සිල්වා කිවුවේ නෑලු
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිලේලේ මහත්මියට තමන් විවාහ වීම සඳහා ආරාධනා නොකලේ යයි අමාත්‍ය මර්වින් සිල්වි මහතා පවසයි.
ඔහු පවසන්නේ තමන් පැවසුවේ විවාහයක් ගැන නොව රට ගැන බැඳීමක් ඇති කරගන්නා ලෙස යයිද අමාත්‍යවරයා පුවත් පතකට සම්මුඛ සාකච්චාවක් දෙමින් පවසා සිටී.
තමන්ගේ අදහස් පල කිරීම ගැන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැක්වූ ප්‍රතිචාරය ගැන මර්වින් සිල්වා මහතා නොසතුට පල කරයි.
“මා කීවේ විවාහයක් ගැන නොව රට ගැන බැඳීමක්, බැම්මක් ඇති කරන්නයි. මේ සියලු ප්‍රශ්නවලට මුල එවැනි බැඳීමක් නැතිකමයි. ඒ ගැන කාගේ හෝ හිත රිදීමක් වුණා නම් මම කාගෙන්වත් සමාව ගන්න පුද්ගලයෙක් නොවෙයි. මම මල් උයන්වල යන්නටවත්, මල් කඩන්නවත්, මල්වතු බලන්න යන්නවත් කාටවත් ආරාධනා කරන කෙනෙක් නෙවෙයි.
මගේ මිත්‍ර ඇමැතිතුමා මා සහ මගේ ඥාතීත්වය සමඟ යම්කිසි අමනාපයක් ඇතිදො කියා මට සැකයක් තියෙනවා. ඒ වුණත් මම සිංහල, බෞද්ධයෙක් හැටියට මගේ අමනාපයක්, වෛරයක් නැහැ. මම හැමෝටම මෛත්‍රිය දනවන කෙනක්. එසේම මම සිල්වා කෙනකු බව නැවත මතක් කරමි. මගේ වචනයක් ගැන එතුමා කිව්වත්, මම වචන ඉස්පිලි, පාපිලි පස්සේ දුවන කෙනෙක් නොවේ. මේ වචනය මහ මුහුදක් කරගෙන කවුරුහරි තමන්ගේ කාලය ගත කරනවාට වඩා ඒ වටිනා කාලය තවත් හොඳ දෙයක් වෙනුවෙන් වැය කරනවා නම් කොච්චර හොඳද? මට දුරකතනයෙන් පණිවුඩයක් දුන්නා නම් මම නිහතමානීව ඒ දේ කරනවා. අනුප්රාත්තිකයෝ මොකටද? මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. එහෙම නැතිව තමන්ගේ අම්මාගේ වයසයි, වෙනත් අම්මලාගේ වයසයි මෙතැනට මොකටද?” යනුවෙන් මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.
lanka c news