මචන් මම තනියම සිරිපාදේ යන්න ඉන්නේ , ඉස්සෙල්ලම යන පාර , මොනාද බන් සැලකිලි මත වෙන්න ඕනි දේවල්
Last edited:

kodunam thaniyama yanna epa ban. nadayak ekka palayan. wathawath thiyenawa karanna.
පෙරේරා මහතා විසින් කුමාර මහතා වෙත පවසන ලද්දක්..ඉස්සෙල්ලම ගමේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරපං ගමන යන්න කලින් දවසේ. ඒ පිං සමන් දෙවියන්ය අනුමොදම් කරලා ඉලපං පද්මේ වන්දනා කරගන්නකිසිම අතුරු ආන්තරාවක් නැතිව කරුනා කරලා එන්න ලැබෙන්නෙයි කියලා. බාර වෙයං ආයේ ඇවිත් පන්සල එනවා කියලා..
ඊට පස්සේ ගමන පලයං. සිරීපාදේ කරුණා කරනවා කියල හරියටම උඹට දැනෙන්න නම් පලයං එරත්නෙන් හරි පලා බද්දලින් හරි.
පිච්ච මල් ටිකක් කෙහෙල් කොලේ ඔතලා (ඔව් පාමංකඩ කඩේ ගාව කොවිලෙන් ගන්න පුළුවන්) හඳුන්කූරු පෙට්ටියක්, කපුරු පැකන් 3-4ක්, ගිණි පෙට්ටියක්, කහ වතුරෙන් හෝදපු පඬුරක්, දෙගි ගෙඩියක්, නාන්න සබන් කෑල්ලක්, සුදු ඇඳුමක් අරන් පලයං.
එරත්නේ පාරේ කඩමන්ඩියෙ තියෙනවා ගෙත්තම් සෙට්. රු. 50ක් වගේ වෙන්නේ. ඒකේ තියෙන්නේ ඉඳිකට්ටයි නූලයි, හඳුන්කුරු එකයි. ගෙත්තම්පානෙ ගෙත්තම් කරන්න ඔව්වා ඕනේ. ඒවත් ලෝබ කමට ගෙදඉන් ගෙනියන්න එපා. රු. 50ක් වියදම් කරලා ඒ කඩේකිං ගනින්. මොකද ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපෑ.
එරත්නේ පාර පටන් ගන්න තැන තියෙනවා පොඩි බුදු මැදුරක්. ඒකට කපුරු පත්තු කරලා ගමන පරන් ගනින් මළුවට කරුණා කරන්න. උඹේ ඔය වාචාල කට පරිස්සම් කරගනින්.
සීත ගඟුල සෙට් උනාට පස්සේ පෙරේතකමට කුම්ම්මැහියා වගේ ඉන්නැතුව සීතල පැත්තකින් තියලා බැහලා නා ගනින්. ගෑණු නානවා කට ඇරගෙන බලාගෙන ඉන්න එපා පෙරේතයෙක් වගේ. උඹ හොදට නා ගනින්. බොලෑ නඩේ කලින් ආපු කෙනෙක් ඉන්නවා නම් (කෝඩු නොවෙන කෙනෙක්) ඒ හාදයට කියලා දෙහි ගෙඩිය උඹේ ඔය ඔළු ගෙඩියේ උරච්චි කරගනින්. එහෙම නැත්තම් උඹම හරි කමක් නෑ දෙහි ගාලා නා ගනින්.
ඊට පස්සේ කකුල් ඩ්හෙක වැහෙන්න දිග කලිසමක්, සුදු ෂර්ට් එකක්, ටී ශර්ට් එකක් ඇඳ ගනින්. එතන සිත ගඟුලෙන් එගොඩ උනාම තියෙනවා සමන් දෙවියන්ගේ පින්තූරයක්. (අපේ වෙට්ට ගෑණු ජංගු මාරු කරන්න රිංගන්නේ ඒක අස්සට. දවස් දෙකක් කීවා පරට්ටියන්ට සමන් දෙවියන්ට වහන් වෙලා ජංගි මාරු ක්අරන්න එපා කියලා. ඒක අතුරු කතාවක්. )
එතනට අර කහවතුරෙන් හොදන් ආපු පඬුර ගැටගහලා දෙයියන්ගෙන් ඉල්ලන්න උඩහට කරුණා කරන්න ලැබෙන්න කිසිම කරදරයකින් තොරව කියලා. ආයේ එනගමන් පඬුරක් දාලා පල්ලෙහායින් දෙවියන් සිහි කරනවක කියලා හිතාගන්න. එතනටත් කපුරු පත්තු කරල උඩහට කරුනා කරන්න.
ඊට පස්සේ උඩට කරුණා කරනකොට ගෙත්තම් පාන හම්බුවෙනවා. එතනට අර ගෙත්තම් සෙට් එකේ තියෙන ඉඳිකටුවට නූල් බෝලේ අමුනලා ඇදගෙන යන්න. ඊට කලින් එතන තියෙන පොඩි බුදු මැදුරට/ සමන් දේව පිළිමයට හඳුන්කුරු එකයි කපුරු එකකුයි පත්තු කරන්න.
ඊට පස්සේ ආයේ උඩමලුවට කරුණා කරන්න. අතර මඟ හම්ඩුවෙන ගෑල්ලමයින්ට මහගිරි දඹේ නැගගන්න වාරුවක් වෙන්න.
උඩමලුවේ පද්මෙට ගෙනාපු මල් පුජා කරන්න. ගොඩක් උන් මල් ගේන්නෑ. පිච්ච මල් එහෙම පූජා කරෙන්නෙම නැති තරම්. පහල දොලොස්මහේ පහන ගාවට ගිහිල්ලා හඳුන්කුරු පත්තු කරන්න.
ගමේ පන්සලට යනවා වගේ රු.5-10 හඳුන්කුරු පෙට්ටි ගෙනියන්න එපා පෙරේතයා වගේ. රු.150-200ක් වියදම් කරලා හොඳ ඉන්දියන් ඔයිල් හඳුන්කුරු එකක් ගෙනියන්න. ඊට පස්සේ ගාන්ටාරේ එක පාරක් ගහන්න. උඩමලුවට කරුණා කරලා තියෙන වාර ගනනට ගන්ටාරේ ගහන්න. නිකං පොර වගේ බොරු ගනන් ගහන්න එපා. තමන් තමන්වම තමා රවට්ටගන්නේ.
ආධාර කවුන්ටරේටත් කීයක් හරි දීලා ටිකැට් එකක් අරගන්න. නිකන් ඔහේ දැක්කේ නෑ වගෙ යන්න එපා. පේසලාටත්, කුමාරටත්, නවෝදටත් පිං පිනිස කියලා රු.500ක් විතර දීලා ටිකැට් එකක් අරගන්න.
ඊට පස්සේ කැමතිනම් ඉර සේවේ බලන්න. අකමැති නම් පහලට කරුණා කරන්න. අර තැන් වල බාර ඒ විදියට ඔප්පු කරගෙන පහලට කරුණා කරලා ගෙදර අඑවිත් ගමේ පන්සලට ගිහින් සමන් දෙයිහාමුදුරුවන්ට පිං දෙන්න කිසි කරදරයක් නැතිව සිරිපතුල වන්දනා කරන්න අවස්ථාව ලබාදුන්නට
මේක Mr.Perera දාල තිබ්බේ කතෘ අයිතිය ඔහුට![]()

ඉස්සෙල්ලම ගමේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරපං ගමන යන්න කලින් දවසේ. ඒ පිං සමන් දෙවියන්ය අනුමොදම් කරලා ඉලපං පද්මේ වන්දනා කරගන්නකිසිම අතුරු ආන්තරාවක් නැතිව කරුනා කරලා එන්න ලැබෙන්නෙයි කියලා. බාර වෙයං ආයේ ඇවිත් පන්සල එනවා කියලා..

යන්න කලින් දවසේ තුන් වේලට හොදට බත් කාපන්
හොදට පිටේ උඩට සෙට් වෙන බෑග් එකක් අරන් පලයන්
හොද වතුර බෝතලයක් අරන් පලයන්
මගදී කන්න චොකලට් ක්‍රීම් කැකර් අරන් පලයන්
රෙදි ශොපින් බෑග් වල දාන් පලයන් නැත්නම් තෙමුනොත් බඩු
ඩෙක් ෂුස් දාගෙන කන්ද නැගපන්
උඩ මලුවේ පුලුවන් තරම් වෙලාවක් ඉදල වන්දනා කරපන්
උඩ මලුවට පූජ කරන්න කොස්සක් අරන් පලයන් ලොකු පිනක්. එහේ ඒවා අඩුයි
එන ගමන් පොලිතීන් එකතු කරන් වරෙන් ලොකු පිනක්
හැටන් නල්ලතන්නි පැත්තෙන් ගියොත් 7 Km විතර තියනවා නඟින්න. අනිත් පාරවල් වලින් ගියොත් ඊට දුර වැඩියි. උඹට ගේමක් නැතිව නැගලා බහින්න ෆීසිකල් ෆිට්නස් තියනවාද කියලා හිතලා ඉඳපං ඉස්සරවෙලාවම. නැඟිල්ලට වඩා අමාරු බැහිල්ල. මේ පාර ගිහින් එද්දි කඩිමුඩියේ බැහැලා මගේ දකුණු කකුල මට දණිහ ගාවින් නමන්න බැරිව හිටියා පැය තුන හතරක් යනකල්.
බෑග් එකේ සබ්බ සකලමනාව සේරම ඔබාගන යන්න එපා. උඩට යද්දි පත්තරකොලෙත් බරයි. ඒ හින්දා ඇඳුම් උස්සං යන්න එපා වැඩිපුර. මතක ඇතිව සීතලට පොරවන්න මොනාහරි,ජර්සියක් එහෙම අරං යන්න.
පීනස තියනවා නම් ඔලුවට දාගන්න අයිස් කැප් වගේ මොකක් හරි ඇන්න යන්න.
කන්න දේවල් අනිවා අරං යන්න. සීනි සහිත කෑම විශේෂයෙන්ම. ඒවා Quick energy.
වීක් එන්ඩ්ස්වල සෙනග වැඩි. සතියෙ දවසක් අල්ලලා යන්න.
පුලුවන් නම් කොච්චියේ යන්න. තමන්ගෙ වාහනේක යන්න එපා මොකද බැහැලා ආවාම එලවන්න අමාරුවෙන්න පුලුවන්. කෝච්චියේ යනවා නං සෙකන්ඩ් ක්ලාස් එකේ සෙනඟ අඩුයි.
හැටන් පැත්තෙන් නම් යන්නේ නල්ලතන්නි බස් එක එනවා ස්ටේෂම ගාවටම.
කවුරු මොනවා කිව්වාත් දේවානුභාවය තියනවා. ඒ හින්දා ගෙදරින් බුදුන් වැඳලා දේවාරක්ෂාව ඉල්ලලා යන්න. උඩමලුවට ගිහිං හිස තියලා වැඳලා මලුවේ ඉඳගෙන පන්සිල් අරගන දෙවියන්ට පින්දෙන්න.
තෙරුවන් සරණින් ගිහින් වරෙං අතුරු ආන්තරාවක් නැතිව එහෙනං.
ජය වේවා!!!