සිරියාවට කෙලෙව්වේ කවුද ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරියාවට කෙලෙව්වේ කවුද ?

    මෙන්න මචන්ලා කියවිය යුතුම ලිපියක් සිරියාවට කෙලෙව්වේ කවුද කියලා මේකේ හොදට ලියලා තියෙනවා :)


    තුර්කි වෙරලට ගොඩගසා තිබූ, වැල්ලේ මුනින් අතට වැටී සිටි, අවුරුදු තුනක් වයසැති සිරියානු දරුවාගේ මල සිරුර ගලවා ගැනීමේ සේවකයෙකු විසින් ඔසවා ගන්නා සිත් කම්පා කරවන රූප රාමු, යුරෝපයේ දේශසීමා ඔස්සේ දිග හැරෙමින් පවතින මංමුලා සහගත අර්බුදය ලෝකය පුරා මිනිසුන්ගේ නිවෙස් තුලට ගෙන විත් ඇත.

    ඇලන් කුර්දි නම් දරුවාගේ පවුලේ අය පැමින තිබුනේ කොබානිවල සිට පලා යන දහස් ගනනක් දෙනා සමග ය. අයිඑස්අයිඑස් හමුදාවන් විසින් ද උත්සන්න වන ඇමරිකානු බෝම්බ දැමීම්වලින් ද වටලන ලද්දා වූ එම උතුරු සිරියානු නගරය නටබුන් වී ඇත. එහි නිවාස මෙන් ම ජලය, විදුලිබලය, සෞඛ්‍යාරක්ෂක හා සෞඛ්‍ය පොදුකාර්ය පහසුකම් විනාස කෙරී ඇත. මෙම දරුවා ග්‍රීසියට පැමිනීමට උත්සාහ දරන අතරතුර දියේ ගිලුනු දොලොස්දෙනාගෙන් එක් අයෙකු විය. ඔහුගේ මව හා අවුරුද පහක් වන සහෝදරයා ද ඊට ඇතුලත්ය. පවුලේ අයගෙන් බේරුනු එකම පුද්ගලයා වන, කම්පනයට පත් පියා ඔවුන්ගේ දේහයන් සමග ආපසු සිරියාව බලා යන බව පැවසීය. ඔහුගේ එකම බලාපොරොත්තුව මියයාම හා ඔවුන් සමග මිහිදන් වීම බව ඔහු සිය ඥාතීන්ට දැනුම් දුන්නේය.
    මධ්‍යධරනී මුහුද තරනය කිරීමට උත්සාහ ගැනීමේ දී හෝ අධික ලෙස රත්වුනු වෑන් රථ වලට සැමන් මාලුමෙන් ඇසිරීමේ දී හුස්ම හිර වී තම ජීවිත අහිමි කර ගත් දහස් ගනන‍කගෙන් කොටසක් වන මෙම මරන වෙනුවෙන් දේෂාරෝපන සම්භාරයක් පැතිර යාමට නියමිත ය.

    බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ජීවත් වන දරුවාගේ නැන්දනිය විසින් ඇලන්ගේ පවුලේ අයට රැකවරනය සපයන ලෙස පසු ගිය ජූනි මාසයේ දී කරන ලද ඉල්ලීම, කැනඩාවේ කොන්සවටිව් ආන්ඩුව නොසලකා හැරියේ ය.
    යුරෝපා සංගම් රටවල් සරනාගත රැල්ලට සලකා ඇත්තේ, මර්දනය කල යුතු හා වැලක්විය යුතු කාරනයක් ලෙසය. ඔවුහු, ඇලන්ගේ වැනි පවුල් අවදානමේ තබන හා දහස් ගනනක් මරනයට නියම කරන යුරෝපා බලකොටුවක් ඇතිකිරීමේ උත්සාහයක් ලෙස කඩිමුඩියේ නව වැටවල් ඉදි කරමින් හා සරනාගත කඳවුරු පිහිටුවමින් සිටිති.

    ඇමරිකාව සම්බන්ධයෙන් සලකන කල තත්වය කුමක් ද? යුරෝපා දේශසීමාවේ දිගහැරෙන මෙම ශෝඛාන්තය නිර්මානය කිරිමේ දී වොෂින්ටනයේ කේන්ද්‍රීය කාර්යභාරය සම්බන්ධයෙන් ඇමරිකානු දේශපාලඥයින් හා මාධ්‍යය සිතාමතාම නිශ්ශබ්ද ය.

    උදාහරන වශයෙන්, වොෂින්ටන් පෝස්ට් මෙම සතියේ මුල කතුවැකියක් ප්‍රසිද්ධ කලේ , “ඇෆ්ගනිස්තානය, සුඩානය, ලිබියාව හා ―සියල්ලලටත් වඩා ―සිරියාව තුල හටගන්නා ප්‍රශ්නයක් තමන්ගේ ම එකක් ලෙස විසඳීම යුරෝපයෙන් බලාපොරොත්තු විය නොහැකි” බව සඳහන් කරමිනි. නිව් යෝක් ටයිම්ස් ද හඬනගන්නේ එවැනි ස්වරයකි: “මෙම විනාසයේ මූලයන් පවතින්නේ යුරෝපයට පමනක් තනියෙන් විසඳිය නො හැකි අර්බුදය තුල ය: සිරියාවේ හා ඉරාකයේ යුද්ධ හා ලිබියාවේ ව්‍යාකූලත්වය තුල ය...”

    මෙම “විනාසයට” මග පෑදූ එම රටවල අර්බුදයන්ගේ “මූලයන් ” මොනවා ද? මෙම ප්‍රශ්නයට ප්‍රතිචාරය වන්නේ සාපරාධී නිහඬතාවය පමනි.
    යුරෝපය තුලට සරනාගතයන් ගලා ඒම පසු පස කුමක් පවතී දැ යි යන්න පිලිබඳව කෙරෙන ඕනෑ ම බැරෑරුම් සලකා බැලීමක් තුඩු දෙන්නේ, එය ශෝඛාන්තයක් පමනක් නොව අපරාධයක් අන්තර්ගත කර ගනිති යි යන අනිවාර්ය නිගමනයට යි. වඩාත් නිශ්චිතව පවසන්නේ නම් එය, වසර විසිපහකට වැඩි කාලයක් පුරා, බටහිර යුරෝපීය සහචරයන්ගේ සහයෝගය හා උදාසීනත්වය සමගින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් හඹායන ආක්‍රමනකාරී යුද්ධ හා තන්ත්‍ර වෙනස් කිරීමේ සාපරාධී ප්‍රතිපත්තියේ ඛේදනීය අතුරු ඵලයකි.

    1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව ඇමරිකානු පාලක පැලැන්තිය නිගමනය කලේ, ඇමරිකානු ධනවාදයේ දීර්ග කාලීන ආර්ථික පරිහානිය මගහැරීමේ මාර්ගයක් ලෙස, එරට අද්විතීය මිලිටරි ආධිපත්‍යය ගසා කෑමට තමන්ගේ දෑත් නිදහස් වූ බව යි. වොෂින්ටනය මිලිටරි ආක්‍රමන මාර්ගයෙන් ප්‍රධාන වෙලඳපොල හා අමුද්‍රව්‍ය මූලාශ්‍රයන් මත සිය ආධිපත්‍යය තහවුරු කිරීමේ මූලෝපායක් ඇරඹුවේ, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ බලශක්තියෙන් පොහොසත් කලාප සමග පලමුව හා ප්‍රධාන වශයෙන් එයට මුල පුරමිනි.
    1991 ඉරාකයට එරෙහි පලමු යුද්ධය ඉක්බිත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් පෙරට ගෙන ගිය “බලාත්කාර වැඩ” නම් සටන් පාඨය තුල මෙම මූලෝපාය ම්ලේච්ඡ ලෙස සාරාංශ කෙරුනි.

    යුරෝපයට ලඟාවීමට උත්සාහ ගන්නා මංමුලා සහගත වර්තමාන සංක්‍රමනිකයන්ගේ රැල්ල තුල ලෝකය අත්දකිමින් සිටින්නේ, පසුගිය සම්පූර්න කාලයේ දී ඔවුන් හඹා ගොස් තිබුන මෙම ප්‍රතිපත්තියේ බලපෑම යි.
    “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” පිලිබඳ කඩතුරාව යටතේ ගෙන ගියා වූ ද ඉරාකයේ “ජන ඝාතක අවි” පිලිබඳ කුප්‍රකට බොරු සමගින් යුක්තිසහගත කලාවූ ද ඇෆ්ගනිස්තානය හා ඉරාකය තුල දශක ගනනාවක් දිගු යුද්ධ අවසන් කෙරුනේ, සමස්ත සමාජය විනාස කිරීම සහ පිරිමි, ගැහනු හා ලමුන් මිලියන ගනනක් මරාදැමීමෙන් පමනි.

    ඒවා පසු පස, ඊනියා අසාර්ථක රාජ්‍යයක් ලෙස නම් කල ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ තන්ත්‍රය පෙරලා දැමූ සහ තරඟකාරී මිලීෂියා හමුදාවන්ගේ නිරන්තර සටන්වලින් විනාසවුනු ලිබියාව තුල ඇමරිකානු-නේටෝ තන්ත්‍ර මාරුව සඳහා ගෙන ගිය යුද්ධය ඉන් පසුව එලඹුනි. ඊ ලඟට පැමිනියේ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීම හා දමස්කස් හි, වඩා කීකරු බටහිර ගැති රූකඩයෙකු බලයට ගෙන ඒමේ එල්ලය ඇතිව ඇමරිකානු හා එහි සහචර අධිරාජ්‍යවාදීන් විසින් එක්රැස් කෙරුනු, සන්නද්ධ කෙරුනු හා අරමුදල් සැපයුනු සිරියානු සිවිල් යුද්ධය යි.

    ලිබියාව හා සිරියාව තුල කොල්ලකාරී මැදිහත්වීම “මානව හිමිකම්” හා “ප්‍රජාතන්ත්‍රවාදය” නාමයෙන් යුක්තිසහගත කෙරුනේ, මෙම පදනම මත, මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථරයන් නියෝජනය කරන ව්‍යාජ වාම සංවිධානයන්ගේ― එනම්, ජර්මනියේ වාම පක්ෂය, ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය හා අනෙකුත් සංවිධාන ― සම්පූර්න පදාසයකම සහයෝගය ලබා ගනිමිනි. ඔවුන්ගෙන් සමහරෙක් සීඅයිඒ සංවිධානය විසින් සන්නද්ධ කරන ලද හා අරමුදල් සැපයුනු ඉස්ලාමීය මිලීෂියා හමුදා, “විප්ලවවාදීන්” යැයි නම් කිරීමට තරම් දුර ගියහ.

    මංමුලා සහගත හා මාරාන්තික පලායාම කරා ලක්ෂ ගනන් මිනිසුන් තල්ලු කෙරෙන වර්තමාන තත්වය හා නො ඉවසිය හැකි පීඩනය නියෝජනය කරන්නේ, අධිරාජ්‍යවාදයේ මෙම සියළු අපරාධවල සමස්තයයි. අයිඑස්අයිඑස් නැගීම සහ ඉරාකය හා සිරියාව තුල සිදුවෙමින් පවතින ලේවැකි නිකායික සිවිල් යුද්ධ, ඇමරිකාව විසින් ඉරාකය විනාස කිරීම සහ එය පසු පස පැමිනි සිරියාව තුල අයිඑස්අයිඑස් හා ඒ සමාන මිලීෂියා කන්ඩායම්වලට සීඅයිඒ හා වොෂින්ටනයේ කලාපීය සහචරයන් විසින් දෙනු ලබන සහයෝගයේ ප්‍රතිඵල ය.

    මෙම අපරාධවලට කිසිවෙකු වගවනු නැත. මුසාවාද මත පදනම් ව ඉරාකය තුල ආක්‍රමනකාරී යුද්ධයක් ගෙන ගිය බුෂ්, චේනි, රම්ස්ෆෙල්ඩ්, රයිස්, පවෙල් හා පෙර පැවති පාලනාධිකාරයන්ගේ අනෙකුත් අය සම්පූර්න දන්ඩමුක්තිය භුක්ති විඳිති. ලිබියාව හා සිරියාව මත මුදා හැර ඇති විනාසය සඳහා ඔබාමාගේ සිට පහලට වර්තාමාන පාලනාධිකාරයේ සිටිනවුන් තවමත් මේ දක්වා වගකීමට නම් කෙරී නැත. ඔවුන්ගේ අපරාධ සහායකයෝ බොහෝ වෙති. යුද ප්‍රතිපත්ති සඳහා රබර් මුද්‍රාව ලෙස ක්‍රියා කල ඇමරිකානු කොංග්‍රසයේ සිට, බොරු මත පදනම් ව අමරිකානු ජනතාව මත බලෙන් යුද්ධ පැටවීමට උදව් කර ඇති මාධ්‍ය ද හා ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට හා එහි “මානවහිතවාදී මැදිහත්කරුවන්ට” ප්‍රගතිශීලී කාර්යභාරයක් ආරූඪ කර ඇති ව්‍යාජ වම්මුන් දක්වා සියල්ලෝ වෙති.
    යුරෝපයේ දේශසීමාවන් මත දිග හැරෙන ඛේදවාචකය වෙනුවෙන් ඔවුන් එක් ව වගකිව යුතු ය. ශෝඛාන්තයකට වඩා වැඩි දෙයක් වන එය දිග්ගැස්සුනු හා ඉදිරියට ඇදෙමින් පවතින යුද්ධයේ කොටසකි.

    බිල් වෑන් ඕකන්


    http://www.wsws.org/sinhala/2015/2015sep/pers-08s.html
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවට ඉරාකෙට කෙළවීමෙන් ප්‍රයෝජන ගන්නෙත් මුස්ලිම් එකාලම තමයි.දකුණු ඇමෙරිකාව ,ඇන්ටාර්ටිකාව ඇරෙන්න ඉතුරු මහද්වීප 3ටම කෙලින්න දැන් උන්ට පුලුවන්.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුස්ලිම් රටවල් එකක්වත් සිරියානු සරණාගතයන් බාරගන්නෙ නෑ. සවුදියට ගන්නවා නම් කොච්චර ගන්න පුළුවන්ද? යුරෝපා රටවල් ඔය ප්‍රමාණයෙන් හරි ගන්න එක ගැන සතුටු වෙන්න ඕනි. මොකද මුස්ලිම් මිනිස්සු කොහේ ගියත් උන්ගෙ අන්තවාදීකම හින්දා ප්‍රශ්න ඇති කරගන්නවා.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    දෙවන ලොක යුද්ධන් පසු ඇතිවෙච්ච දරුනුතම සරණාගත අර්බුදය. බෂාර් අල් අසාද් අග්‍රගන්‍ය නායකයෙක් නොවුනත් ඔහුගේ පාලන කාලයේ දරුනු අර්බුද තිබුනේ නෑ. අමරිකාවට අවශ්‍ය වුනේ රුසියානු හිතවාදී පාලකයා අයින් කිරීමට අරාබි වසන්තය ප්‍රයෝජනයට ගෙන මුස්ලිම් අන්තවාදයට සහය දැක්වීමයි. මේ තත්වයට වගකියන්න ඕන පැහැදිලිවම අසාද් රජය පෙරලන්න කැරලිකරුවන්ට ආධාර කරපු අය ඔය ISIS හැදුනෙ උන්ගෙන්. මේ තත්වයෙදි බෂාර් අල් අසාද්ට බෝලෙ පාස් කරන්න බටහිර රටවල්, බටහිර ජනමාධ්‍ය, බටහිර රටවල් අනුබද්ධ මානව හිමිකම් සංවිධාන උත්සාහ කිරීම හාස්‍යජනකයි
    ධනවත් මුස්ලිම් රටවල මේ සිද්දියේදි හැසිරීම ඊටත් වඩා හාස්‍යජනකයි. මේ වීඩියෝ එක බලන්න
    https://www.facebook.com/samira.siamak/videos/827178034068840/
     
    Last edited: