සිව් වසරක දුස්සුපිනයේ භාව ප්‍රකාශනය..............

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුල අයියා කියල තියන දේවල් 100% ක්ම තේරුම් ගන්න බැරි වීම ගැන මම සිංහලයෙක් හැටියට ලැජ්ජා වෙනවා. මොකද අපිට මේ අපේම භාෂාවෙන් කියන ඓ්ව තමයි හරිය තේරිලා නැත්තේ.

    හැබැයි මට එක දෙයක් තේරෙනවා අපිට නොකියන ප්‍රශ්ණයක් එලකිරිය තුළදී කිඹුලට වෙලා තියනවා. විශේෂයෙන් රේඩියෝ එක සම්බන්ධව. මොකද කිඹුලා රේඩියෝ එක නවත්තනවා කියලා මුලින් කියන්න සති 2 කකට විතර කලින් කාගේ හරි ත්‍රෙඩ් එකකදී කියලා තිබුනා මයික් දෙකක් ගහලා ඒ දෙකේ සද්දේ වෙන වෙනම පාලනය කරගන්න පුලුවන් විදිහට ඈම්ප් එකක් හදාගන්න ඕනෙ කියලා. ඒ සජීවීව සම්බන්ධ කරගෙන රේඩියෝ එක වෙනස් විදිහකට කරන්න කියලත් ඒ ත්‍රෙඩ් එකේ තිබුණා. එහෙම හිතාගෙන හිටපු කෙනා හිටි හැටියේම, ටික දවසකින් රේඩියෝ එක නතර කරනවා කියලා කිව්වා. හැබැයි අපිට හේතුවක් කියන්නෙ නෑ. මම මේ ගැන පීඑම් වලින් කොච්චර ඇහුවත් කිඹුලා හරි උත්තරයක් දුන්නෙ නෑ.

    කිඹුලෝ ඔයාට පුලුවන් නම් රේඩියෝ එක දිගටම කරගෙන යන්න. ඔයා මේක නැවැත්තුවොත් ඔයා වෙනුවට වෙන ආදේශකයක් නෑ. :(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ela ela maxa maxa thawa daaanna meh wage ewa apita rasa windinna api balan innawa niyamai niyamai godak rasa winda meh nirmaanaya
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    [FONT=&quot]සිව් වසරක දුස්සුපිනයේ භාව ප්‍රකාශනය..............[/FONT]

    [FONT=&quot]එකලාව විදි තැවුල[/FONT]
    [FONT=&quot]මෙකල හදවත දවන[/FONT]
    [FONT=&quot]සනසනු රිසින වැද හෝමි[/FONT]
    [FONT=&quot]තෙරක් නොපෙනෙන අංකිත අවකාශයට...[/FONT]

    [FONT=&quot]උන් බොහෝ දෙන නොදකින[/FONT]
    [FONT=&quot]ජාගර ඔල මොළ තැන් දකින මම[/FONT]
    [FONT=&quot]අවි එසවීමි තනිව ම..[/FONT]
    [FONT=&quot]එකලාවමය එනමුත්....[/FONT]
    [FONT=&quot]දෙව් අණට රැහැණිව නැගි හෙයින්[/FONT]
    [FONT=&quot]බැන්දෝය මා ගිරි කුළකට...[/FONT]
    [FONT=&quot]කඩා කෑවේයැ මා හදවත තුටින.....[/FONT]
    [FONT=&quot]එකෙකු නොව,[/FONT]
    [FONT=&quot]ගිජු ළිහිණි රෑනක් සේමැ.........*[/FONT]

    [FONT=&quot]අන්තාවකාශ දුර සිට,[/FONT]
    [FONT=&quot]අංකිත අසණියක් විත් පතිත විය[/FONT]
    [FONT=&quot]මා දෙපය අසලම.....!![/FONT]

    [FONT=&quot]මියුරු සදෙසට යොමවා දෙසවන[/FONT]
    [FONT=&quot]දරා නෙක දුක්ඛ දෝමනස්ස[/FONT]
    [FONT=&quot]තැත් දැරිමි, එන්නත් කරනට[/FONT]
    [FONT=&quot]ධූසර ද්‍රව්‍ය......[/FONT]
    [FONT=&quot]උන් දෙකන අගුළු ඇති බවත්,[/FONT]
    [FONT=&quot]හිස් හිස් වලට දැමු දෑ දෙකනින් පෙරෙන බවත්[/FONT]
    [FONT=&quot]දුටිමි එවිට..........[/FONT]

    [FONT=&quot]මා සසල හද විල් තෙර අස බඩ ම[/FONT]
    [FONT=&quot]පිපෙනා සුසුදු පියුමේ පෙති[/FONT]
    [FONT=&quot]අනේ උන් දකින්නේ[/FONT]
    [FONT=&quot]කවදා ද?[/FONT]




    මේ සිව් වසරක මාගේ එළකිරි අඩවියේ දිවියෙහි ශේෂ පත්‍රය ලෙස හැදින්වීමට මම කැමැත්තෙමි.
    *ප්‍රොමිතියස් පිළිබදව එන පැරණි ග්‍රීක පුරාවෘතයට අනුව ප්‍රොමිතියස් දෙව්ලොවින් ගින්දර සොරකම් කොට මනුෂයයන් හට දුන් දේව පුත්‍රයා ය. මහ දෙවිදු වන සියුස් ඒ නිසා ප්‍රොමිතියස් හට දඩුවමක් ලබා දෙන ලදින් ඔහුව මුහුදු වෙරළ අස ගල් කුළකට තබා යදමින් බදින් ලදී. සෑම උදෑසනක ම ගිජු ළිහිණියෙක් අවුත් ඔහු ගේ පපු තුර සිදුරු කොට හෘදය ගලවා කන්නේය, එයින් දුක් විද යලි පසුව දා පහන් වන විට තුවාල සුවී ප්‍රකෘති තත්ත්වයට පැමිණෙන ප්‍රොමිතියස් නැවත උදෑසන සුපුරුදු දඩුවම ලබයි. ඒ, ගින්න සමග වන ප්‍රඥාව මිනිසුන්ට දුන්නාට ඔහු විදින දඩුවමයි!


    අංකිත අවකාශය.................
    නොමැත්තා වූ නිම් තෙරක්
    විදුරයන් තතනත්දී
    සම්භූතියට පැණැත්තන්
    මූර්ඛයන් රඟති නග්නව
    බිණුමින් නොසරුප් ද

    සම්මතය සම මතය
    සමමිතික වෙද සැමට?
    ඔළ මොළව නැගෙන උන්
    ඔත්පලය නැණින් නම්
    රැහැණිව යාද යමෙක් එයට
    ගසති ගල් මුල් දනන්
    මුලිනුපුටා දමන රිසින
    රන් වටින සිතුම් දම්

    බොල් හඬින් ගිගුම් දෙන
    පවිටු දන මන විකල්
    වියැකී යාද කපක්
    සුවහසක් ගෙවෙන කල්

    පරිපාකයේ රිසින
    ශ්‍රැත සොයන දන විසල්
    නොමැත්තේ නොවෙද මෙහි
    අත් ඇඟිලි සම වුවත්..................???

    සොයා ප්‍රඥා පබය
    පිහිනමුව බලා උඩුගං
    රැඳෙන්නේ නම් යෙහෙකි
    නොනැවතී අතර මඟ...............................................


    සිතා බැලීම වටනේය.....................
    "අඳුරට හැවිලි හවනවාට වඩා එකදු ප්‍රදීපයක් දැල්වීම වටී" - චීන ආප්තෝපදෙශයකි

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    අංකිත අවකාශය.................
    නොමැත්තා වූ නිම් තෙරක්
    විදුරයන් තතනත්දී
    සම්භූතියට පැණැත්තන්
    මූර්ඛයන් රඟති නග්නව
    බිණුමින් නොසරුප් ද

    සම්මතය සම මතය
    සමමිතික වෙද සැමට?
    ඔළ මොළව නැගෙන උන්
    ඔත්පලය නැණින් නම්
    රැහැණිව යාද යමෙක් එයට
    ගසති ගල් මුල් දනන්
    මුලිනුපුටා දමන රිසින
    රන් වටින සිතුම් දම්

    බොල් හඬින් ගිගුම් දෙන
    පවිටු දන මන විකල්
    වියැකී යාද කපක්
    සුවහසක් ගෙවෙන කල්

    පරිපාකයේ රිසින
    ශ්‍රැත සොයන දන විසල්
    නොමැත්තේ නොවෙද මෙහි
    අත් ඇඟිලි සම වුවත්..................???

    සොයා ප්‍රඥා පබය
    පිහිනමුව බලා උඩුගං
    රැඳෙන්නේ නම් යෙහෙකි
    නොනැවතී අතර මඟ...............................................


    සිතා බැලීම වටනේය.....................
    "අඳුරට හැවිලි හවනවාට වඩා එකදු ප්‍රදීපයක් දැල්වීම වටී" - චීන ආප්තෝපදෙශයකි



    සම්මතය සම මතය
    සමමිතික වෙද සැමට?
    ඔළ මොළව නැගෙන උන්
    ඔත්පලය නැණින් නම්
    රැහැණිව යාද යමෙක් එයට
    ගසති ගල් මුල් දනන්
    මුලිනුපුටා දමන රිසින
    රන් වටින සිතුම් දම්

    :yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි සහෝ මොකද්ද වුනේ...
    මේකේ ඉන්න උන්ගේ ගොන්කන් ඔයා දන්නවා නේ..
    උන්ව අතෑරලා දාන්න.
    ඔයාට හිතවත්/කැමති මිනිස්සු මේකේ කොච්චර ඉන්නවද..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සම්මතය සම මතය
    සමමිතික වෙද සැමට?
    ඔළ මොළව නැගෙන උන්
    ඔත්පලය නැණින් නම්
    රැහැණිව යාද යමෙක් එයට
    ගසති ගල් මුල් දනන්
    මුලිනුපුටා දමන රිසින
    රන් වටින සිතුම් දම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙන්වෙන්න දැන් ලගයි....... වෙන් වෙන්න බෑ දුකයි........
    අපෙ හිත් අහින්සකයි........බොනකං කටත් හොදයි...........!