සිසිරයේ සීතල

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    snowspringfallwinterwal.jpg



    සිසිරයේ සීතල පපුවේ වැදෙද්දී
    වැටෙනා කඳුළු කැට හිමෙන් මිදෙද්දී
    රිදී විල් තෙර තුහින තලාවක් වෙද්දී
    මාව එක සැරයක්වත් මතක් උනාද

    අමතකද අප හමු වුනේ හරියටම
    ඔව් හරියටම අවරුද්දකට කලින්
    අත් අල්ලන් මේ සුන්දරත්වය වින්දේ
    ඔච්චර ඉක්මනට අමතක උනාද

    පළවෙනි හිම පොද පොලවේ වදිද්දී
    අපි හිම කැට එක්කළේ තරඟෙට
    දිනන්න පුළුවන්කම තියෙද්දිත්
    ඔයාව දිනෙව්වා අමතකද

    ඒ උණුසම අහිමි උනත්
    තාමත් හදවතේ තෙත තියෙන්නේ
    ආයේ ඒවි කියලද
    නැත්තම් ඔයා මට අහිමියි කියල
    පිළිගන්න අකමැති හින්දද

    අවුරුද්දෙන් අවුරුද්ද මේ විල
    මිදේවි ආයේ උණුසුම් වේවි
    කාලෙන් කාලෙට හිමෙන් පොලව
    වැහේවි ආයේ හිරු එළියෙන් දිය වේවි

    එතකොට මම?
    කොතනද?
    කොහේටවත් අයිති නෑ,
    මගේ හර්දයත් නෑ
    මමත් නෑ, මාව කාටවත් අයිතිත් නෑ...


     
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උපන් දා ඉඳලා ලංකාවේ ඉන්න අපි ව්ව්ගේ උන්ටනම් නුහුරු අත්දැකීමක් උනත් ලස්සනට ලියලා තියෙනවා. දුකයි...

    දිගටම ලියන්න. ජය !
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    උපන් දා ඉඳලා ලංකාවේ ඉන්න අපි ව්ව්ගේ උන්ටනම් නුහුරු අත්දැකීමක් උනත් ලස්සනට ලියලා තියෙනවා. දුකයි...

    දිගටම ලියන්න. ජය !

    ඇත්තටම කිව්වොත් මටත් සිසිර ඍතුව ගැන කෙලින්ම අත්දැකීම් නෑ, කියවපු දැකපු දේවල් නම් තියනවා.
    කොහොම උනත් අදහසට ගොඩක් ස්තුතියි.
    :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සිසිරය අවසාන වුනත් ඒ සීතල ආයෙම දැනුනා වගෙයි :):);)

    විරහව වුනත් ලස්සනයි.
    අපුරු නිර්මාණයක් :D