සිහින්ම_විද්‍යුත්_පරිපථය.

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    සිහින්ම_විද්‍යුත්_පරිපථය.

    worlds-lightest-thinnest-flexible-electrical-circuit-610x457.jpg


    ඔබට මතක ඇති මින් අවුරුදු ගණනාවකට පෙර නිර්මාණය කරනු ලැබූ කාමර තරම් විශාලත්වයෙන් යුතු පරිගණක. එලෙස පටන් ගනු ලැබූ පරිගණක තාක්ෂනය අද වෙන විට කොතරම් දියුණු වී තිබෙනවාද? . ගිගාබයිට් ගණනින් දත්ත ගබඩා කිරීමට හැකියාව තිබෙන, රාත්තල් කිහිපයකට වඩා බර නැති අතේ ගෙන යෑමට හැකි කුඩා පරිගණක අද වෙන විට නිෂ්පාදනය කර තිබෙනවා. ඉතාමත්ම වේගයෙන් දියුණු වෙන තාක්ෂනය නිසා දිනෙන් දින විශ්මය ජනක නව නිෂ්පාදනයන් ලොවට දායාද වෙනවා.

    ඔබ කොතෙකුත් දැක ඇති විද්‍යුත් පරිපතයන් හැබැයි අද අපි මෙහිදී කතා කරන විද්‍යුත් පරිපතයනම් ඉතාමත්ම විශ්මය ජනක සුවිශේෂී එකක් වෙනවා. මොකද එය තමයි ලොව සැහැල්ලුම සහ සිහින්ම විද්‍යුත් පරිපථය වෙන්නේ. මෙය කුරුළු පිහාටුවක් තරම් සැහැල්ලු පරිපතයක් කිව්වත් ඒක අතිශයෝක්තියක් වෙන්නේ නැහැ. තොරතුරු තාක්ෂණික කර්මාන්තයේ වගේම ජෛව වෛද්‍ය විද්‍යාවේද විපල්වීය වෙනසක් සිදු කිරීමට මෙම විද්‍යුත් පරිපථය මගින් හැකියාව තිබෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.



    images4.jpg


    ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් විසින් නිර්මාණය කරනු ලැබූ මෙම විද්‍යුත් පරිපථය මුළු ලෝකයම පුදුමයට පත් කිරීමට සමත් වී තිබෙනවා.

    මෙම පරිපථය දෙස බැලු බැල්මට ඔබට සිතෙන්නට පුළුවන් මෙය පහසුවෙන් කැඩී බිදී යෑමට හැකියාව තිබෙන ඉතා දුර්වල එකක් බව. එසේ සිතුවානම් ඔබ වැරදියි මොකද මෙය ඉතාමත් සවි ශක්තිමත් භාවයෙන් යුතු විද්‍යුත් පරිපථයක්. මෙය නිර්මාණය කිරීමට ඉතාමත්ම අඩු පිරිවැයක් තමයි වැය වී තිබෙන්නේ.

    ජෛව වෛද්‍ය තාක්ෂනය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් තමයි මෙම විද්‍යුත් පරිපථය එම මහාචාර්යවරුන් නිර්මාණය කර තිබෙන්නේ. කොහොම නමුත් මෙමගින් ක්ෂේත්‍ර ගණනාවකම විපල්වීය වෙනසක් සිදු කිරීමට හැකියාව තිබෙනවා. අද වන විට ජෛව වෛද්‍ය උපකරණ සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ බරින් වැඩි සිලිකන් සහ ප්ලාස්ටික් වර්ගයන්. එම ද්‍රව්‍ය බරින් වැඩි වීම නිසා රෝගියාට යම් අපහසුතාවයක් ගෙන දෙනවා. නමුත් මෙම නම්‍යශීලී, සිහින් , සැහැල්ලු විද්‍යුත් පරිපථය මුළු ජීවිත කාලයම පැළඳ සිටියත් රෝගියාට දෙනෙන එකක්වත් නැහැ එය පවතිනවාද යන්න පවා.



    13-0059-d.jpg


    rsz_photo2-13746987775291.jpg


    images-1.jpg


    images-21.jpg


    මෙම ව්‍යාපෘතිය අති සාර්ථක ලෙස පරීක්ෂණයන් වලට භාජනය කර තිබෙන අතර 2017 වසර වන විට වෛද්‍ය විද්‍යාව සඳහා මෙම තාක්ෂනය භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඒවගේම අනාගතයේදී භාවිතා කිරීමට නියමිත මෙම සුපිරි තාක්ෂනය මගින් මිලියන ගණනක් පමණ රෝගීන් සුවපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි වැඩි දෙනෙක් විශ්වාස කරනවා.




    ගත්තෙ මෙතනින්
    http://www.apps-lanka.com/2014/02/world-thinnest-circuit-board.html
     
    • Like
    Reactions: harshana_mahesh