සිහිනය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
[FONT=&quot]සිහිනය-[/FONT]

[FONT=&quot]ඇසුණි මැදියම [/FONT]
[FONT=&quot]සුදු සීයාගේ කතන්දර[/FONT]
[FONT=&quot]සෝමවීර මාමා පසෙක[/FONT]
[FONT=&quot]ලියද්දි කතාවක් විග විගහට[/FONT]

[FONT=&quot]තවත් පසෙක සේකරය[/FONT]
[FONT=&quot]එකතුවීලා ගලප්පත්තිට[/FONT]
[FONT=&quot]ලියනවා නව නාට්‍යයක්[/FONT]
[FONT=&quot]නිමා කළ නොහැකි වුණ[/FONT]

[FONT=&quot]කේමදාස අමරදේව එක්කය[/FONT]
[FONT=&quot]මානවසිංහයන් එතැනය[/FONT]
[FONT=&quot]ඇහෙනවා නව ගීත[/FONT]
[FONT=&quot]මට තවම නොතේරෙන[/FONT]

[FONT=&quot]සරච්චන්ද්‍රයන් පුහුණුවක[/FONT]
[FONT=&quot]විජය නන්දසිරි එක්කම[/FONT]
[FONT=&quot]වේදිකාවේ කලබල[/FONT]
[FONT=&quot]මුණසිංහ මාස්ටර් හින්දම[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]පතී ඒත් නිහඬව[/FONT]
[FONT=&quot]මවනවා චිත්ත රූප[/FONT]
[FONT=&quot]තිරයකට ගෙන එන්නට[/FONT]
[FONT=&quot]වික්‍රමසිංහයන් ලියුව[/FONT]

[FONT=&quot]තව තැනක සාජ්ජය[/FONT]
[FONT=&quot]ජෝති,මිල්ටන් සින්දුය[/FONT]
[FONT=&quot]විජය ඇවිදින් එතැනට[/FONT]
[FONT=&quot]පැණි රහට කතාවකය[/FONT]

[FONT=&quot]යා යුුතුද මා එතැනට[/FONT]
[FONT=&quot]ආ යුතුද මා නැවත[/FONT]
[FONT=&quot]සිතූවෙමි මා එවිට[/FONT]
[FONT=&quot]ඇස් ඇරුණු විටම[/FONT]

[FONT=&quot]-මාලන් විදානපතිරණ[/FONT]