සිරියාවේදී අත්හදා බැලූ රුසියානු මරාගෙන ම

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සිරියාවේදී අත්හදා බැලූ රුසියානු මරාගෙන ම

    සිරියාවේදී අත්හදා බැලූ රුසියානු මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය

    attachment.php


    ගිනි අවි නිෂ්පාදනය නිසා අතිශය ප්‍රසිද්ධියට පත් රුසියාවේ කලෂ්නිකොව් සමාගම දැන් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා නිෂ්පාදනයට අත ගසා තිබේ.මෙම ඩ්‍රෝන් යානය සැලසුම් කර තිබෙන්නේ දුරස්ථ ගොඩබිම් ඉලක්ක විනාශ කිරීම සඳහාය.

    "ඉහල නිරවද්‍යතා මිනිසුන් රහිත ගුවන් පද්ධතිය" හෙවත් KUB-BLA යානය පළමුවරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද්දේ පසුගිය මාසයේ අබු ඩාබි නගරයේ පැවති අන්තර්ජාතික ආරක්ෂක ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයේදීය.මෙම ඩ්‍රෝන් යානය එහි හිසේ ගෙන යන පුපුරණ ද්‍රව්‍ය සහිත ශීර්ෂය ඉලක්කය මත ගැටීමෙන් පුපුරවා හරියි.අවශ්‍ය නම් දුරස්ථව KUB-BLA යානය ඉලක්කය කරා මෙහෙය වන්නට හෝ ඉලක්කයේ ඡායාරූප යානයේ මාර්ගෝපදේශන පද්ධතියට උඩුගත කිරීමෙන් පසුව ඊට ස්වංක්‍රීයව ඉලක්ක සොයා ගොස් විනාශ කිරීමට හැකියාව තිබේ


    attachment.php



    IDEX 2019 ප්‍රදර්ශනයට එක් කර තිබූ රුසියානු KUB-BLA ඩ්‍රෝන් යානය​

    KUB-BLA ඩ්‍රෝන් යානයේ කිලෝ ග්‍රෑම් 3ක් බර පුපුරණද්‍රව්‍ය ගෙන යා හැකිය.එහි පියාසර කාලය මිනිත්තු 30කි.උපරිම පියාසර වේගය පැයට කිලෝ මීටර් 130ක් වේ.මෙම යානය මි.මී.1210 පළලින්ද,මි.මී.950 දිගකින් සහ මි.මී.165 උසකින් යුක්තය.එහි අඩංගු වන්නේ අධි බලැති පුපුරණද්‍රව්‍යයයි.කලෂ්නිකොව් සමාගමට අනුව ඩ්‍රෝන් යානයේ තිබෙන වාසි වන්නේ රහසිගත දියත් කිරීමේ හැකියාව,ඉහල නිරවද්‍යාවයක් සහිත ප්‍රහාරය,නිශ්ශබ්දව පියාසර කිරීමේ හැකියාව සහ හැසිරවීමේ පහසුව ආදියයි.

    attachment.php


    KUB-BLA ඩ්‍රෝන් යානය​

    පෙනෙන හැටියට KUB-BLA යානය දැනටමත් සිරියාවේ දී අත්හදා බලා තිබේ.

    2015 ඔක්තෝම්බර් මස 19දා සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ මාර් ෂමරින් නගරය ආසන්නේ අරාර් අල්-ෂාම් සටන්කාමී කණ්ඩායමේ සටන්කරුවන් ඉලක්ක කර අභිරහස් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා 5ක් ප්‍රහාර එල්ල කරන ලදි.ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව "ස්මාට්" නම් ප්‍රාදේශීය පුවත් ආයතනය විසින් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සටන්කාමීන් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදි.මෙම අරුම පුදුම අවියෙන් තමන්ගේ එක් සටන්කරුවෙක් මිය යාමත් ,ඔවුන්ගේ බොහොමයක් උපකරණ විනාශ වීමත් නිසා සටන්කාමීන් බියටත් ,විශ්මයටත් පත්ව සිටියහ.


    attachment.php


    සිදුවීමෙන් පසුව කිසිවෙකුට මෙම ඩ්‍රෝන් යානා හඳුනා ගැනීමට නොහැකි විය.සමහර මූලාශ්‍රවලට අනුව මේවා ZALA 421-16E නම් ඩ්‍රෝන් යානාය.කෙසේවෙතත් ZALA 421-16E යානයට ප්‍රහාරක හැකියාවක් නොමැති අතර මරාගෙන මැරෙන යානාවල අවශේෂ සමග සංසන්දනය කරද්දී ZALA 421-16E යානය ඒවා සමග ගැලපීමක් නොමැත.



    අරාර් අල්-ෂාම් සටන්කාමීන් ඉලක්ක කල මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා සමග සංසන්දනය කරද්දී KUB-BLA යානයේ සැලැස්ම ඊට සෑම අතින්ම ගැලපේ.අනෙක් කරුණ වන්නේ ප්‍රහාරය එල්ල වූ ස්ථානයයි.2015 වර්ෂයේදී සිරියානු රජයේ හමුදාවල බලකොටුවක් වූ මොරෙක් හි සිටි කි.මී. 27ක් උතුරින් මාර් ෂමරින් නගරය පිහිටා තිබේ.KUB-BLA ඩ්‍රෝන් යානයේ ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කල විට පෙනී යන්නේ එහි මෙහෙයුම් පරාසය කි.මී. 40ක් දක්වා විහිදෙන බවයි.ඒ අනුව එම යානයට අවශ්‍ය නම් අරාර් අල්-ෂාම් කණ්ඩායම ස්ථානගත වී සිටි ප්‍රදේශය ඉක්මවා ගොස් පහරදීමේ හැකියාවද තිබේ.


    attachment.php

    KUB-BLA ඩ්‍රෝන් යානයක් අත්හදා බැලූ අවස්ථාවක්​

    සිය නූතන අවි සහ උපකරණ අත්හදා බැලීමේ භූමියක් ලෙස රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, සිරියාව භාවිතා කල පළමු වතාව මෙය නොවේ.නිල තොරතුරුවලට අනුව 2015 වර්ෂයේදී සිරියාව තුල සිය ත්‍රස්ත විරෝධී මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව සුකොයි-57 පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානය,උරාන්-9 දුරස්ථ පාලක ගොඩබිම් රථය සහ ටර්මිනේටර්-2 සන්නද්ධ ප්‍රහාරක රථය ආදී අවි සහ උපකරණ 300කට වැඩි ප්‍රමාණයක් රුසියාව විසින් සිරියාව තුලදී අත්හදා බලා තිබේ.කෙසේවෙතත් යුද්ධයකදී රුසියානු පාර්ශ්වය පළමුවරට ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් යොදා ගත් අවස්ථාව ලෙස ඔක්තෝම්බර් 19දා සිදුවීම ඉතිහාස ගතවනු ඇත.





    ref >>unofficialbattlefield.blogspot
     

    Attachments

    • 1111111111111111111.jpg
      1111111111111111111.jpg
      54.5 KB · Views: 282
    • 2222222222222222222222.jpg
      2222222222222222222222.jpg
      40.9 KB · Views: 284
    • 33333333333333333333.jpg
      33333333333333333333.jpg
      38.1 KB · Views: 276
    • 66666666666666666666.jpg
      66666666666666666666.jpg
      45.2 KB · Views: 275
    • 5555555555555555555.jpg
      5555555555555555555.jpg
      59.9 KB · Views: 277