සිරීපාද කතා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ ලගදි අපෙ නංගි කෙනෙක් සිරීපාදේ ගිහින් පාදෙට වදින්න යද්දි එතන හිටිය කපුවෙක්ද මොකෙක්ද එකෙක් ඔලුව ඇනලා පාදෙ උඩ. ඒකිට කලන්තෙ හැදිලා වැදුන පාරට.

    තව ඔය සිරීපාදේ යද්දි කට පරෙස්සම් කරන් යන්ඩ කියන්නෙ ඇයි. අලි කොයි කියලා ඇහුවොත් අලි එනවලු පේන්ඩ :rolleyes:.
    උබලට ඒම අත්දැකිම් තියෙනවද
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    මේ ලගදි අපෙ නංගි කෙනෙක් සිරීපාදේ ගිහින් පාදෙට වදින්න යද්දි එතන හිටිය කපුවෙක්ද මොකෙක්ද එකෙක් ඔලුව ඇනලා පාදෙ උඩ. ඒකිට කලන්තෙ හැදිලා වැදුන පාරට.

    තව ඔය සිරීපාදේ යද්දි කට පරෙස්සම් කරන් යන්ඩ කියන්නෙ ඇයි. අලි කොයි කියලා ඇහුවොත් අලි එනවලු පේන්ඩ :rolleyes:.
    උබලට ඒම අත්දැකිම් තියෙනවද
    matath me mase 8 wenida siri pade yanna katha karanawa
    yaluwo kattiayak

    yanawada nadda kiyala bala bala inne
     
    • Like
    Reactions: asanka+++

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,260
    113
    එකමත් එක රටක
    සිරිපාදේ යන අතරමග යන උන්ගේ බලෙන් පිරිත් නූල් බදින හාමුරුවො සෙට් එකක් ඉන්නව.
    එතනින් නුල් බදින එකට මොනව හරි කිව්වොත් ඔය "කට වරද්ද ගන්න එපා" කියන එක කියනව. අනිත් පැත්තට හැරිලා ගියොත් "ආපහු හැරිලා යන්න හොද නෑ " කියනවා.
    නූල බැදලා යද්දී රුපියල් 20 ක් ඉල්ලනවා ඒ කාලේ. දැන් රුපියල් 50ක් වත් ඉල්ලනවා ඇති .. මරු බිස්නස් එක .
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    matath me mase 8 wenida siri pade yanna katha karanawa
    yaluwo kattiayak

    yanawada nadda kiyala bala bala inne
    Giyada
    සිරිපාදේ යන අතරමග යන උන්ගේ බලෙන් පිරිත් නූල් බදින හාමුරුවො සෙට් එකක් ඉන්නව.
    එතනින් නුල් බදින එකට මොනව හරි කිව්වොත් ඔය "කට වරද්ද ගන්න එපා" කියන එක කියනව. අනිත් පැත්තට හැරිලා ගියොත් "ආපහු හැරිලා යන්න හොද නෑ " කියනවා.
    නූල බැදලා යද්දී රුපියල් 20 ක් ඉල්ලනවා ඒ කාලේ. දැන් රුපියල් 50ක් වත් ඉල්ලනවා ඇති .. මරු බිස්නස් එක .
    වෙන එකෙක් ගිහින් පිරිත්නූල් බැන්දොත් ගහලා එලවයිද දන්නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,260
    113
    එකමත් එක රටක
    වෙන එකෙක් ගිහින් පිරිත්නූල් බැන්දොත් ගහලා එලවයිද දන්නෑ.
    කන්න තමයි ඉතින්.
    ඔතන ඒ කාලේ හිටියා යන උඩට යන උන්ගේ කකුල් වල නොමිලේ සිද්දාලේප ගාපු අය.. සිද්දාලේප එකෙන්මයි කරේ.. උන් හොදයි ඊට වඩා..
     
    • Wow
    Reactions: ksperj

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Eka parak hawasa, Nallathanniye hotalen parippu panuy kala karuna kala sahodarawaruni, pahalata eddi hama toilet ekakatama giya, Budusaranay
     
    • Haha
    Reactions: Mr.dark

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    සිරිපාදේ යන අතරමග යන උන්ගේ බලෙන් පිරිත් නූල් බදින හාමුරුවො සෙට් එකක් ඉන්නව.
    එතනින් නුල් බදින එකට මොනව හරි කිව්වොත් ඔය "කට වරද්ද ගන්න එපා" කියන එක කියනව. අනිත් පැත්තට හැරිලා ගියොත් "ආපහු හැරිලා යන්න හොද නෑ " කියනවා.
    නූල බැදලා යද්දී රුපියල් 20 ක් ඉල්ලනවා ඒ කාලේ. දැන් රුපියල් 50ක් වත් ඉල්ලනවා ඇති .. මරු බිස්නස් එක .
    100ක් බන් හැටන් පාරේ ඉන්නෙ මරු පොර 😅
     
    • Like
    Reactions: DP SARA

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේ ලගදි අපෙ නංගි කෙනෙක් සිරීපාදේ ගිහින් පාදෙට වදින්න යද්දි එතන හිටිය කපුවෙක්ද මොකෙක්ද එකෙක් ඔලුව ඇනලා පාදෙ උඩ. ඒකිට කලන්තෙ හැදිලා වැදුන පාරට.

    තව ඔය සිරීපාදේ යද්දි කට පරෙස්සම් කරන් යන්ඩ කියන්නෙ ඇයි. අලි කොයි කියලා ඇහුවොත් අලි එනවලු පේන්ඩ :rolleyes:.
    උබලට ඒම අත්දැකිම් තියෙනවද
    මෙච්චර ගියා අලි බෙට්ටක්වත් දැකල නෑ. කට වරද්දගන්න එපා කියන එක නම් ඉතින් ගිය දවසක කරලම බලන්න. ඇත්ත නැත්ත තේරෙයි. (වදින්නම ගියේ 1 පාර විතරයි)
     
    • Like
    Reactions: asanka+++

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    2001 විතර අපිත් එක්ක ගියපු අයියා කෙනෙක් පිස්සුවක් කෙලලා එකම දවසේ දෙපාරක් සිරීපාදේ නැග්ගා. කකුල් දෙකට දෙයියංගෙම පිහිටයි. මාරම සෙනගක් හිටපු දවසක් එදා. උඩට යනකොට අපේ සෙට් එක වෙන් උනා. මේ පොරට සෙට් වෙලා කොල්ලෙක් යද්දි. මූ පත්මේ වැදලා ආපහු රත්නපුර පාරෙන් බැහැලා අරූ එක්ක. දෙන්නා කතාවෙන් කතාවෙන් පල්ලෙහාටම බැහැලා රත්නපුරා පාරෙන් මගින් හැරෙන්නේ නැතුව. අපි නල්ලතන්නියේ බලන් ඉන්නවා මේකා නෑ. අපි බැස්සේ උදේ 10.30-11.00ට විතර. 4 විතර වෙනකං හිටියා මූ නෑ. බැරිම තැන පොලිස් මැසේජ් දුන්නා හැමතැනටම. ඒ දවස්වල ෆෝනුත් නෑ ගෙවල් වලට කියන්න. මාවනැල්ල පොලිසියට මැසේජ් එකක් දුන්නා ගෙවල්වලට පණිවිඩේ කියන්න. අපි දෙන්නා දෙන්නා මාරුවෙන් මාරුවට උඩට නැග්ගා මේකා හොයන්න. නල්ලතන්නි පන්සලේ හාමුදුරුවෝ අපිට කෑම බීම ඉදුම් හිටුම් දුන්නා. මේකා දාලා එන්නත් බෑනේ. ඔහොම පහුවදා දවසත් ගෙවුනා හවස 4.00ට විතර මාවනැල්ල පොලිසියෙන් නල්ලතන්නි පොලිසියට මැසේජ් එකක් ආවා මේකා ගෙදර ඇවිල්ලා කියලා. අපි එදා රෑත් පන්සලේ ඉදලා පහුවදා උදේම ආපහු ආවා. එනකොට මේකා කඩේකට වෙලා ආප්ප කනවා කකුලකුත් උඩ තියාගෙන බංකුවක. අපිට ඇවිදගන්නවත් පණනෑ සිරීපාදේ දෙපාර ගානේ නැගලා. මුගේ ආතල් එක දැක්කට පස්සේ මලේ උපරිමය. බැහැපු ගමන් ඇරියා කණේ පාරක් අරකට කැරකිලා වැටෙන්න. ගහලා තමයි ඇහුවේ විස්තරේ. මේකා අර සෙට්වෙච්ච පොරත් එක්ක කයියක් ගහගෙන රත්නපුරා පාරෙන් පහලටම බැහැලා. ඊට පස්සේ අර සෙට් වෙච්ච එකා යන්නම් මචන් කියලා ගියාලු. අරකා මෙලෝහසරක් දන්නේ නෑනේ ඒ පැත්ත ගැන. මූ කඩේකට ගිහින් විස්තරේ කීවලු අඩ අඩ එතන හිටපු ලොරි ඩ්‍රයිවර් කෙනෙක් මුට කන්නත් අරන් දීලා රු 300කුත් අතට දීලා රුවන් වැල්ලට ගෙනල්ලා බස්සලා. එතනින් නුවර බස් එකක මාවනැල්ලට ඇවිල්ලා පයින් ගෙදර යද්දි අපේ අප්පච්චට හම්බෙලා. එයා විස්තරේ අහලා තමා පොලිස් මැසේජ් එක දුන්නේ. දවස් ගානක් යනකං හරියට ඇවිදගන්න බැරුව හිටියා කෙණ්ඩා රිදෙනවා එච්චරකටම.