සිසුන්ගෙන් මුදල් අය කිරීම නීත්‍යනුකූල කෙ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අපේ නම් දෙයියනේ කියලා ගත්තේ රුපියල් 136 යි :lol::lol::lol::lol:.එක පාරක් නම් පිනා රුපියල් 1000 ක් එක්කහු කලා තණකොළ අල්ලන්න කියලා .ඌ වල් තණකොළ වගයක් ගෙනල්ලා ඇල්ලුවා .වියලි කාලේට තණකොළ කොහෙන් යනවද දන්නේ නැහැ .
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපිටත් එහෙම තමා මොන පාලනේ තිබ්බත් ඉන්න විදිහට ඉන්නව. මට මොන ගාස්තුව වැඩි කරත් කමක් නැ, ඔක මට අදාල දෙයක් නෙමේ, පර්ස්නෙ තියෙන්නෙ අධ්යාපනේට 6% වෙන් කරා කියන ආණ්ඩුව අහින්සක දෙමවුපියන්ගෙ බඩට ගහන් එකනෙ, මේකනම් නෙමේ 6% කියන්නෙ.............. අසාර්තකයි බයාදුයි ගන්ඩ දෙයක් නැ.උබල කතිරෙ ගැහුවෙ ඔක නිත්යානුකූල කරන්ඩ නම් එල උබලගෙ බලාපොරොත්තු ඉටු වෙලා නිදහස් අධ්යාපනේ ලොල් වෙලා

    නෑ. මම කතිරේ ගහලා තියෙන්නේ චන්දෙට කලින් දුන්නු පොරොන්දු සලකා බලලා. ඒවා වෙනස් වුනොත් මන් ඒවාට වග කියන්නේ නෑ. මොකද මෛත්‍රිපාල, රනිල් ලා වැඩ කරන්නේ මගෙන් උපදෙස් අරන් මාව දැනුවත් කරලා මගේ අනුමැතිය අරගෙන නෙවේ නේ! මං ප්‍රතිපත්ති සලකා බලලා චන්දෙ දීපු මිනිහෙක් විතරයි. එහෙම කියලා වැරදි වැඩක් කලොත් ඒක අනුමත කරන්නේ නෑ මන් කිසි වෙලාවක. අනිත් එවුන් එහෙම කරනවා ඇති. මං නෑ.

    උඹේ තර්ක ඉතින් මම දැකලා තියනවා නේ! ඉතින් උඹ එක්ක වාද කර පලක් නැත. මෛත්‍රී වෙනුවට මහින්ද ඇවිල්ලා, රටේ අදායම වැඩි කරලා, සංවර්ධන සැලැස්මකට යනවා වෙනුවට පෙට්‍රල් ලිටරේ 500 ට වැඩි කලොත් උඹ කියයි "රට සංවර්ධනයට එහෙම ඕනේ" කියලා. ජනාධිපතිගේ සුඛ විහරණයට අමතර කොටි 2000ක් වෙන් කලොත් උඹ කියයි "රටේ ජනාධිපති හිඟන්නෙක් වගේ ඉඳලා බෑ, ජනාධිපති කෙනෙක් වුනාම ඉන්න ඕන විදිහක් තියනවා" කියලා! රටේ දුෂණය භිෂනය් වැඩි වෙනකොට, නිතිය වල් වදිනකොට, රට ණයබර වැඩි වෙනකොට උඹ කියයි "අපි අද මේ පොලවේ පය ගහලා ඉන්නේ මහින්ද උන්නාන්සේට පින්සිද්ද වෙන්න. මොනා කලත් යුද්දේ දින්නා නේ! අපි උන් වහන්සේට ණයයි!" කියලා.

    මෛත්‍රී කියපු දේ නොකලොත් වැරදි තමයි. අඩුවෙන් කලොත් මම සැහීමකට පත් වෙන්නේ නෑ නමුත් තිබ්බට වඩා මෙහෙම හොඳයි නේ කියලා කියන්න මට පුළුවන්.

    අඩුවෙන් වැඩ කලොත් බනින්න අයිතිය තියෙන්නෙත් අපිටම තමා. 6% ක් වෙන් කලේ නෑ කියලා උඹට බනින්න කිසි හේතුවක් නෑ නේ? මොකද මහින්ද 6% තියා 3% වත් දෙනවා කිවුවද? නෑ නේ? ඉතින් අන්තිමට වෙන්නේ මහින්ද වෙන් කල මුදලටම බහින එක නං, උඹ එකට සතුටු වෙන්න එපැයි! ඇයි මේ මහින්දට චන්දෙ දීපු මිනිස්සු බනින්නේ? හරි ප්‍රශ්නයක් ඒක! :D

    කොහොමත් ඔය ගැන නිකන් වාද කරන්න මට ඕනේ නෑ විශේෂයෙන්ම උඹ එක්ක. මම නොදන්න උඹ! :D ඔය ඇති. :D
     
    Last edited: