සිල් ගත්ත පූසා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිල් ගත්ත පූසා

    එකමත් එක දවසක පූසෙක් බඩගින්නෙ ඇවිදිනකොට ගෙදරකින් කරෝල සුවඳක් එනවා දැනුනලු. හොරෙන්ම ඒ ගෙදරට රිංගගත්ත පූසා කරෝල තියෙන්නෙ කොහෙද කියලා හොයනකොට ඒක තියෙන්නෙ පෙට්ටගමක් උඩ තිබුන හාල් මුට්ටියක් ඇතුලෙ කියලා දැනුනලු. ඒක කන්න පෙට්ටගම උඩට පනිනකොට එතන එල්ලලා තිබ්බ නවගුණ වැලක් පූසගෙ බෙල්ලෙ පැටලුනාලු. පූසා නවගුණ වැල ගලවගන්න දන්න ඔක්කොම සෙල්ලම් දැම්මත් ඒක ගලවගන්න බැරි වුනාලු.
    පෙරලුන පිට හොඳයි කිව්ව වගේ පූසා නවගුණවැලත් කරේ එල්ලගෙන කැලේට ගියාලු. ඔහොම යනකොට පූසට මුලිච්චි වුනාලු වලිකිකිළියෙක්. පූසව දැක්ක විතරයි මේකි පැනලා දිව්වලු. පූසා බොහොම උපාසක ස්වරයෙන් වලිකිකිළිට කිව්වලු “මම සිල් අරන් ඉන්නෙ. මට බය වෙන්න එපා. මම පන්සලක් හොයාගෙනයි යන්නෙ. තුම්මල් කිත්තියෙ මාත් එක්ක යං” කියලා. (මේ තුම්මල් කිත්ති කිව්වෙ ඔළුවෙ මල් තුනක් තියන කීර්තිමත් ඇත්තිය කියලා.)
    වලිකිකිළිත් පූසව විශ්වාස කරලා ඌත් එක්ක යනවලු. මේ යන අතරමගදි ඇටිකුකුළෙක්ව මුලිච්චි වුනාලු මේ දෙන්නට. ඇටිකුකුළත් පැනල යන්න හදනකොට පූසා කිව්වලු “මම සිල් අරන් ඉන්නෙ. මාත් එක්ක යං” කියලා. ඒ පාර ඇටිකුකුළත් පූසට එකතු වුනාලු.
    ඔහොම යනකොට මේ කාණ්ඩෙට මුලිච්චි වුනාලු හාවෙක්ව. පූසා හාවටත් කිව්වලු “ටොක්කා නැට්ටුවේ, මාත් එක්ක යං. මම සිල් අරන් ඉන්නෙ” කියලා. (ටොක්කා කියන එක හැදිල තියෙන්නෙ දෙමලෙන් පැන පැන යනවා කියන අදහස දෙන ටොංකු කියන වචනෙනුයි.) ඉතින් හාවත් මේ කාණ්ඩෙට එකතු වුනාලු.
    සිල් ගත්ත පූසා පෙරටු කරගත්ත මේ කට්ටිය කැලේ තිබ්බ ගල්ගුහාවක් ගාවට ආවලු. “ඉස්සරකාලෙ භාවනායෝගියො මේ වගේ තැන්වලතමා භාවනා කළෙ. මටත් මෙතන හොඳා පන්සලකට” කියලා පූසා ඒ ගල් ගුහාවෙ තිබ්බ උස තැනකට වෙලා ඉඳගෙන ඇස් පියාගෙන හිටියලු. වලිකිකිළියි, ඇටිකුකුළයි, හාවයි පැත්තකට වෙලා බලාගෙන හිටියලු.
    කිකිළියන්ටත් නිකං ඉන්න බෑනෙ, හැම වෙලේම බිම පහුරු ගගා කෑම හොයනවා. මේ වලිකිකිළිත් පුරුද්දට බිම පහුරු ගෑවලු. මේක ඇහුනු පූසා “ටොක්කා නැට්ටුවෙ, තුම්මල් කිත්ති බිම පහුරුගාලා පන්සල් භූමිය අපවිත්‍ර කලා. මම ඒකිව මරන්න ඕනෙ නේද?” කියලා ඇහුවලු. හාවත් “ඔව්, ඔව් ඒක හොඳා” කියලා කිව්වලු. ඒ පාර පූසා එක පාරටම පැනලා වලිකිකිළිව මැරුවලු.
    ඊට පස්සෙ පූස ඇහුවලු “මැරිච්ච සතෙක්ව කෑවට සීලෙ කැඩෙන්නෙ නෑ නේද?” කියලා. “නෑ නෑ..මැරිච්ච සතෙක් කෑවට පව් සිද්ධ වෙන්නෙ නෑ. සීලෙ කැඩෙන්නෙත් නෑ” කියලා හාවා කිව්වලු. ඉතිං පූසා වලිකිකිළිව කෑවලු.
    ඊටපස්සෙ භාවනා කරන්න වගේ ඇස් පියාගෙන හිටි පූසා ටික වෙලාවකින් ඇස් ඇරලා කිව්වලු “ටොක්කා නැට්ටුවේ, මේ ඇටිකුකුලා මං භාවනා කරන වෙලේ ඇස් දෙක හොඳටම රතු වෙනකම්ම අරක්කු බීල නොවැ. මූව මරන්න නොවෙද වටින්නෙ?” කියලා. හාව ඔව් කියන්නත් කලින් පූස පැනල ඇටිකුකුළව මැරුවලු. “මැරිච්ච සතෙක් කෑවට සිල් කැඩෙන්නෙ නෑ නේද?” කියලා පූස ඇහුවහම හාව “නෑ. නෑ. සිල් කැඩෙන්නෙ නෑ” කිව්වහම පූස ඇටිකුකුළවත් කෑවලු.
    ආයෙත් භාවනා කරන්න ගිය පූසා ටික වෙලාවකින් ඇස් ඇරලා “ටොක්කා නැට්ටුවො, උඹ පන්සල වටේම බෙටි දාලා පන්සල් භූමිය අපවිත්‍ර කළා නේද? උඹව මැරුවත් මදි නේද?” කියලා ඇහුවලු. හාවත් “ඔව්, මාව මරන එක තමා යහපත්, නිවැරදි ක්‍රියාව. මම මහ ටොක්කමයි, පොඩි ටොක්කමයි ටොක්කම් දෙකක් දැම්මට පස්සෙ මාව මැරුවට කිසිම වැරැද්දක් නෑ. සීලෙ කැඩෙන්නෙත් නෑ” කියලා කිව්වලු. (ටොක්කම කිව්වෙ පැන පැන යනවට හොඳේ.)
    “එහෙනම් ටොක්කම් දාපං” කියලා පූසා කිව්වලු.
    හාවා ගල් ගුහාව වටේ රවුමක් පැන පැන දුවලා කිව්වලු “මේක තමයි පොඩි ටොක්කම” කියලා. ඊට පස්සෙ හාවා පූසගෙ වටේට රවුමක් දුවලා පූසගෙ ඔළුව උඩින් පැනලා “ඒක තමයි මහ ටොක්කම” කියලා කැලේට දිව්වලු.
    වයඹ පළාතේ ජනකථාවක්.
    ගත්තෙ මෙතනින්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උස්ස උස්ස දැම්මට දාන්න කලින් ටිකක් හිතල මතලා දාහං :angry::angry:

    අවුරුදු 2ක් එක බල්ලෙක් දැක්කෙ නැහැ ඔක නමුත් අද එකෙක් දැකලා:rofl:

    උබලට ඔක තෙරෙන්නෙ නැහැ සහො ඔකෙන් මොකක්ද කියන්නෙ කියලා
    උයාල වගෙ පොඩි ලමයින්ට තෙරෙන්නෙ නැහැ:no:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවුරුදු 2ක් එක බල්ලෙක් දැක්කෙ නැහැ ඔක නමුත් අද එකෙක් දැකලා:rofl:

    උබලට ඔක තෙරෙන්නෙ නැහැ සහො ඔකෙන් මොකක්ද කියන්නෙ කියලා
    උයාල වගෙ පොඩි ලමයින්ට තෙරෙන්නෙ නැහැ:no:

    උඔ බල්ලොන්ට බලන්නද බං ත්‍රෙඩ් දාන්නේ..හිතුවේ මේක බලු අනාතාගාරයක් කියලද...:dull:
    ඇත්තටම මොකක්ද මේකෙන් කියවෙන්නේ.....පැහැදිලි කරලා දියංකෝ :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඔ බල්ලොන්ට බලන්නද බං ත්‍රෙඩ් දාන්නේ..හිතුවේ මේක බලු අනාතාගාරයක් කියලද...:dull:
    ඇත්තටම මොකක්ද මේකෙන් කියවෙන්නේ.....පැහැදිලි කරලා දියංකෝ :yes:

    කෙටියෙන්

    අසත්පුර්ශයා කවදාවත් විශ්වාස නොකරන්න ඔහුට අවස්තාවක් ලද සැනින් ඔහු ක්‍රියාත්මක වෙනවා
    බොරු චාටු ආදි එක එක ක්‍රම මගින් ඔබව රවට්ටාවි නමුත් ඔබට තැනට සුදුසු ණුවන ඇත්නම් එයින් ගැලවෙන්නත් පුලුවන්:dull: ඔය කෙටියෙන්ම කිවුවෙ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෙටියෙන්

    අසත්පුර්ශයා කවදාවත් විශ්වාස නොකරන්න ඔහුට අවස්තාවක් ලද සැනින් ඔහු ක්‍රියාත්මක වෙනවා
    බොරු චාටු ආදි එක එක ක්‍රම මගින් ඔබව රවට්ටාවි නමුත් ඔබට තැනට සුදුසු ණුවන ඇත්නම් එයින් ගැලවෙන්නත් පුලුවන්:dull: ඔය කෙටියෙන්ම කිවුවෙ

    තේරුණා:cool:...ඒ කියන්නේ හාවොන් වගේ සත්තු විස්වාස කරන්න එපා කියලානේද..:yes:.දැක්කනේ ඌ අලි කෙබරයක් ගහලා පූසව රැවැට්ටුවා:angry:..මහ අසත්පුර්ශයා සතෙක් :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තේරුණා:cool:...ඒ කියන්නේ හාවොන් වගේ සත්තු විස්වාස කරන්න එපා කියලානේද..:yes:.දැක්කනේ ඌ අලි කෙබරයක් ගහලා පූසව රැවැට්ටුවා:angry:..මහ අසත්පුර්ශයා සතෙක් :yes:

    බාලයන් ඇසුරු නොකරන්න :P එක තම්යි අපෙ වැරද්ද
    බුම්ප් මචං එල කතාව.........
    :D;)
    :cool:;)
    සිල් ගත්ත ඔටුවා :rolleyes:

    ඔව් උබට පෙනුනෙ නැද්ද මම සිල් අරන් කියලා:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බාලයන් ඇසුරු නොකරන්න :P එක තම්යි අපෙ වැරද්ද

    ඒක තමයි එළකිරියේ ඉන්නෙම අපිට වැඩිය ගොඩක් බාලයෝ නේ ..:baffled:...නේද...:baffled:
    ඉතිං උන්ව ඇසුරු නොකර වෙන කාව ඇසුරු කරන්නද බං....:dull: