සිරිලක_තෙල්_ශාක

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිරිලක_තෙල්_ශාක

    සිරිලක තෙල් ශාක

    ANARIUM-COMMUN.jpg


    ඛනිජ තෙල් භාවිතයට පෙර අපේ පැරණියන් අඳුර දුරලනු පිණිසත්, සුපසන් ආලෝකයෙන් සිය නිවහන තබාගැනීමටත් ශාක තෙල් යොදා ගත්තේය. රජ මැදුරේ සිට ඉළුක්‌, මානා පිදුරු සෙවිලි කළ පැල්පත දක්‌වාම මෙම ශාක තෙල් මගින් දැල්වෙන පහන් එළියෙන් ඔවුහු රාත්‍රිය පහන් කළහ. එපමණක්‌ නොව පොල් තෙල් භාවිතයට පෙර ආහාර පිසීමටද මෙම අගනා ශාක තෙල් සංයුතිය භාවිත කළේය.

    මී, නා, දොඹ, කීන, කොට්‌ටම්බා, කරඳ, හිඟුල්, තොලොල්, කොහොඹ, මඩොල් කොකුන්, එඬරු, මෙම තෙල් ශාක වර්ග එදා ජන ජීවිතයේදී එළිය ලබාදීමට අතිමහත් ලෙස උපකාරී විය. මේවායේ ගෙඩි, කරල් අතීතයේ තෙල් නිෂ්පාදනයට උපකාරී වූ අතර නිවෙස්‌ එළිය කිරීමට පමණක්‌ නොව රාත්‍රී කාලයේ ගමන් බිමන් යැමට අවශ්‍ය පන්දම් සඳහා ද යොදා ගත්තේය. එපමණක්‌ නොව විවිධාකාර රෝග පීඩාවන් සමනය කිරීමටත් මෙම තෙල් වර්ග ඔවුන්ට පිහිට විය.

    රජ මැදුරට පවා තෙල් සපයා දෙන නිලධාරී මණ්‌ඩලයක්‌ සිටි බව සඳහන්ය. එම නිසා තෙල් සිඳගැනීමේ ක්‍රියාවලිය ගෘහස්‌ථ කාර්යයක්‌ මෙන්ම අත්‍යවශ්‍ය සේවාවක්‌ විය. තෙල් සිඳගැනීමේ කාර්යය ක්‍රම කීපයකට කළ බව පෙනේ.

    එක්‌ ක්‍රමයක්‌ වූයේ තෙල් අඩංගු ඇටය තළා කටුව බැහැර කොට අව්වේ ලා වේළා ගෙන වංගෙඩියට දමා කොටා වණ්‌ඩුවේ තම්බා ගැනීමයි. මේ සඳහා කිතුල් හනසු හා වේවැල් වලින් සාදනු ලැබූ තෙල් පැසක්‌” භාවිත කරයි. අනික්‌ ක්‍රමය එසේ තම්බාගත් මද කුඩු කොට තෙල් මිරිකී එන ලෙස දැවයෙන් හෝ පාෂණයෙන් වූ බරක්‌ දමා තෙරපීමය. එසේ තබන බර “තෙලියක” නමි. මෙසේ පෙරා සාදා ගන්නා තෙල් පමණක්‌ නොව ඒවායේ ඉතිරි වූ කොටස්‌ද ඉටි ලෙස පහන් දැල්වීමට යොදා ගනියි. උදාහරණයක්‌ ලෙස කැකුණ ඉටි හා මී ඉටි බොහෝ විට දීප්තිමත් ආලෝකයක්‌ ලබා දෙන බව ගැමියෝ විශ්වාස කළහ.

    අපේ රටේ තෙල් ලබාදුන් ශාක අතර “කැකුණ ගස” තෙලින් සරුසාර වූ වෘක්‍ෂයකි. වනගතව මෙන්ම ගෙවතුවලද එදා කැකුණ බහුලව වැවී තිබුණි. කැකුණ වර්ග දෙවර්ගයක්‌ ඇත.

    එනම් තෙල් කැකුණ (ALEURITES TRILOBA) සහ රට කැකුණ (ANARIUM COMMUN) යන දෙවර්ගයයි.

    තෙල් කැකුණ ඇටය තෙලින් පිරී පවති. මේවා ඵල දරන්නේ එක කාලයකටය. එවිට කැකුණ ඇට අහුලා තෙල් සිඳීම කරනු ලබයි. කැකුණ තෙල නෙතට සහනයක්‌ ලබාදෙන ගුණයක්‌ ඇති බව එදා විශ්වාසය විය. පොකුරු වශයෙන් ගෙඩි හට ගන්නා රට කැකුණ “ආමන්ඩ්” නමින් ඉංග්‍රීසීන් අතර ව්‍යවහාර වේ. මෙහි විශේෂය වන්නේ “ආමන්ඩ්” රසැති මෙහි පොත්ත මෙන්ම ඇටද තෙල් සිඳ ගැනීමට මෙන්ම ආහාර පිස ගැනීමටද යොදාගත හැකි වීමයි.

    හිඟුල් දුර්ලභ ශාකයකි. නිජ බිම ඉන්දියාව වුවත් මෙහි ඇට තෙල් සිඳගැනීමට ඉතා යෝග්‍ය ය. හිඟුල් (AMOORA ROHituka) තෙල් ඖෂධ සඳහා ද යොදාගනු ලැබේ.

    තොලොල් – වර්ග දෙකකි (TRICHADENIA ZEYLOXICA) ඒ තිත්ත තොලොල් හා තොලොල් යනුවෙනි. මෙහි පත්‍ර විශාලය. පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන අතර මෙහි තෙල් පහන් දැල්වීමට අතීතයේ යොදාගනු ලැබීය.

    ලංකාවේ ජාතික වෘක්‌ෂය ලෙස සම්මානයෙන් පුද ලද නා ගස ඉතා සෙමින් වැඩෙන එහෙත් එහි ඇට තෙල් බහුල බව අතීතයේ සිට පතළ කරුණකි. රක්‌ත වර්ණ නා දල්ල, සුගන්ධවත් ස්‌වේත වර්ණ මනහර පුෂ්පය නිසා නා ගස චිර ප්‍රසිද්ධියක්‌ ලබා ඇත

    ජන සාහිත්‍යයේ දී නා මලේ හැඩරුව, ලස්‌සන නිරන්තරයෙන් කියවෙයි.

    නා (MESUA FERREA MESUA NAGASERIUM) යන්නෙහි අර්ථය පාරිශුද්ධ බවයි. නා ගෙඩිය ගෝලාකාර වේ. පරිණත තත්ත්වයට නා ගෙඩිය පත් වූ විට කෝපි පාටය. මී. මීටර් 03 – 05 ක්‌ පමණ ඝනකමය. එහි දුඹුරු වර්ණයෙන් යුත් බීජ හතරක්‌ පමණ ඇත. වියළි ගෙඩිය හරි මැදින් පැළී බීජ ඉවත් වෙයි. මෙම නා ඇටය තෙල් සිඳ ගැනීමට යෝග්‍ය වේ. නා තෙල් ඖෂධයක්‌ ද වේ.

    තෙල් ලබාදෙන ශාක අතුරෙන් මී (BASSIA LONGIFOLIA) අතිසුප්‍රකට විසල් ගසකි. මී තෙල් ඉවුම් පිහුම් සඳහා ද යොදා ගනී. මී තෙලෙන් පිසූ කැවුම් ගැන ඈත පිටසරබද ප්‍රදේශවලින් එදා වාර්තා විය.

    ඉලිප්ප – ඉලුපේ නමින් දෙමළ බසින් හඳුන්වන මී තෙල් පමණක්‌ නොව මී ඉටි ද පහන් දැල්වීමට එකල ආදිතමයන් යොදාගනු ලැබීය. මී මල අතීශයෙන් සුවඳවත්ය. බිඟු කැල එම සුවඳට වහ වැටෙති. මී ඇටය ඖෂධී ගුණයෙන් ද ආඪ්‍යය. සිංහල විකලාංග චිකිත්සාවේදී මී ඇට, මී පොතු, මී කොළ බොහෝ විට භාවිත වේ. තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරිවන රොඩ්ඩ අරිප්පු නමින් හඳුන්වයි. එකල ගැමියන් එය පෝර ලෙසද යොදා ගත්තේය.

    වාසනාව ලබා දීමට ගෙමිදුල වැවිය යුතු, එසේම තෙල් ලබාදෙන තවත් ශාකයක්‌ වන්නේ දොඹය. කොළ පැහැති දොඹගෙඩිය (CALOPHYLLUN INOPHYLLUM) මාංශමය ඵලයකි. එය වියළී ගිය විට දුඹුරු පාටක්‌ ගනී. මෙම ගෙඩිය තළා ගන්නා දොඹ ඇටය තෙල්වලින් පිරී ඇත. දොඹ ගෙඩියේ කටුව ඝන නිසා ඒවා කලක්‌ තබාගත හැකිය. දොඹතෙල් එදා පහන් දැල්වීමට යොදා ගත්තේය. මෙම තෙල් උකුය. සුවඳක්‌ ද වහනය වේ.

    හරිතකි. කුලයට අයත් කොට්‌ටම්බා (TERMINALIA CETAPPA) අතු පතුර පළල්ව විහිදෙන මලයාව ජන්ම භූමිය කොටගත් ප්‍රකට තෙල් ශාකයක්‌ වේ. මෙම ශාකය ලංකාවට ගෙන ආවේ කුමන කාලයක ද යන්න අවිනිශ්චිතය. මෙය එකල උද්‍යාන වගාවක්‌ ලෙස ආරම්භ වී යෑයි සිතිය හැකිය.

    කොට්‌ටම්බා ගෙඩිය කෙඳි සහිත මාංශලයකින් යුක්‌තය එහි මදයේ ප්‍රණීත රසයක්‌ ද ඇත. සෙ. මී. 2 ක්‌ දිග සුදු පැහැති මදය තුළින් තෙල් ලබාගත හැකිය.

    TERMINALIA-CETAPPA..jpg


    තෙල් ලබාගන්නා තවත් අගනා ශාක කීපයක්‌ ඇත. කීන, මඩොල්, කොකුන්, රට එඬරු ඒවා අතර ප්‍රධාන වේ.

    කීන තෙල් දොඩම් පැහැය ගන්නා අතර පහන් දැල්වීමට ද එය යොදාගත් බව පෙනේ. රට එඬරු මෙරටට හඳුන්වා දුන්නේ පෘතුගීසීන් විසිනි. මෙහි ඇට තෙලින් පොහොසත්ය. කොකුන් තෙල් පොට්‌ටුතෙල් ලෙස හැඳින්වීය. අතීතයේ ශ්‍රී පාදය වන්දනා කළ බැතිමත්හු කූඩැල්ලන්ගෙන් ආරක්‍ෂා වීමටද කොකුන් තෙල් පාවිච්චි කළහ.

    මෙම තෙල් සිඳගැනීම සඳහා විශාල ශ්‍රමයක්‌ අවශ්‍ය විය. එම නිසා එකල ගැමියන් තෙල් පාවිච්චි කළේ මහත් අර පිරිමැස්‌මෙනි. පිත්තල පහන් එකල බොහෝ ගැමි ගෙවල විය.

    තොවිල් පවිල්, කංකාරි, ගම්මඩු, පහන්මඩු ආදියේදී මෙම ශාක තෙල් මගින් පන්දම් සාදා දල්වා ඇත. ආගමික කටයුතුවලදී එනම් පෙරහැර වලදී උණ බටවල පුරුක්‌ ඉවත් කර රෙදි හෝ වෙනත් වියළි ද්‍රව්‍ය තෙලින් පොඟවා කාල පන්දම් ලෙස ආලෝකය ලබාදී ඇත.

    සිංහල රාජ්‍ය සමයේ මහනුවර තෙල් ගබඩාවක්‌ පැවැති අතර එය භාරව තෙල්කාර මුහන්දිරම් ඇතුළු කාර්ය මණ්‌ඩලයක්‌ද ද වූහ. ඔවුන් රජ වාසලට තෙල් සැපයූ අතර යෑපීම් වශයෙන් වී අමුණු හයක්‌ ලබා දී තිබුණි.

    සබරගමු මහ සමන් දේවාලය රුහුණු කතරගම දේවාලය, අලුත්නුවර දේවාලය ආදී ප්‍රකට දේවාලවලට මෙම තෙල් සැපයීමට වෙනම නිලධාරි පන්තියක්‌ විය.

    උඩරට ඉංග්‍රීසීන්ට යටත්වූ පසුවද මෙම තෙල් සැපයීමේ රාජකාරිය පැවැති අතර ඉංග්‍රීසීහු ඌව පළාතෙන් තෙල් බද්ද නමැති බදු මුදලක්‌ද අය කළහ.

    භූමිතෙල් වැනි ඛනිජ තෙල් පැමිණිය පසු මෙම ශාක තෙල් අභාවයට ගිය අතර අද ඒවා නාමමාත්‍රිකව පමණක්‌ පවතී.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    Good post!

    Can't give rep: "You have given out too much Reputation in the last 24 hours, try again later."
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    wistharayanam godak watinawa oya sambandawa unandu ayata...anith ayata unanduwak eti karanna thibuna pinthura tikauth add kalanam...:)


    Good Post .Rep added ;)

    Good post!

    Can't give rep: "You have given out too much Reputation in the last 24 hours, try again later."

    good post




    good post .. thanks

    Thanks hamotama