සිරියාවේ මොකද වෙන්නේ-13

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-13

    yZE1Eua.jpg

    2017 සැප්තැම්බර් 17

    රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව සිරියානු රජයේ හමුදා සහ අනෙකුත් මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් සැප්තැම්බර් මස 5 වනදා ඩීර් එසෝර් නගරයට ඇතුල්විය.වසර 3ක් තිස්සේ නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ථවාදීන්ගේ වැටලීමට ලක්ව තිබිණි.ඩීර් එසෝර් ජයග්‍රහණයක් සමග ඇමෙරිකානු සහාය ලබන කුර්දි හමුදාව ඇතුලු සන්නද්ධ කණ්ඩායම් වලින් සමන්විත සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා ඩීර් එසෝර් නගරය දෙසට යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර දෙසින් තවත් මෙහෙයුමක් දියත් කරන ලදි.ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කලේ සිරියානු රජයේ හමුදාවන්ට යුප්‍රටීස් ගංගාව තරණය කිරීමට ඉඩ නොදෙන බවයි.මෙය කොතරම් විහළු සහගත ප්‍රකාශයක්ද වන්නේ ඔවුන් වළක්වන්නට උත්සාහ ගන්නේ සිරියානු රජයේ නීත්‍යානුකූල හමුදාව නිසාවෙනි.ඉතා කෙටි කාලයකින් යුප්‍රටීස් ගංගාව ආසන්නයට ලගාවන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාව සමත් වීමද පුදුමය දනවන සිද්ධියකි.

    GLJTiaq.jpg
    මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව්​

    සැප්තැම්බර් මස 17 දා රුසියානු හමුදාව ප්‍රකාශ කර තිබුණේ පසුගිය දින කිහිපය තුල ඩීර් එසෝර් නගරයේ උතුරු ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා අතර කිසිදු ගැටුමක් සිදුවෙනවා තමන්ගේ නිරීක්ෂණයට ලක් නොවූ බවයි.ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින ඒකකවලට සැප්තැම්බර් මස 16 දා රුසියානු ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වූයේ යැයි එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය එල්ල කරන චෝදනාවට පිළිතුරු සපයමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව් විසින් එසේ ප්‍රකාශ කර තිබිණි.

    6DwU5Zw.jpg

    "පසුගිය දින කිහිපය තුල යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග තුන්වන පාර්ශ්වයක හමුදාවක් සටන් වදිනවා රුසියානු ඔත්තු බැලීම් සහ නිරීක්ෂණ පහසුකම්වලට හසුවූයේ නැහැ.ඩීර් එසෝර් හි නැගෙනහිර ප්‍රදේශයේ ISIS ත්‍රස්තවාදීන් සතුව පැවතුණු භූමිය ඔවුන් සමග කිසිදු සටනකින් තොරව අල්ලා ගැනීමට විරුද්ධ පාර්ශ්වයේ සාමාජිකයෝ හෝ ජාත්‍යන්තර මිත්‍ර සන්ධානයේ හමුදා උපදේශකයෝ සමත් වූයේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුර දිය හැක්කේ ජාත්‍යන්තර සන්ධානයේ නියෝජිතයන්ට පමණි." - මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව්

    oDQSvoX.jpg

    අනවශ්‍ය ගැටුමක් වළක්වා ගැනීමට ඩීර් එසෝර් මෙහෙයුම සම්බන්ධව දෙපාර්ශ්වය අතර සන්නිවේදන චැනලයක් ඇතිකර ගත යුතු යැයිද ජෙනරල්වරයා පැවසීය.ISIS ත්‍රස්තවාදීන් සිරියානු රජයේ හමුදාවට පහරදීමට යොදාගන්නා ස්ථාන ඉලක්ක කිරීම පමණක් රුසියානු ගුවන් හමුදා සිදුකරන බව ඔහු පවසයි.ඇමෙරිකානු සහාය ඇතිව ක්‍රියාත්මක සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදාවල මෙහෙයුමේ අරමුණ ඩීර් එසෝර් හි උතුරු ප්‍රදේශය ඇතුලු යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ බලය සිරියානු රජයේ හමුදා අතට පත්වීමත් එම ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම වැළැක්වීමත් බව පැහැදිලිය.රුසියාව එල්ල කලා යැ‍යි කියන ප්‍රහාරය මේ වන විට දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකට මූල බීජය බවට පත්ව තිබේ.




    යුප්‍රටීස් ගංගාව තරණය කිරීම

    2017 සැප්තැම්බර් 18

    රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයකට අනුව සැප්තැම්බර් මස 18දා සිරියානු රජයේ හමුදාව යුප්‍රටීස් ගංගාව තරණය කර එහි නැගෙනහිර ඉවුරට ලගා වී එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක බලය අල්ලා ගැනීමට සමත් විය.පාරු පාලමක් යොදාගෙන සීර්යානු හමුදාවේ 4 වන සන්නද්ධ සේනාංකය යුප්‍රටීස් ගංගාව තරණය කරන ලදි.



    VE4ZcqO.jpg
    යුප්‍රටීස් ගංගාව අද්දර සිටින සිරියානු හමුදා සෙබලෙක්​

    GSzAZuY.jpg
    සිරියානු සෙබලුන් ගංගාව හරහා පාරු පාලමක් ඉදි කරමින්​

    සිරියානු හමුදාව යුප්‍රටීස් ගංගාව තරණය කරන අයුරු රුසියානු රජයට අයත් Rossiya 25 නම් රූපවාහිනී නාලිකාව මෙලෙස වාර්තා කරන ලදි.


    කුර්දි ජනතා ආරක්ෂක ඒකක විසින් නිකුත් කල වීඩියෝවක පෙනී සිටි සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා අණදෙන නිලධාරියෙක් ප්‍රකාශ කර තිබුණේ ඔවුන් ඩීර් එසෝර් හි කර්මාන්ත ප්‍රදේශයට පිවිසීමටත් විදුලි නිෂ්පාදන සමාගමක් සහ සීනි කර්මාන්ත ශාලාවක් අල්ලා ගැනීමට සමත් වු බවයි.ඒ වන විට සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා යුප්‍රටීස් ගංගාවට කි.මී.6 ක් තරම් ආසන්නයේ පසුවිය.


    "අපේ හමුදා ඉලක්ක කරගෙන රුසියාව පහරදීම සත්‍යයකි.නමුත් එය අපව බිය කරන්නට හෝ නවත්වන්නට සමත් නොවේ.අපි හමුදා බලකායක් සහ රජය කොතරම් අපව ඉලක්ක කලත් අපි එලෙසම ප්‍රතිචාර දක්වනවා.රජයට අවශ්‍ය අපගේ ගමන නවත්වන්න.අපිව කවුරුන් ඉලක්ක කලත් අපි ඔවුන්වද ඉලක්ක කරනවා.ඒ සිරියානු රජය හෝ රුසියාව වුවත් අපට කමක් නැහැ''
    යනුවෙන් ඔහු පැවසීය.


    I64EtBD.jpg
    ඩීර් එසෝර් යුද සිතියම - 2017 සැප්තැම්බර් 18 දා​

    OwapqyY.jpg

    ඩීර් එසෝර් හි අනාගතය සම්බන්ධව සාකච්ඡා කිරීමට හමුවක් පැවැත්වීමට එක්සත් ජනපදය රුසියාවට යෝජනාවක් ගෙන ආ බව RIA රුසියානු පුවත් සේවය වාර්තා කර තිබිණි.එම වාර්තාවට අනුව වොෂිංටනයට අවශ්‍යව තිබෙන්නේ නැගෙනහිර සිරියාවේ යුද මුක්ත කලාපයක් ස්ථාපනය කිරීමටයි.සිතියමක්ද සමග තමන්ගේම යෝජනාවක් රුසියාව විසින් එක්සත් ජනපදයට ඉදිරිපත් කර තිබේ යැ‍යිද RIA පුවත් සේවය වාර්තා කරයි.කෙසේවෙතත් නැගෙනහිර සිරියාව දිනාගැනීමේ තරඟයේදී ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය පරාජය වෙමින් සිටියි.ඒ නිසා මේ තත්ත්වයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබාගැනීමට කතිකාවක් ඇති කරගැනීම දැන් ඔවුන්ගේ අරමුණ බවට පත්ව තිබේ.





    2017 සැප්තැම්බර් 19

    සැප්තැම්බර් 19 වන විට සිරියානු අරාබි හමුදාව,සිරියානු ජනරජ ආරක්ෂක බලකාය සහ ඔවුන්ගේ මිත්‍ර සටන්කාමී කණ්ඩායම් යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ බලය තවදුරටත් තහවුරු කරගනිමින් සිටියි.ඊයේ දිනය වන විට රජයේ හමුදා යුප්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරේ අල් මයාඩීන් නගරයට කි.මි.30ක් පමණ දුරකින් සිටියහ.

    කුර්දි මූලාශ්‍රවලට අනුව සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා වේගයෙන් යුප්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරට ලගාවෙමින් සිටියි.කෙසේවෙතත් රුසියානු සහ සිරියානු හමුදා ඔවුන්ගේ හමුදා කණ්ඩ ඉලක්ක කරගෙන බෝම්බ හෙලන්නේ යැ‍යි චෝදනා එල්ල වේ.ඔවුන්ගේ පාර්ශ්වයේ මූලාශ්‍රවලට අනුව සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා නැගෙනහිර ඉවුරට කි.මී.2 පමණ දුරකින් පසුවේ.සැප්.19 වන විටත් ඔවුන් අල්-හුස්සයිනියාහ් ගම්මානය අල්ලගෙන නොතිබූ බව තහවුරු කරන ලදි.





    Source:southfront.org

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ ISIS කාරයෝ තාම ඉවරකරගන්න බරිවෙලානේ ඇත්තට :baffled:


    ඕක ඉවර වෙයි කියලා හිතන්න බෑ.සිරියාවෙන්,ඉරාකයෙන් මුන්ව අතුගාලා දැම්මත් වෙන රටකින් මතුවෙයි.

    ඇෆ්ගනිස්ථාන,ලිබියාව,ඊජිප්තුව,පිලිපීනය .... මේ රටවලින් ISIS තර්ජනය මතුවෙලා ඉවරයි.මාස ගාණක් ගිහින් තවම පිලිපීනයේ නගරයක් අල්ලගෙන ඉන්න ISIS ත්‍රස්තවාදියෝ මුලුමනින්ම පරාජය කරන්න ඒ රටේ හමුදාවට තාම පුලුවන් වෙලා නෑ.සමහර විට මියන්මාරෙන් උනත් ඕකුන් මතු වෙන්න පුලුවන්.කාලයක් අල්කයිඩා කියලා ආව ත්‍රස්තවාදීන්ගේ අලුත් සංස්කරණය ISIS කියලයි කියන්නේ.යුදමය වශයෙන් මැදිහත් වෙන්න බැරි රටකට රිංගන්න ISIS එක ටූල් එකක් විදියට ඇමෙරිකාව පාවිච්චි කරනවා කියලා කතාවකුත් තියෙනවා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක යුද්දයක් නෙමේ මහ අච්චරුවක්නෙ බන්. :dull:උඹට පින් සිද්දවෙන්න තමා දන්න තරමක් දැනගත්තෙ.:yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ඉවර වෙයි කියලා හිතන්න බෑ.සිරියාවෙන්,ඉරාකයෙන් මුන්ව අතුගාලා දැම්මත් වෙන රටකින් මතුවෙයි.

    ඇෆ්ගනිස්ථාන,ලිබියාව,ඊජිප්තුව,පිලිපීනය .... මේ රටවලින් ISIS තර්ජනය මතුවෙලා ඉවරයි.මාස ගාණක් ගිහින් තවම පිලිපීනයේ නගරයක් අල්ලගෙන ඉන්න ISIS ත්‍රස්තවාදියෝ මුලුමනින්ම පරාජය කරන්න ඒ රටේ හමුදාවට තාම පුලුවන් වෙලා නෑ.සමහර විට මියන්මාරෙන් උනත් ඕකුන් මතු වෙන්න පුලුවන්.කාලයක් අල්කයිඩා කියලා ආව ත්‍රස්තවාදීන්ගේ අලුත් සංස්කරණය ISIS කියලයි කියන්නේ.යුදමය වශයෙන් මැදිහත් වෙන්න බැරි රටකට රිංගන්න ISIS එක ටූල් එකක් විදියට ඇමෙරිකාව පාවිච්චි කරනවා කියලා කතාවකුත් තියෙනවා.
    :yes: මේ ලංකාවෙනුත් ISIS කාරයෝ මතුවෙන එකේ මැදපෙරදිග රටවල් ගැන කවර කතාද :yes: උන්ව ඉවරකරත් වෙන නමකින් ආයෙත් තව සෙට් එකක් වෙන රටකින් මතුවේවි.
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    ube post serama wage mama balala thiyenawa.
    good work bro!!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    මේ ISIS කාරයෝ තාම ඉවරකරගන්න බරිවෙලානේ ඇත්තට :baffled:

    TFS :love: +14
    කොහොම ඉවර කරන්නද බන් , ISIS උන්ව ඇමරිකන් කාරයෝ ආරක්ෂා කරනවා. උන් යුද්දේ අන්තිම කලේ කොටි ලොක්කෝ ටිකත් රටෙන් පන්නන හැදුවේ. අපහු යුද්දයක් ඇති කරන්නනේ ;););)