සිරි දළදා ගමනයට අතුරු තහනමක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරි දළදා ගමනයට අතුරු තහනමක්

    සිරි දලදාගමනය චිත‍්‍රපටය සඳහා කොළඹ අතිරේක දිසා අධිකරණය විසින් අතුරු තහනම් දැන්වීම් නිකුත් කර ඇත.

    මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හිඟුරක්ගොඩ සමූපකාර සිනමා ශාලාවේ අයිතිකරු විසින් එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ල සලකා බලමිනි.

    පැමිණිලකරු විසින් ගොනු කර ඇති පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ඊ.ඒ.පී. චිත‍්‍රපට සමාගම, ශ‍්‍රී ලංකා චිත‍්‍රපට සංස්ථාව සහ එහි සභාපති අශෝක සේරසිංහ මහතාත් නම් කරනු ලැබ ඇත.

    හිඟුරක්ගොඩ සමූපකාර සිනමා ශාලාවේ සිරි දළදා ගමනය චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක දැන්වීම් ප‍්‍රචාරය කරනු ලැබූ බවත් එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් වියදම් කර සිනමා ශාලාවද ප‍්‍රතිසංස්කරණය කරන ලද බවත් පැමිණිලිකරු කියා සිටී.

    කෙසේ වෙතත් චිත‍්‍රපටය දිවයින පුරා පිහිටි සිනමා ශාලා 50 ක ප‍්‍රදර්ශණය සඳහා අවසර ලබා දුන්නත් තම සිනමා ශාලාවට එම අවස්ථාව ලබා දී නොමැති බැවින් මෙම පැමිණිල්ල විභාගයට ගෙන අවසන් වන තුරු චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කිරීම වළකාලන වාරණ නියෝගයක්, අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණ.

    source c news