සිල්ලර ප්‍රශ්න

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සිල්ලර ප්‍රශ්න

    නිහාලුයි ධම්මිකයි කියන්නේ එකම ගමේ හිටපු ගජ යාළුවො දෙන්නෙක්.දවසක් ධම්මික අහනවා නිහාල්ගෙන් මෙහෙම,
    කොහොමද බන් උඹල ගෝරි බෝරි නැතුව සතුටෙන් කිරි පැණි වගේ පවුල් කන්නේ?
    මොකද මේ ධම්මිකයයි උගේ ගෑනියි හැමදාම වලි.
    එතකොට නිහාල් කියනවා මෙහෙම,
    ඒකෙ රහස මේකයි මචන්,අපේ ගෙදර තීරණ ගනිද්දී සිල්ලර ප්‍රශ්න වලට තීරණ ගන්නේ එයා,බැරෑරුම් ප්‍රශ්න වලදී මම තමයි තීරණ ගන්නේ.ඒ හන්ද අපි අතරේ ගැටුම් නෑ....
    මොනවද බන් එතකොට ඔය සිල්ලර ප්‍රශ්න?ධම්මිකයා කුතුහලෙන් අහනව.
    මෙහෙමයි,අපි කන්නේ බොන්නේ මොනවද,අඳින්නේ පළඳින්නේ මොනවද,යන්නේ එන්නේ කොහෙද,ගෙදරට වියදම් කරන්නේ මොනවගේ දේවල් වලටද? ඔන්න ඔයවගේ සිම්පල් දේවල් වලදී තීරණ ගන්නේ එයා.
    එතකොට බැරෑරුම් ප්‍රශ්න කිව්වේ මොනවගේ ඒවාද බන්?ධම්මිකය උනන්දුවෙන් අහනව.
    පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අපේ රටට සුදුසුද,ද්‍රවිඩ සන්ධානයඑක්ක තව දුරටත් සාකච්චා කරනවද,ඉසෙඩ් ස්කෝර් එක විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අනාගතයටත් යොදාගන්නවද,මනාප චන්ද ක්‍රමය අහෝසි කරනවද?ඔයවගේ බරපතල තීරණ ගන්නේ මම....නිහාලයා හෙන ආඩම්බරෙන් කිව්වා..... ;););)