සිරිසේනගේ අනාතයෝ
මේ බලපල්ලා මම මේ ත්‍රෙඩ් එකේ අදහසක් දැම්මා.මූ මාව ඉග්නෝ ලිස්ට් එකට දාල.අනේ තොපි මේ රවට්ටන්න හදන්නෙ මේ රටේ ජනතාව නේද. පහලින් තියෙන ඒව ටික බලපල්ලා.සිරිසේනගෙ යහ පාලනේට වහ වැටිච්ච එක අනාතයෙක්ගෙ වීර ක්රියාව
මේ තියන්නෙ මම දාපු කමෙන්ට් එක
මේන්න මාව ඉග්නෝ කරපු හැටි
මේ බලපල්ලා මම මේ ත්‍රෙඩ් එකේ අදහසක් දැම්මා.මූ මාව ඉග්නෝ ලිස්ට් එකට දාල.අනේ තොපි මේ රවට්ටන්න හදන්නෙ මේ රටේ ජනතාව නේද. පහලින් තියෙන ඒව ටික බලපල්ලා.සිරිසේනගෙ යහ පාලනේට වහ වැටිච්ච එක අනාතයෙක්ගෙ වීර ක්‍රියාව
මහින්ද දිණුවත් පත්වීම අවලංගු කල හැකියි - හිටපු අගවිනිසුරු
ජනාධිපති මැතිවරණ පනතේ 83 වැනි වගන්තිය යටතේ මැතිවරණ නීති විරෝධී ක‍්‍රියාවකට ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වූ බවට තහවුරු වුවහොත් ඔහු මෙවර මැතිවරණයෙන් නැවත පත්වුවත් ඔහුගේ පත්වීම අවලංගු කිරිමට ශේෂ්ඨාධිකරණයට බලයක් ඇතැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ බව පවසමින් ව්‍යාජ, කූඨ ගිවිසුමක් ඉදිරිපත් කිරීම තුළින් දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සහ ජනාධිපති මැතිවරණ පනත යටතේ තිස්ස අත්තනායක මහතා වරදක් කර ඇති බව පෙනී යන්නේ යැයි පවසමිනි.
ඒ අනුව මෙම වරද සිදුකළ තැනැත්තාට දඬුවම් ලබාදීමට හැකි බවත්, මෙම වරද නිසාම මහින්ද රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේදී ජනාධිපති ධුරයට පත්වුවහොත් එම පත්වීම ශුන්‍ය කිරීමට අධිකරණයට බලය ඇති බවත් සරත් එන්. සිල්වා මහතා කීය.
ඒ පිළිබඳව පැහැදිලි කළ සරත් එන්. සිල්වා මහතා, මෙසේද පැවසීය.
”මැතිවරණ නීතියේ 83 වැනි වගන්තිය යටතේ තිබෙනවා යම් අපේක්ෂකයකු හෝ අපේක්ෂකයෙකුගේ ක‍්‍රියාකලාපය පිළිබඳ අසත්‍ය තොරතුරු යම් පුවත්පතක සඳහන් කරනවා නම් එය නීතිවිරෝධී ක‍්‍රියාවක් බව. රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම ගිවිසුම අසත්‍ය එකක් බව ප‍්‍රකාශ කර තිබෙනවා. මෙය පළකිරීමට පෙර මෛත‍්‍රීපාල මහත්මයාගෙන් සහ රනිල් වික‍්‍රමසිංහ මහත්මයාගෙන් විමසීමේ යුතුකමක් පුවත්වත්වලට තිබුණා. එසේ නොවන ලෙස ක‍්‍රියාකිරීම තුළ ජනාධිපති මැතිවරණ පනතේ 83 වැනි වගන්තිය යටතේ මැතිවරණ නීති විරෝධී ක‍්‍රියාවක් වෙනවා. මේ නිසාම මහින්ද රාජපක්ෂ මහතා නැවත පත්වුවත් මෙම ක‍්‍රියාව නිසාම ඔහුගේ පත්වීම අවලංගු කිරිමට ශේෂ්ඨාධිකරණයට බලය තිබෙනවා”
”ඒ වගේම දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ 452 වගන්තිය යටතේ මෙය කූඨ ලේඛනයක්. මෙම කූඨ ලේඛනය නිවැරදි ලේඛනයක් ලෙස භාවිත කරන තැනැත්තා 459 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා. ඒ අනුව තිස්ස අත්තනායක මහතා මෙය ඉදිරිපත් කිරීම තුළ පැහැදිලිවම දණ්ඩ නීති සංග‍්‍රහයේ 459 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා. එය ප‍්‍රසිද්ධ කළ පුවත්පත් 83 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා. ඒ නිසා මහින්ද රජපක්ෂ මහතා නැවත පත්වුණහොත් මේ කරුණ මත එම පත්වීම ශුන්‍ය බව ප‍්‍රකාශයට පත්කිරීමට අධිකරණයට බලයක් තිබෙනවා. ඒ නිසා මෙය පැහැදිලිවම මැතිවරණ වරදක්. එයට දඬුවම් ලබාදීමට පුළුවන්ෆ යනුවෙන්ද මෙහිදී සිල්වා මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට තෙවරක් තරග කළ හැකිද යන්න පිළිබඳව ශේෂ්ඨාධිකරණයෙන් ලැබුණු මත විමසීම පිළිබඳවද හෙතෙම කරුණු දැක්වීය.
”ශේෂ්ඨාධිකරණයෙන් ලැබුණු මත විමසුම ප‍්‍රසිද්ධ කරන ලෙස මම මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරනවා. ඒ මතයේ තිබෙන්නෙ විහිළු කතා. එහි තිබෙන්නේ දෙවරක් ජනතාව විසින් පත්කළ තැනැත්තෙකුට තුන් වතාවක් අහිමි කරන්නේ ඇයි කියලයි. මෙය දේශපාලන තර්කයක් මිසක් නීති තර්කයක් නොවේ. ඒකයි මේ මතය අද දක්වා ප‍්‍රසිද්ධියට පත් නොවෙන්නෙ. මෙය සාවද්‍ය කරුණු මත පදනම් වූවක් බව මම වගන්තියක් වගන්තියක් පාසා පැහැදිලි කරන්නම්” යනුවෙන්ද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.![]()
මේ තියන්නෙ මම දාපු කමෙන්ට් එක
බොහෝ විපක්ෂ මත ධාරීන් මහින්දට තුන්වරක් ඉල්ලන්න බෑ කියල කෑ ගහන්න පටන්ගත්තෙ මේ උත්තමයා මේ බව කිය කිය මුදුන වෙච්ච නිසානෙ.හැබැයි අධිකරණ මතය උනේ මහින්ද දෙවන වර දිවුරැම් දුන්නෙ 18වන සංශෝධනයෙන් පසුව නිසා නැවත ඉල්ලන්න පුලුවන් කියාය.නමුත් එහිදී කෙලවුනේ සැටලයිට් නෝනාටය .නැත්නම් මේ වර ඉල්ලන්නේ සැටලයිට් නෝනාය .රටේ හිටපු අග විනිසුරැ මේ පොඩි තර්කයවත් දැනගෙන හිටියෙනෑනෙ අම්මප. දැන් මේ පට්ට පල් කෙබරය කියල අධිකරණය නොමග යවන්න හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වැරදියට අර්ථකතනය කරල රටේ ජනතාව ගොනාට අන්දවන්න හදපු මේ උත්තමයට දෙන දඩුවම දෙන්නෙ මොන දණ්ඩ නීතියෙන්ද හැබෑටම.තවත් ලැජ්ජ නැතිව කෑ ගහනවනෙ.
මේන්න මාව ඉග්නෝ කරපු හැටි
TakaTakas
This message is hidden because TakaTakas is on your ignore list.


