සිසිරයේ සීතල පපුවේ වැදෙද්දී
වැටෙනා කඳුළු කැට හිමෙන් මිදෙද්දී
රිදී විල් තෙර තුහින තලාවක් වෙද්දී
මාව එක සැරයක්වත් මතක් උනාද
අමතකද අප හමු වුනේ හරියටම
ඔව් හරියටම අවරුද්දකට කලින්
අත් අල්ලන් මේ සුන්දරත්වය වින්දේ
ඔච්චර ඉක්මනට අමතක උනාද
පළවෙනි හිම පොද පොලවේ වදිද්දී
අපි හිම කැට එක්කළේ තරඟෙට
දිනන්න පුළුවන්කම තියෙද්දිත්
ඔයාව දිනෙව්වා අමතකද
ඒ උණුසම අහිමි උනත්
තාමත් හදවතේ තෙත තියෙන්නේ
ආයේ ඒවි කියලද
නැත්තම් ඔයා මට අහිමියි කියල
පිළිගන්න අකමැති හින්දද
අවුරුද්දෙන් අවුරුද්ද මේ විල
මිදේවි ආයේ උණුසුම් වේවි
කාලෙන් කාලෙට හිමෙන් පොලව
වැහේවි ආයේ හිරු එළියෙන් දිය වේවි
එතකොට මම?
කොතනද?
කොහේටවත් අයිති නෑ,
මගේ හර්දයත් නෑ
මමත් නෑ, මාව කාටවත් අයිතිත් නෑ...


