සිරි යහනේ - නෑ සහනේ [6 වැනි කොටස]

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සිරි යහනේ - නෑ සහනේ [6 වැනි කොටස]

    සති දෙකකට විතර පස්සේ ආයෙත් “සිරි යහනේ - නැ සහනේ“ ලිපි මාලාවෙන් ඔබ හමුවෙන්නේ. ඉතින් අද මාතෘකාව කතාකරන්න කලින් මීට කලින් ලිපි කියවන්න බැරිවුණ අයට මෙන්න මෙතනින් පසුගිය ලිපි වගේම තවත් මේ මාතෘකාවට අදාලා ලිපි ගණනාවක් කියවන්න පුළුවන්.

    පහුගිය කොටසින් අපි කතාකලේ යුවලක් අතරේ ලිංගික බැඳීමකට බාධාවක් වෙන රෝගාබාධ තත්වයන් අතරේ කායික රෝග සම්බන්ධවයි. ඒ නිසා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකෙම අනිත් කොටස, ඒ තමයි යහපත් ලිංගික සම්බන්ධතාවයකට අහිතිකර ලෙස බලපාන මානසික රෝගී තත්වයන්. ඉතින් “මානසික රෝග“ කියපු ගමන් වැරදි වටහාගැනීමක් ඇතිකරගන්න එපා. අපි කතාකරන්නේ ප්‍රකෘති මානසික තත්වයෙන් පසුවෙන්න බැරිවෙන විවිධ තත්වයන් ගැනයි.

    එවැනි මානසික තත්වයන් තමයි විශාදය, හිස්ටීරියා, විවිධ Phobia තත්වයන්, මානසික විකෘතිතාවයන්. මේ හැමදෙයින්ම වෙන ප්‍රතිඵලය තමයි යුවලක් අතරේ යහපත් සහ තෘප්තිමත් ලිංගික බැඳීමකට අවශ්‍ය මානසික වටපිටාව නිර්මාණය නොවීම. සරලවම කිව්වොත් සතුටින් ලිංගිකව එක්වෙන්න බැරිවෙන ලෙස මනස වියවුල්විම. මේක බොහොමයක් කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු තත්වයක්, මේ රෝගී තත්වයන් නිසාම බිඳවැටුණු විවාහ සහ සබඳතා ප්‍රමාණය ඉතා ඉහළයි.

    මුලින්ම මේ විෂාදය එහෙමත් නැත්නම් Depression ගැන කතාකරන්න ඕන. ඊට කලින් Depression ගැන ලියමු සම්පූර්ණ ලිපිය කියවන එක විටනවා. විෂාදය නිසා බොහෝ වෙලාවට වෙන්නේ මානසික ඒකාග්‍රතාව බිඳවැටීම, අමතකවීම, සතුට වෙනුවට නිරතුරුවම අසතුට සහ අසහනය පැවතීම වගේ දේවල්. මේ වෙනස්කම් මනසේ සිදුවෙද්දි එයටම උචිත ආකාරයට ශරීරය හැඩගැහෙනවා. ඒ නිසා ලිංගිකව එකතුවීමකදි වුණත් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ දෙදෙනාටම මේ රෝගී තත්වය තියනවනම් බොහොම අකර්මණ්‍ය සහ අක්‍රීියව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා බැඳීම තිබෙන උණුසුම් නැවුම් රහ නොදැනී යන්න පටන්ගන්නවා.

    ඒ වගේම තමයි හිස්ටීරියා (Hysteria) හෙවත් මායා රෝග තත්වයන්. මේ නිසා බොහෝවෙලාවට එකිනෙකා ගැන සැක කිරීම ඇතිවෙනවා, අනිත් කෙනා ගැන හිතේ මවාගන්නා කතාන්තරයක් නිසා සමස්ත බැඳීම ඇතුලේ තියන ඒකාග්‍රතාවය බිඳවැටෙනවා. මේක බොහොම සංකීර්ණ රෝගී තත්වයක්. මේ රෝගී තත්වයේ තියන බරපතලකම තමයි මෙයින් පෙලෙන බොහොමයක් දෙනෙක් මේක රෝගී තත්වය්ක කියලාවත්, තමන් මේ රෝගි තත්වයෙන් පෙලෙනවා කියලාවත් නොදැන සිටීම. ඒ නිසාම දෙදෙනා අතර තියන බැඳීම දුරස් වෙලා ඒක නිදියහනට එන එක වලක්වන්න බෑ. මේ රෝගී තත්වයේ තිබෙන තවත් බරපතලම දෙයක් තමයි මේ මායා රෝගය නිසා හිතේ හටගන්නා කතාන්තරය විශ්වාස කරලා අනිකාට හානි කරන්න පවා පෙළඹෙන එක.

    Phobia හෙවත් භීතිකාව සහ මානසික විකෘතිතාවයන් ගැන කතාකරනවනම් සමහරු ඉන්නවා ලිංගිකත්වය ගැන කතාකරන්න පවා භීතිකාවක් දක්වන, ඒ වගේම ලිංගික අවයව දැකීම, ස්පර්ශය, ඒවායේ ලිංගික ආකර්ශණයට භීතිකාවක් දක්වන අය. ඔවුන්ට යහපත් ලිංගික සබඳතාවක් පවත්වාගෙන යන එක ඉතා අපහසුයි. එය දිගින් දිගටම ගමන් කිරීම නිසා මානසික විකෘතිතාවයන් පවා නිර්මාණය වෙන්න පුළුවන්. එතනදි අනෙකා අප්‍රිය කිරීම, සහකරුවාට හෝ සහකාරියට බිය වීම වගේ දේවල් නිසා ලිංගික බැඳීමක තෘප්තිදායක බව අහිමිවෙන්න පුළුවන්.

    ප්‍රධානම කාරණය තමයි මේ කිසිම මානසික තත්වයකට බියවෙන්න හොඳ නෑ. තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට මෙවැනි තත්වයක් තියනවා කියලා ඔබට දැනෙනවනම් හොඳම දේ තමයි මුලින්ම මේ ගැන කතාබහ කරලා බලන එක. තවමත් වර්ධනය වෙමින් පවතින මානසික අසමතුලිතතාවයක් විතරක් නම් පොඩ්ඩක් ආදරෙන් කතාකරලා, උණුහුමේ හිටිද්දි හිත හැදෙන්න කියන වචන ටිකකින් මේ තත්වය වෙනස් කරන්න පුළුවන්.

    හැබැයි තත්වය ඊට වඩා දරුණුනම් මුලින්ම මනෝචිකිත්සකවරයෙක් වෙත ගිහින් මේ ගැන කතාකරන එක හොඳයි. එතකොට මේකට අවශ්‍ය මූලික උපදෙස් සහ ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට කරන්න ඕන දේවල් එතනදි දැනගන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ පියවරකින් කායික බැඳීම තිබෙන තෘප්තිමත්භාවය විතරක් නෙවෙයි මුළු බැඳීමම රැකගන්න ඔබට පුළුවන්.

    ඉතින් තවත් මෙම ලිපි මාලාවේ රසබර සහ වැදගත් කොටසක් සමගින් නැවතත් ඉකිමණින්ම හමුවෙමි. මොනවමහරි ගැටළුවක් මේ ගැන තිබෙනවනම් [email protected] වෙත ඊමේල් එකක් එවන්න අමතක කරන්න එපා.

    උපුටා ගැනීම - www.her.lk