙම අවියක් ඇතිකරන පිපිරීමකින් නිකුත් කරන ස්ඵෝථන තරංග සාම්ප්‍රදායික අවියක් ඇතිකරන පිපිරීමකට වඩා වැඩි කාලයක් පවතියි.කඳුකර ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම රොකට් ප්‍රහාර බහුලව එල්ල කරන්නේ උපාය මාර්ගිකව ලබා ගත හැකි වාසි නිසා ISIS ත්රස්තවාදීන් එවැනි ප්‍රදේශවලට බහුලව ගැවසෙන නිසාය.
BTR-82A සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය