සිසුවියන් බාල වයස් විවාහයක් නවතයි
සිසුවියන් පිරිසක් බාලවයස්කාර විවාහයක් නවතාලීමට සමත්වී ඇතැයි බංග්ලාදේශයෙන් වාර්තා වෙයි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ පාසල් යමින් සිටි 13 හැවිරිදි සිසුවියක් තම පියා විසින් 23 හැවිරිදි තරුණයකු හට විවාහ කර දීමට කටයුතු සැලසුම් කර තිබියදීය.
හබිබා සුල්තානා නමැති මෙම දැරිය තමන් විවාහ කර දීමට තම පියා සූදානම් කර තිබෙන බව පාසල් මිතුරියන් හට පවසා ඇත. එයට උරණ වූ ඇගේ මිතුරියන් ඇගේ පියාට දැනුම් දුන්නද එයට ඇහුම්කන් නොදී තම මතය ක්‍රියාත්මක කිරීමට සැලසුම් පිළියෙල කරමින් සිට ඇත. ඉන් අනතුරුව මිතුරියන් පිරිස තමන්ගේ දෙමාපියන් මාර්ගයෙන්ද මෙය සිදු නොකරන ලෙස ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම් කිසිවකට සවන් නොදුන් හෙයින් පොලිසියටද දැනුම් දී ඇත්තේ හබිබා ද මෙම විවාහයට අකැමැත්ත ප්‍රකාශ කර තිබිම හේතුවෙනි.
ඉල්ලීම් කිසිවකට නිසි ප්‍රතිචාර නොලැබිම හේතුවෙන් සිසුවියන් පිරිස පාසල ඉදිරිපිට විරෝධතාවල යෙදී සිටි අතර පොලිසියට මැදිහත්වීමට සිදුවී තිබේ.
ප්රශ්නය නිරාකරණය කිරීම සඳහා පොලිසිය හබිබාගේ පියා පොලිසියට ගෙන ගොස් ඔහු ගෙන ඇති තීරණය නීති විරෝධී බව පෙන්වා දී ගිවිසුමකට අත්සන් ගෙන ඇත්තේ ඇය බාල වයස්කාරියක වන හෙයින් මෙම විවාහය සිදු නොකරන ලෙසය.
සට්කිහිරාහි අබ්දුල්කරීම් උසස් බාලිකා විද්‍යාලයේ මෙම ක්‍රියාවලිය එම ප්‍රදේශ වැසියන්ගේ විශේෂ අවධානය යොමු කරවන්නක් විය.
බංග්ලාදේශ සිසුවියන් පිරිසක් බාල වයස් විවාහයක් නවතයි

Rivira . lk