කොම්පඤ්ඤවීදිය ආරක්ෂක විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ රුපියල් එක්ලක්ෂ හැට දහසක් වටිනා ජංගම දුරකථනයක් එම විද්‍යාලයේ සිසුවාගේ පංති කාමරයේදී සොරගෙන ගොස් ඇති බව රද්දොලුගම පොලිසිය පවසයි.ලෝක ළමා දිනය දා මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි. ලෝක ළමාදින සැමරුම් උළෙලක් මෙම ආරක්ෂක විද්‍යාල පරිශ්‍රයේ ලෝක ළමා දිනය දා (01දා) පැවති බවද, එම උළලේ ඡායරූප ගැනීම සඳහා තම දරුවා ජංගම දුරකථනය මෙදින පාසලට රැගෙන ගොස් ඇති බවද මේ පිළිබඳව සිසුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන බව රද්දොලුගම පොලිසිය පවසයි.
තම පාසල් පොත් බෑගයට ජංගම දුරකථනය දමා සිසුවා පංති කාමරයෙන් බැහැරව ගොස් නැවත පංති කාමරයට පැමිණ බෑගය පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථනය අතුරුදන් වී තිබීම නිසා එදින (01දා) සවස සිසුවා නිවසට පැමිණ ඒ පිළිබඳව සිය මවට පවසා තිබේ. ඒ අනුව සිසුවාගේ මව මෙම සොරකම පිළිබඳව රද්දොලුගම පොලිසියට පැමිණිලි කර ඇත. සිසුවා රද්දොලුගම නිවාස සංකීර්ණයේ රජයේ නිල නිවසක සිය මව සහ පියා සමඟ පංදිංචිව සිටින 15 හැවිරිදි දරුවකි.මේ පිළිබඳව කරන ලද පැමිණිල්ල කොම්පඤ්ඤවීදිය පොලිසියට යවන බව අප කළ විමසීමකදී රද්දොලුගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් පැවසීය.
normal school wala nam ohoma wenne naha