සිවිල් ආරක්ෂක කඩේ

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
සිවිල් ආරක්ෂක කඩේ

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතිය කිසිදු සදාචාරයකින් තොරව හා නීති විරෝධීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ බලහත්කාරයෙන් දියත් කර ඇති ආකාරය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ආරංචිමාර්ග හෙළිදරව් කරයි.
[FONT=&quot]මෙම ප්‍රචාරක මෙහෙයුම පිළිබද හෙළිදරව් කිරීම සපුරා තහනම් කර ඇති අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාම ආණ්ඩු පක්ෂයේ දේශපාලකයින් සමග රටපුරා සංචාරය කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පරිපාලන කලාප ආවරණය වන ආකාරයට මෙම රැස්වීම් පවත්වන බව වාර්තා වේ.[/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot]ආණ්ඩුවට ඡන්දය ලබාදීම සදහා බලපෑම් කරනු ලබන මෙම රැස්වීම් වලට එය පත්වන ප්‍රදේශයේ සේවය කරන සෑම සිවිල් ආරක්ෂක භටයෙකුගේම පැමිණීම අනිවාර්ය කර තිබේ. සාහසික කරුණ වන්නේ සෑම සිවිල් ආරක්ෂක භටයෙක්ම එම රැස්වීම සදහා ස්වකීය පවුලේ සාමාජිකයන් දෙදෙනක් සහභාගී කිරීම අනිවාර්ය කර තිබීමය. එම රැස්වීම් වලදී සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් සිවිල් ආරක්ෂක භටයන්ගේ සේවය ස්ථිර කරන බවට සහතික වන බවද පැවසේ.[/FONT]
[FONT=&quot]දවස් පඩිමත යැපෙමින් සිටින සිවිල් ආරක්ෂක භටයන් ගේ රැකියා පිළිබද අවසන් තීන්දුව ගනු ලැබීමේ අත්තනෝමතික බලය එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඇති නිසා මුවින් නොබැණ මේ අසරණ මිනිසුන් ඔහුගේ දේශපාලන රැස්වීම් වලට සහභාගී වන අතර ඒ සදහා ඔවුන්ට වැටුප් සහිත නිවාඩු ලැබෙන බව එම ආරංචිමාර්ග කියයි.[/FONT]
[FONT=&quot]මේ වනවිට මෙවැනි නීති විරෝධී බලපෑම් කරනා රැස්වීම් පනහකට ආසන්න ප්‍රමාණයක් පවත්වා අැතැයි පැවසේ. මෙම දේශපාලන කටයුතු සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්ලජ්ජිත ලෙස දෙපාර්තමේන්තුවේ දේපළ පරිහරණය කරනු ලබනා ආකාරය නිසා ඔහු දෙපාර්තමේන්තුව තුළ බරපතළ පිළිකුලකට ලක්වී ඇතැයිද වාර්තා වේ.[/FONT]
[FONT=&quot]සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ සිවිල් ආරක්ෂක භටයෝ හතළිස් දහසක් පමණ සේවය කරති.[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10406416_770515309697009_2161528714441338506_n.jpg