සිසුවියකට අතවර කරන්න ගිය පුහුණුකරුවා බේර
(ලංකා ඊ නිව්ස් -2017.ජන.18, පෙ.ව.1.40) අගනුවරට නුදුරු ප්‍රකට බාලිකා විදුහලක් වූ මාලබේ ශ්‍රී රාහුල බාලිකා විදුහලේ ක්‍රිකට් පුහුණුව ලැබූ 13 හැවිරිදි සිසුවියකට මත්පැන් වර්ගයක් පොවා අතවරයක් කිරීමට ගිය එම පාසැලේ ක්‍රිකට් පුහුණුකරුවා ආරක්ෂා කරමින් අතවරයට ලක්වෙන්නට ගිය සිසුවියගේ පාසැල් ගමන විදුහල්පතිනිය විසින් වාරණය කර ඇති අපූරු පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
සිසුවියට අතවර කරන්නට ගිය මෙම කුපාඩි පුහුණුකරුවා කීර්ති රාජපක්ෂ නමැති අයෙක් වන අතර ඔහු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණ. දැන් ඔහු බේරා ගනිමින් සිසුවියගෙන් පලිගැනීමට තැත්කරන අපූරු විදුහල්පතිනිය සී.කේ. වික්‍රමාරච්චි නමැත්තියකි.
විදුහල්පතිනිය ක්‍රියා කර ඇත්තේ ‘ගහෙන් වැටුනු මිනිහාට ගොනා ඇන්නා වගේ‘ යන ප්‍රස්ථාව පිරුළ සනාථ කිරීමට ය.
මේ සම්බන්ධයෙන් අද (17) පැවැති පළාත් සභා රැස්වීමේ දී සුසිල් කිඳෙල්පිටිය මහතා පුද්ගලික ප්‍රශ්නයක් ලෙස මෙම අවනඩුව ගෙන හැර පෑ නමුත් විදුහල්පතිනිය බේරා ගැනීමට පෙරට ආවේ හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, සහ ප්‍රදීප් උඳුගොඩ යන දේශපාලකයන්ය. මොවුහු මෙම විදුහල්පතිනියගේ සියළු දූෂන වලට කලක සිටම ආරක්ෂාව සපයමින් සිටින්නෝ වෙති.
ක්‍රිකට් පුහුණුකරුවා තම දියණියට සිදුකරන්නට ගිය බරපතල අනතුරත් දැන් විදුහල්පතිනිය විසින් දියණියට සිදුකර තිබෙන අති අසාධාරණය ගැනත් හෙළි කරමින් ඇයගේ පියා එස්.එම්.කේ. රත්නවීර මහතා විසින් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් යවන ලද ලිපියක පිටපතක් ලංකා ඊ නිව්ස් වෙතද එවා ඇත. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ. මේ සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිල්ලක් කර තිබේ.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ
අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01
මාලබේ ශ්‍රී රාහුල බාලිකා මහ විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ xxxxx xxxxxx නම් මාගේ දියණියට විදුහල්පතිනිය විසින් සිදු කරන අසාධාරණය පිළිබඳවයි
මාලබේ ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු, කීර්ති රාජපක්ෂ නැමැත්තා 2017.01.01 දින උදෑසන අප නිවසට පැමිණ කිරිබත් අනුභව කර තේ බීමෙන් පසුව කොළඹ ක්‍රීඩා පිටියකදී සිදු කරන පුහුණු කටයුතු සඳහා අපගේ දියණිය වන වයස අවු. 13 ක් වූ xxxxx xxxxxx ඔහුගේ වෑන් රථයෙන් කැඳවාගෙන යන ලදී. මින් පෙර අවස්ථාවල දී ද දියණියන් පස් දෙනෙකු ගේ කණ්ඩායමක් මෙම පුහුණුව සඳහා කැඳවාගෙන ගොස් ඇත.
ඉතිරි දියණියන් වාහනයට නංවා නොගැනීම හා ගමන් මාර්ගයේ වෙනසක් සිදුවීම නිසා එ් පිළිබඳව අපගේ දියණිය පුහුණු කරුගෙන් විමසා ඇති අතර ඉතිරි අය නංවාගන්නේ කෑගල්ලෙන් බවද ඉන් පසුව තපෝවනේ යන බවද පවසා ඇත. ඒ අනුව, සිදුවන්නට යන මහා විනාශය වටහා ගත් අප දියණිය ගලිගමුව ප්‍රදේශයේ වෙසෙන ඇයගේ මිතුරියක් වෙත සූක්ෂම අයුරින් කෙටි පණිවුඩයක් යොමුකරමින් සිදුවන්නට යන කරදරයෙන් තමා ගලවාගන්නට කටයුතු කරන මෙන් දන්වා ඇත.
කෑගල්ලට ආසන්නයේදී කොකාකෝලා බෝතලයකට මත් ද්‍රව්‍යක් මිශ්‍රකර බොන්නට දී ඇති අතර දියණිය එය බීම ප්‍රතික්ෂේප කර ඇතත් පුහුණුකරු විසින් එය බලහත්කාරයෙන් පොවා ඇත. අත්අඩංගුවට පත්වන විට දියණිය අධික ලෙස මත්ව සිටි අතර පුහුණුකරු ද මත්ව සිට ඇත.
දැරියගේ දැණුම් දීම අනුව ක්‍රියාත්මක වූ මිතුරිය විසින් පොලීසිය දැණුවත් කර කෑගල්ල තපෝ වනයේ දී දැරිය සහ පුහුණුකරු අත්අඩංගුවට ගෙන ඇත. වෛද්‍ය පරික්ෂණ අනුව දැරියට අතවරයක් සිදුව නැත. දැරිය දෙමාපියන්ට භාර දී පුහුණුකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධියෙන් පසු විදුහලේ පැතිරගිය ආරංචිය වූයේ දැරිය හා පුහුණුකරු අතර කලත් තිස්සේ පැවති නොමනා ඇසුරක් නිසා මෙවැනි දුර බැහැර ගමනක් දියණිය ගේ කැමැත්තෙන් ගොස් ඇති බව හා දියණිය ගැබ්ගෙන ඇති බවයි. මෙවැනි කතා පැතිර ඇති හෙයින් නැවත දැණුම් දෙනතුරු දියණිය පාසල් නොඑවන ලෙස මාලබේ ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ සී.කේ. වික්‍රමාරච්චි මිය විසින් දියණියගේ මවට පවසා ඇත. මෙම සිදුවීම දෙමව්පියන්ගේ වරදින් සිදුවූවක් බවද තමාගේ හෝ පාසලේ වගකීමක් නැති බවද ප්‍රකාශ කරන ලදී. 2017.01.05 දින හෝ ආසන්න දිනයක දී විද්‍යාලයේ ගුරු මහත්මියක වන චන්ද්‍රිකා මහත්මිය විසින් ද දුර ඇමතුමක් මගින් පවසා සිටියේ විදුහල්පතිනිය විසින් කැඳවන තෙක් දියණිය පාසල් නොඑවන ලෙසයි.
මෙම සිදුවීමෙන් පසු පැවති, ක්‍රිකට් ක්‍රීඩා කරන දියණියන්ගේ දෙමාපිය රැස්වීමේදී දැරියන් දෙදෙනෙකුගේ මව්වරුන් විසින් ප්‍රකාශකර තිබුනේ පුහුණු කරු විසින් ක්‍රිකට් පුහුණු කරන අවස්ථාවල දී ද දැරියන්ට බියර් පානය කිරීමට ලබා දී තිබූ බවයි. බියර් බී වමනය කල අවස්ථා ද තිබූ බව ද ප්‍රකාශ කර ඇත. එ් අවස්ථාවේ දී ද විදුහල්පතිනිය පවසා ඇත්තේ “එ්වා මෙම අවස්ථාවේ ප්‍රකාශ කිරීමෙන් අපට අවාසියි“ කියා ය.
ක්‍රිකට් පුහුණුව සඳහා ගිය බොහෝ දැරියන් දෙමාපිය සහෝදර සහෝදරියන් සමග තිබූ ලෙන්ගතු කම් දුරස් විය. දහම් පාසල් යාම පන්සල් යාම පවා නවතා දැමීය. එමෙන්ම මෙම පුහුණුකරු දැරියන් කිහිප දෙනෙකුගේ නිවෙස් වලට යාම් ඊම් සිදුකර ඇත. එක් දැරියකට ලබා දුන් ජංගම දුරකථනය නැවත ලබාගෙන අප දියණිය වෙත ලබා දී ඇත. එ් පිළිබඳව විමසූ විට පැවසූයේ “ස්කොර්“ කිරීමට එය අවශ්‍ය නිසා ලබාදුන් බවයි. අප දැරියට ක්‍රිකට් පිත්තක් ලබා දීමට ද පොරොන්දු වී ඇත. (පුහුණුකරුගේ මාසික දීමනාව රු 10,000.00 කි)
පාසලේ ක්‍රිකට් පුහුණුව ආරම්භ වන්නේ පාසල් කාලයෙන් පසුව වූවද මෙම පුහුණුකරු උදෑසන 8.30 ට පමණ පාසලට පැමිණෙයි. හේතුවක් නොමැතිව පාසලේ තැන් තැන්වල සැරිසරයි. මෙය සිසුවියන් 3500 ක් පමන සිටි බාලිකා පාසලකි.
විදුහල්පතිනිය විසින් එය නවතා දැමීමට ක්‍රියා කර නැත. පාසලේ රියදුරු නොමැති අවස්ථාවලදී විදුහල්පතිනිය පාසලට රැගෙන එ්ම නිවසට රැගෙන යාම හා වෙනත් ගමන් සඳහා රියදුරුකම් කරන්නේද මොහුයි. පාසල් සංවර්ධන සමිතිවල දී විදුහල්පතිනිය ට පක්ෂව ක්‍රියා කරයි. සිය දරුවාද මෙම පාසලේම ඉගෙනුම ලබන අතර මොහු පංති නියෝජිතයෙකි. ක්‍රීඩා රැස්වීම් වලදී විදුහල්පතිනිය විසින් මොහුව ඉතා ඉහළින් වර්ණනා කල අවස්ථා රැසකි. ලංකාවේ හොඳම පුහුණුකරු ලෙස හා දියණියන්ට ඉතා ඉහළ ආරක්ෂාවක් ලබාදෙන විශ්වාස වන්ත පුහුණුකරුවා ලෙසත් හඳුන්වා දෙනු ලැබීය.
විදුහල්පතිනිය නිසා පාසලේ දියණියන් හා දෙමාපියන් තුළ මෙම පුද්ගලයා පිළිබඳ දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබිණ. නමුත් මේ තරම් නීච ක්‍රියාවක් සිදුවීමෙන් පසුවද, පුහුණු කරු ඉතා හොඳ පුද්ගලයෙකු බවද, දැරිය රැගෙන ගියේ අතවර කිරීමේ චේතනාවෙන් විය නොහැකි බවද විදුහල්පතිනිය විසින් දැරියගේ මවට පවසා ඇත. අනෙකුත් දියණියන්ට පුහුණු කටයුතු අතරදී බියර් පෙවීම වැනි බරපතල විෂමාචාර පිළිබඳව නොසලකා හරිමින් සිය ගජමිතුරු ක්‍රිකට් පුහුණු කරුවා වූ කීර්ති රාජපක්ෂ නැමැති සමාජ පිළිලය රැක ගැනීමේ නින්දිත උත්සාහයක විදුහල්පතිනිය යෙදී සිටී. .
අනතුරුදායක අවස්ථාවක දී කල්පනාකාරීව කටයුතු කර සිය චරිතය ද ජීවිතය ද රැකගත් අප දියණියගේ පාසල් ගමන තාවතාලිකව හෝ වලකාලීම හේතුවෙන් පාසල තුළ හා ප්‍රදේශයේ පැතිරි කට කතා සත්‍ය ම බවට විශ්වාසයක් ඇතිවීම වැලකිය නොහැක. ක්‍රිකට් පුහුණුකරුවාට කල නොහැකි වූ අපරාධය විදුහල්පතිනිය විසින් සිදුකර ඇත. සිදුකල යුතුව තිබුනේ දැරිය විසින් සිදුකළ ක්‍රියාව අගයා ඇය ආදර්ශයක් ලෙස ඉදිරිපත් කර, පැතිරයන දූෂමාන ආරංචිවලින් දියණිය ආරක්ෂා කිරීමයි.
මෙම විදුහල්පතිනියට විරුද්ධ ව චෝදනා විශාල ප්‍රමාණයක් ඇත. එ්වා පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ට තෙතෙක් කරුණු ඉදිරිපත් කළද බස්නාහිර පලාත් සභා ජනතා නියෝජිතයින් කිහිපදෙනෙකුගේ සහ පක්ෂග්රාහී ඇතැම් අධ්‍යාපන බලධාරීන් නිසා යුක්තිය ඉටුවන්නේ නැත. මෙම විදුහල්පතිනිය පාසලේ රැඳි සිටිත්දී සිදු කරණ කිසිදු විමර්ෂණයකින් පලක් නොවේ. යුක්තිය ඉටුවන්නේ ඇය සිය ධූරයෙන් තාවකාලිකව හෝ ඉවත්කර කරනු ලබන පරීක්ෂණයකින් පමනි.
ගුරුවරුන් දෙමාපියන් හා දැරියන් ඇයට බියක් දක්වයි. මෙම අන්තනෝමතික පාසල් පාලනයට විරුද්ධ වූ ගුරුවරුන් හා සේවකයින් මාරු කර යැවීම හා පන්තිවල දී සහ රැස්වීම් වලදී දරුවන් බිය වැද්දවීම ඇයගේ පිළිවෙතයි.
ඉහත කරුණු පිළිබඳව ඉතා කඩිනම් මැදිහත් වීමක් සිදුකර අසරණ අපට සාධාරණය ඉටුකර දෙන ලෙසට ඔබතුමාගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි.
මෙයට
විශ්වාසී
එස්.එම්.කේ. රත්නවීර (පියා)
මේ කතාව බොරුවක්ද කියන්න දන්නෙ නෑ
නමුත් මම උදේට පත්තරේ විස්තරේ අහගෙන එනකොට දවස් දෙකක් ඇහුන මේ කතාව City FM එකේ කියනව

Last edited:
අනිත් මාද්‍ය කියලත් වැඩි වෙනසක් නෑ. අත්දැකීමෙන් කියන්නේ 