සිවිලිමක් කළ හදියක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    සිවිලිමක් කළ හදියක්

    PUEMLUh.png


    මේකයි සිද්දිය.
    මේ figure1 එකේ තියෙන්නේ සිවිලිමක් ගහන්න කලින් room එකේ air circulation එක.
    figure2 තියෙන්නේ සිවිලිම ගැසූ පසු air circulation .

    ගොඩක් දෙනා කියන්නේ සිවිලිමක් ගහපුවම ඇතුලේ රස්නේ අඩු වෙනවා කියලනේ. ඒ උනාට මට උනේ සිවිලිම ගහපුවම තිබ්බටත් වඩා රස්නේ වැඩි උන එක. fan එකක් නැතුව ඉන්න බැරි තත්වෙටම පත් වෙලා තියෙන්නේ දැන්.

    කට්ටියට රූපේ දැක්කහමම තේරෙනවනේ සිවිලිම ගහපුවම උනුසුම් වාතයට යන්න තැනක් නෑ කියලා.

    Think twice before do this guys...:P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ලංකාවේ ගෙවල් වල සිවිලම පාතයි. යන වියදම අඩු කරන්න ගෙදර උස අඩු කරලා හදන නිසා . සිවිලිම ගහපුවහම ඇතුළේ ඉඩ මදි . තව කබර්ඩ් එකක් එහෙම තියලා අල්මරියක් කාමරේ තිබ්බ කියන්නේ පාන් පොරණුවක් වෙනවා . AC එකක් තමා හොදම විසදුම AC එකක්කට යන්න බැරිනම් මේ වගේ Fan එකක් සීවිලීමට දාගන්න කාමරේ වාතය සිවිලිමෙන් එළියට ඇදලා දාන්න ලොකු කරාන්ට් එකක් යන්නේ නැහැ.

    Ventilation-Fan-for-Greenhouse-Low-Noise-Ceiling-Exhaust-Fan.jpg


    වහලෙට මේ වගේ දෙකක් විතර දාන්න එතකොට දවල් රසනේ අඩුවෙනවා.

    1.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දොර ජනෙල් වල උඩින් හුලං කවුලු, ලූවර් නැද්ද?
     

    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    ඇත්ත. මග‌ෙ මහ ගෙදරත් මම උපන් දා ඉදන් ඔය විදිහට සිවිලිම් මුළුගෙදරම තිබ්බ නිසා දවල් රෑ Fan දාගෙන තමා හිටියෙ. තව ගෙයක් තිබ්බා ඒ ගෙදර කාමර වල සිවිලිම් ගහලා තිබුනෙ නෑ. උළු වහල නිසා දවල්ට රෑට පට්ට සීතලයි. Fan ඔනම නැහැ. හැබැයි එහෙත් ඔය වගේ සිවිලිම් හයි කරා විතරයි පට්ට රස්නෙයි.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ගෙදර උස වෙන තරමට රස්නය අඩුයි.ඒ උනාට වෙන ප්‍රශ්න වෙනවා.මටත් තියෙනවා හෙන උස ගෙයක් උඩ තට්‍ටුව.හුලන් වැසි එනවාදාලා තියෙන ලී දිරනවා.ලී සිවිලිම දිරනවා.තව එකක් උලු හරි යන්නේ නෑ. එහෙන් මෙහෙන් ලීක් වෙනවා.මම පොඩි කාලේ සිංහල උලු වහපු වලව්වක හිටියේ. වහල උසයි.ගෙදරත් සීතල සෞම්‍ය පැත්තක.ලොකු වැස්සක් ආවහම ගෙදර තෙමනවා.හදන්න අමාරුයි.1987 ජනවාරි වල එක දිගට දවස් හතක් මම ඉන්න පැත්තට වැස්සා.ඒක තප්පරයක් පයන්නේ නැතිව.හයීයෙන් වහිනවා.හිටපු ගමන් හෙමින් වහිනවා.මම කොච්චර වැස්සත් බයික් එක අරගෙන එලියේ යනවා.:D