සිරිසේන වැරදියි: ගෝමීන් දයාසිරි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිරිසේන වැරදියි: ගෝමීන් දයාසිරි

    ගෝමීන් දයාසිරි රූපවාහිනියට පැමිණ නැත්ත වෙනුවට ඇත්ත කියයි - නිෂ්පාදකවරුන් අමාරුවේ (වීඩියෝ)

    https://www.youtube.com/watch?v=M026I5fBrZo&t=24s



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව නව අගමැතිවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව අධි නීතිඥ ගෝමීන් දයාසිරි මහතා අවධාරණය කරයි.
    ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික රූපවාහිනියේ "ඇත්ත නැත්ත" සජීවී සංවාදයේදීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇති පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්විය යුතු අතර හිටපු ජනාධිපතිවරයාගේ පත්වීම එලෙස පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත සිදු නොවූ බවයි ගෝමීන් දයාසිරි මහතා ප්‍රකාශ කරන්නේ.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉල්ලා අස් වී නැති අතර ඉවත් කර නැති බවත් පවසන ගෝමීන් දයාසිරි මහතා පවසන්නේ ව්‍යවස්ථාපිත නීතියට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කළ හැක්කේ ජන්ද පෙත්සමකින් පමණක් බවයි. එයද සිදු වී නැති බවයි ඔහු කියා සිටින්නේ.

    ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ව්‍යවස්ථා විරෝධී දෙයක් කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.

    මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තමන් ගැනීමට නියමිත තීන්දුව පිළිබඳ විමසීමට හැකියාවක් තිබියදීත් ජනාධිපතිවරයා එයද නොකළ බවයි අධි නීතිඥ ගෝමීන් දයාසිරි මහතා පවසන්නේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    45717298_499806880527843_4139666015925567488_n.jpg


    tqR1RJV.jpg