සිස්ටම් එක ලෙසටම වැඩ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේ පාතාල ගැටුමක් නිසා අද (17) දහවල් උණුසුම් තත්වයක් හටගෙන තිබෙ. මීට හේතුවී ඇත්තේ කිසියම් පාතාල කන්ඩායම් දෙකක් අතර ආරවුලක් මත පලිගැනීමේ චේතනාවකින් පුද්ගලයින් දෙන්නෙකුට එල්ල කළ පිහි ප්‍රහාරයකි.


    ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු පැමිණ තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එක් පුද්ගලයෙකුගේ අත් දෙකම වෙන් වන සේ කපා දමා ඇති බවත් අනෙක් පුද්ගලයාගේ එක් අතක් කපා දමා ඇති බවත් භයංකර ලෙස වාර්තාවේ.
    තුවාල ලද එක් අයෙකු මහමග දිවගොස් ඇද වැටී සිටි බවද අනෙක් පුද්ගලයා පොලීසියට දිවගොස් තිබූ බවද වාර්තාවිය.
    ඇද වැටුණ පුද්ගලයාට උදව් පිණිස කිසිවෙකු ළංවී නැත.
    පසුව බණ්ඩාරගම පොලීසිය සුවසැරිය ගිලන් රථයක් සමග වැටීසිටි පුද්ගලයා වෙත පැමිණ එම ස්ථානයේදීම මූලික ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබේ.


    පොලීසිය පවසන්නේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෑතකදී රිමාන්ඩ් භාරයෙන් නිදහස්වී පැමිණි පුද්ගලයකු බවය.
    ඔහු මත්කුඩු ජාවාරම සිදු කරන්නෙකු බවත් පොලීසිය පවසයි.
    ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් ද මත්කුඩු ජාවාරමේ නිරතවන්නන් බවට චෝදනා ලැබූවන් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
    ඔවුන් රැඳීසිටි ත්‍රීරෝද රථයේද තියුණු ආයුධ තිබුණු බවට තොරතුරු ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.