සිරී එක්ක බෑ මෙයාලා
සිරිසේන ආණ්ඩුව කරන්න බලය නොදෙන්නේ නම් ඔබ එය ජනතාව ඉදිරියට පැමිණ ඉල්ලා සිටිය යුතුය. එයටත් ඔබට ශක්තියක් නැතිනම් එයට ශක්තිය තිබෙන කෙනෙකුට අගමැති ධූරය පිරිනමා ඔබ ඔය අසුනින් නැගිට යායුතුය. ඔබට ඔබේම පෙරමුණේ කෙනෙකුට එහෙම අගමැතිකම දෙන්නට බැරිනම් සිරිසේනට කැමති කෙනෙක් දාගෙන කරගෙන යන්න යැයි කියා ඔබට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට පුළුවන් ය. දැන් අවශ්‍ය වන්නේ ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් ආණ්ඩුක්රරණයක් ය. ජනතාව තම දුවා දරුවන් තවමත් පාසල් යවන්නට මැළිවන්නේ ආණ්ඩුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් නැති නිසාය. සාමාන්‍ය ජනජීවිතය මෙලෙස එන්න එන්නම අයහපතට ගමන් කිරීම මිලිටරි ජුන්ටාවක හිමිදිරිය වන්නට බැරි නැත. එනිසා ඔබ වහාම තීරණයක් ගෙන ඉල්ලා අස්වීම රටේ අනාගතයට සුබය. එහෙම නැතිව ගැටුම් සිදුවෙන ප්‍රදේශවල සංචාරය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම රටේ ඉදිරි අනාගතයට සුබ නැත...
14 May at 18:34
සිරිසේන ආණ්ඩුව කරන්න බලය නොදෙන්නේ නම් ඔබ එය ජනතාව ඉදිරියට පැමිණ ඉල්ලා සිටිය යුතුය. එයටත් ඔබට ශක්තියක් නැතිනම් එයට ශක්තිය තිබෙන කෙනෙකුට අගමැති ධූරය පිරිනමා ඔබ ඔය අසුනින් නැගිට යායුතුය. ඔබට ඔබේම පෙරමුණේ කෙනෙකුට එහෙම අගමැතිකම දෙන්නට බැරිනම් සිරිසේනට කැමති කෙනෙක් දාගෙන කරගෙන යන්න යැයි කියා ඔබට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට පුළුවන් ය. දැන් අවශ්‍ය වන්නේ ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් ආණ්ඩුක්රරණයක් ය. ජනතාව තම දුවා දරුවන් තවමත් පාසල් යවන්නට මැළිවන්නේ ආණ්ඩුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් නැති නිසාය. සාමාන්‍ය ජනජීවිතය මෙලෙස එන්න එන්නම අයහපතට ගමන් කිරීම මිලිටරි ජුන්ටාවක හිමිදිරිය වන්නට බැරි නැත. එනිසා ඔබ වහාම තීරණයක් ගෙන ඉල්ලා අස්වීම රටේ අනාගතයට සුබය. එහෙම නැතිව ගැටුම් සිදුවෙන ප්‍රදේශවල සංචාරය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම රටේ ඉදිරි අනාගතයට සුබ නැත...
කේ සංජීවරනිල් වික්‍රමසිංහ වෙත!!!
ජනාධිපති සිරිසේන ඔබව අගමැති පුටුවෙන් බිමට ඇදදැමූ ඒ ඔක්තෝම්බරයේ අපි ඔබ සමග සිටියෙමු. ඔබගේ අගමැති පුටුව ආරක්ෂා කරන්නට උද්ගෝෂණය කළෙමු. උපවාස කළෙමු. ඒ ඔබ ගැන තිබෙන කැක්කුමකටවත්, සිරිසේනට එරෙහිව තිබෙන විශේෂ එදිරිවාදීකමක් නිසාවත් නොවැ එය රටේ ප්රජාතන්ත්රවාදයට ව්‍යවස්ථා නීතියට මරු පහරක් එල්ල කළ නිසාය. අන්තිමට සිරිසේන කිචවී ඔබ අගමැති විය. යුද්ධය අවසන් කළ නායකයා ලෙස අපමන ජනප්‍රසාදයක් හිමිකරගෙන සිටි මහින්ද රාජපක්ෂද ඔබ නැවත අගමැති පුටුවේ හිඳවූ ඒ ප්රජාතන්ත්රවාදී ජයග්‍රහනයත් සමග කුජීත විය.
ඔබ නැවත අගමැති වූ පසුව පැරණි වරදවල් නිවැරදිකරගනිමින් ජනාධිපති සිරිසේන සමග හොඳ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධයකට යනු ඇතැයි අපි නිකමට මෙන් සිතුවෙමු. එහෙත් ඔබ වෙනස් කළ දෙයක් නැත. ඔබ සිරිසේන සතුටු කිරීමට ඔලුව දෙපසට වැනුවා පමණි. එය ඔබේ හැටිබව දොස්තර රාජිත වරක් කැබිනට් ප්‍රෙස් එකේ කියනවා මා අසා ඇත. මාස හයක් ද කොහේද ආරක්ෂක මණ්ඩලයට කතා නොකළ විට ඔබ සද්ද නැතුව සිටියේය. ඔබ එය ඔබගේ බිරිඳ මයිත්‍රී මහත්මියටවත් කීවා දැයි අපි දන්නේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරය නොවන්නට එය කාලයේ වැලි තලාවෙන් වැසීගිය කතාවක් වන්නට තිබුණි. ෆොන්සේකාට පොලිස් ඇමති ධූරය හෝ මොනයම් හෝ ඇමති ධූරයක් නොදී සිටින්නට ජනාධිපති සිරිසේන ක්‍රියාත්මක වනවිට ඔබ එයට විරුද්ධව දැනෙන දෙයක් නොකළ බව බොහෝ එජාප මැති ඇමතිවරුන්ගේ මතයයි.
මේ තත්ත්වය මෙසේ තිබියදී පාස්කු ප්‍රහාරය සිදුවූ පසු එහි වග උත්තරකරුවන්ට දඬුවම් දීමට නීතියට අනුව කටයුතු කිරීමට ඔබ ජනාධිපති සිරිසේන සමග කරපු අරගලය කුමක් ද? අඩුම වශයෙන් මේ ප්‍රහාරයෙන් පසුව හෝ පොලීසිය භාර අමාත්‍ය ධූරය ෆොන්සේකාට ලබාගැනීමට ඔබ කළ මැදිහත්වීමක් නැතිබව දැනගන්නට ලැබේ. තත්ත්වය එසේ තිබියදී පොලිස්පතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුව හරහා හෝ යම් ක්‍රියාමාර්ගයක් ගන්නට ඔබ උත්සුක නොවුණි. ඔබ පොලීස්පති පූජිත් ජයසුන්දරව ආරක්ෂා කලේ යටින් ගසා සිරිසේනව මට්ටුකරන්න වෙන්න ඇත!! යටින් ගැසීමට රුසියෙක් වූ ඔබගේ ඒ සෙළලම්වලට දැන් අහුවෙන එකෙක් සොයාගන්නට නැත. එනිසා නූල් සූත්‍ර දේශපාලනය අවසන් කර මුහුනට මුහුන දේශපාලනය කරන තැනකට ඔබ මාරුවිය යුතුය. එහෙත් ඔබගේ වයස සමග මටනම් හිතෙන්නේ දැන් ඔබට පුලුවන් වන්නේ ප්‍රශ්නයක් පැමිණි විට හිස දෙපසට වනා මුහුනට බැරෑරුම් සෙයියාවක් මවාගෙන ප්රශ්නය මගහැරීම පමණි. එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ පසුගිය දිනෙක පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්රශ්නය අරඹයා නවීන් දිසානායක ඔබට දැක්වූ ප්‍රතිචාරය වැනි ප්‍රතිචාර බොහෝ ප්‍රමානයක් හෙට අනිද්දා වනවිට ඔබට විරුද්ධව ඔබගේ පක්ෂය තුළින්ම නැගෙනු ඇත. එවැනි තත්ත්වයන්වලට දැන් ඔබගේ සරීරය මානසික තත්ත්වය ඔරොත්තු නොදෙන බව මගේ විශ්වාසයයි.
එම කරුණ පැත්තකින් තබමු පාස්කු ප්‍රහාරයට පසු ජනතාවගේ විශ්වාසය ආණ්ඩුව කෙරෙහි ඇතිවෙන ලෙස ආණ්ඩුවේ දෙවෙනියා වන ඔබ ජනතාවට කළේ මොනවාද? පිස්සෙක් ජනාධිපති වී සිටින රටක අගමැති වූ ඔබද පිස්සුම පමණක් කෙළිනු දකිණු හැකි විය. අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ ගැසට්ටුව ප්‍රමාද වනවිට ඔබ කළේ මොනවාද? බුර්කාව නිකාබය වැනි ඇඳුම් තහනම් කිරීම සඳහා කැබිනට්ටුවට යෝජනා ඉදිරිපත්වන විට මංගල සමරවීර වැනි අමාත්‍යවරුන් මෝඩලෙස එම යෝජනා බැහැර කරන්නට කතාකරනවිට ඔබද ඒවා අනුමත කරමින් ජනතාවගේ සැකය අවිශ්වාසය තවතවත් ඉහළ දැම්මේය. වැල්ලම්පිටිය තඹ කම්හලේ සැකකරුවන් නිදහස් කරනවිට ඔබ සිටියේ කොහිද?.. කඩු සොයාගැනීම් මාධ්‍ය සංදර්ශන වනවිට එම මාධ්‍ය සංදර්ශන සිංහල ජනතාවගේ සැකය අවිශ්වාසය තවතවත් ඉහළ දමනවිට එම තත්ත්වයන් පාලනය කරන්නට ඔබ කරපු දෙයක් පෙනෙන්නට නැත. අශ්වයා පැනගිය පසු ස්ථාලය වසාදමා වැඩක් නැත. මෙම සිද්ධි ජනතාවගේ විශ්වාසය පළඳු කිරීමට හේතුවක් නොවුණ බව කිව හැකිද?.. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් රිසාඩ් බදුර්ධීන් වැනි අමාත්‍යවරුන් චෝදනා ලබනවිට ඔවුන්ට තමන් දරණ අමාත්‍ය ධූරවලින් ඉවත්වී පරීක්ෂණවලට සහාය දෙන්නට උපදෙස් දෙන්නට නොතිබුණිද? අනෙක් පැත්තෙන් මෙම අමාත්‍යවරුන්ට ආණ්ඩුකාරයින්ට විරුද්ධව ජනමතයක් ගොඩනැගෙන විට එහි ඇත්ත නැත්ත සොයා ගැනීමට අඩුම පරීක්ෂණයක් කරන්න කියා හෝ පොලීසියට උපදෙස් දෙන්නට ඔබට යුතුකමක් තිබුණේ නැද්ද? මේ සියළු දේවල්වලින් සිදුවුණේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය නැත්තටම නැතිවීමය. දැන් ජනතාව ආණ්ඩු කියන කිසිදෙයක් අහන්නට සූදානම් නැත. එය සිංහල ජනතාව ප්රචණ්ඩත්වයේ මාර්ගයට තල්ලුකළේය. ආරක්ෂක අංශවල්ටද ඔබලාගේ ආණ්ඩුකරණය දැන් විස්වාශ නැත. එනිසා දැන් නීතිය අතටගත් ජනතාව එම නීතිය භාවිතා කරන අයුරු බලාගෙන ඔවුන් නිසොල්මනේ ය. එහි අනිටු ප්‍රතිවිපාක ඊයේ පෙරේදා කුරුනෑගලින් හලාවතින් අපිට දකින්නට හැකිවිය. මේ දේවල් මෙලෙස වනවිට පසුගියදා ඔබ අරලිය ගහ මන්දිරයට රැකියා ගන්නට පැමිණි ක්‍රීඩා ගුරුවරුන්ට කීවේ ප්‍රහරය පිළිබඳව දැනුවත්ව සිටියදී එය වළක්වා ගන්නට නොහැකිවීම නිසා ජනතාව ආණ්ඩුව කෙරෙහි සහ රජය කෙරෙහි විශ්වාසය බිඳගෙන ඇති බවය. අගමැති ලෙස මේ ප්‍රකාශය පිළිබඳව ඔබට සුළු හෝ ලැජ්ජාවක් නැතිදැයි ඇසිය යුතුය.
මේ දේවල් මෙලෙස වෙන්නේ ඔබට දැන් රාජ්‍ය පාලනයට ශක්තියක් නැතිනිසා වෙන්නට ඇත. එය එහෙම නැතිනම් සිරිසේන බලය නොදී සිටින නිසා වෙන්නට ඇත. සිරිසේන ආණ්ඩුව කරන්න බලය නොදෙන්නේ නම් ඔබ එය ජනතාව ඉදිරියට පැමිණ ඉල්ලා සිටිය යුතුය. එයටත් ඔබට ශක්තියක් නැතිනම් එයට ශක්තිය තිබෙන කෙනෙකුට අගමැති ධූරය පිරිනමා ඔබ ඔය අසුනින් නැගිට යායුතුය. ඔබට ඔබේම පෙරමුණේ කෙනෙකුට එහෙම අගමැතිකම දෙන්නට බැරිනම් සිරිසේනට කැමති කෙනෙක් දාගෙන කරගෙන යන්න යැයි කියා ඔබට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට පුළුවන් ය. දැන් අවශ්‍ය වන්නේ ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් ආණ්ඩුක්රරණයක් ය. ජනතාව තම දුවා දරුවන් තවමත් පාසල් යවන්නට මැළිවන්නේ ආණ්ඩුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් නැති නිසාය. සාමාන්‍ය ජනජීවිතය මෙලෙස එන්න එන්නම අයහපතට ගමන් කිරීම මිලිටරි ජුන්ටාවක හිමිදිරිය වන්නට බැරි නැත. එනිසා ඔබ වහාම තීරණයක් ගෙන ඉල්ලා අස්වීම රටේ අනාගතයට සුබය. එහෙම නැතිව ගැටුම් සිදුවෙන ප්‍රදේශවල සංචාරය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම රටේ ඉදිරි අනාගතයට සුබ නැත...
14 May at 18:34