සිහිනෙන් දුටු දසුනින් බුදුගල සැරසූ බුදු &#3508

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සිහිනෙන් දුටු දසුනින් බුදුගල සැරසූ බුදු &#3508

    Budugala-Rajamaha-viharaya.jpg

    රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් ගෙවූ පසු ඉතාම දුෂ්කර ගොවි ජනපදයක් පිහිටි කල්තොට ප්‍රදේශයේ මනරම් පුණ්‍ය භූමියක පිහිටි බුදුගල රජමහා විහාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුණ්‍ය භූමියෙකි. ඓතිහාසික කූරගල කඳුපාමුල පිහිටා ඇති බුදුගල මහරහතන් වහන්සේ වැඩ සිටි ආරණ්‍ය සෙනසුනක් බවට සාක්ෂි ඉතිහාස සාධක ගෙන එයි. ක්‍රිස්තු වර්ෂ 982-1029 දක්වා රෝහණ රාජධානියේ කාලතිත්තය (කල්තොට) පාලනය කළ ප්‍රාදේශීය රාජ්‍ය පාලකයා වූ වීර මහා සූර්ය නම් රාජ්‍ය පාලකයාට පසුව වික්‍රම පාණ්ඩේ නම් පාලකයා පාලනය කළ බැව් ඉතිහාස ‍පොත පතේ සඳහන් වෙයි. ඉන් පසුව බුදුගල මහරහතන් වහන්සේගෙන් පිරීයන්ටත් පසුව වන සෙනසුනක් බවට පත්වූ බවත් කෙටිකලක් දළදා වහන්සේ සඟවා තැබූ ස්ථානයක් ලෙසත් බුදුගල පිළිබඳ ගවේශණය කළ ඇත්තෝ පවසති. බුදුගල පුරා විද්‍යා පුදබිමට ගිය එකල ගම්මුලාදෑනියෙකුට අරලියමල් සුවඳ හමන ගල්ලෙනක රන්මය බුදුපිළිමයක් තිබූ බවත් එකී ආශ්චර්ය දැක පිරිසක් කැටුව යනවිට එය ඉන් අතුරුදන්ව ඇති බවත් ජනප්‍රවාදයේ පවතී. පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්ගේ පර්යේෂණයන්ට අනුව මේ පුරාවිද්‍යා බිමේ ස්ථූපයක්ද තිබූ බව ද සඳහන්ය.
    ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට වන්දනා මාන සිදුකර ගනිමින් පින්පෙත් උපදවන්නට එහි සොබාසිරිය වැඩිකරලමින් බුද්ධාලම්බන ප්‍රීතිය වඩන්නට මංමෙත් විවර කරලන්නේ අප්‍රමාණ බාධක ධූරී භූත කරමින් සංඝ පීතෘවරයෙකුගේ සිහිනයන් ලෙසින්ම සැබෑවක් කරන්නට හැකි වූ උන්වහන්සේ. මද්දේගම චන්දාලංකාර හිමියන්ය. උන්වහන්සේ විශ්මකර්ම වැඩ කිරීමේ සමතෙකි. චන්දාලංකාර හිමියන්ට හිතේ මැවෙන්නේ යම් දෙයක්ද එය ඒ ආකාරයෙන්ම එපරිද්දෙන් හා වඩා සූක්ෂම ලෙස බාධාවකින් තොරව ඉටු කර ගැනීමේ වරම උන්වහන්සේට ලැබි ඇත්තේ පෙර කළ පිනකිනි.
    උන්වහන්සේ බුදුගල රජමහා විහාරය සෝභාමත් කරමින් කරන සමාජ මෙහෙවර අතිමහත්ය. මෙකී ලිපියේ නිමිත්ත වූයේද උන්වහන්සේ කෙටිකලකදී සිය චිත්ත සන්තානයේ ඉපදුන සිතුවිල්ලක් අවසානයේ වරද මුද්‍රාව නිරූපිත දෙතිස් රියන් මහා බුද්ධ ප්‍රතිමාවක් බවට පරිවර්තනය වීමේ පින් කටයුත්ත ඉකුත් වෙසක් මස 26 වැනිදා දසදහස් ජනීජනයාට වන්දීයත්වයට පත් කිරීමේ පුණේ‍යාත්සවය පදනම් කර ගනිමිනි. බලංගොඩ ධර්මාන්ද පිරුවෙන් විහාරාධිපති අමරපුර ශ්‍රී සද්ධර්මවංශ මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන්ගේ සුරතින් දෙතිස් රියන් බුද්ධ ප්‍රතිමාව නිරාවරණය විය. සේලෙචෙත්‍යය, ශ්‍රීපාද විහාරය බුදුන් වහන්සේගේ විවිධ ඉරියව් විදහාපාන විවිධ අවස්ථාවන් නිර්මාණය කරමින් එම සංකල්පය යථාර්ථයක් කරමින් දහස් සංඛ්‍යාත ජනයාට වන්දනාමාන කරන්නට ඉඩහසර ලබා දී ඇත්තේ කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව වීමද විශේෂත්වයකි.
    Budugala-Rajamaha-viharaya1.jpg

    ගල්තලාවේ මුදුනත ශ්‍රී පාදයේ අනුරුවක් තනමින් ශ්‍රීපාද විහාරය නිර්මාණය කර ඇත. සේල ෙචෙත්‍ය එක් පසෙක පිහිටා තිබේ. ලෙන් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. ආනන්ද බෝධීන් වහන්සේ එක් පසෙක පිහිටා ඇත. බුදුගල මත අවුකන පිළිම වහන්සේ නමක් ස්ථාපනය කිරීමද චන්දාලංකාර හිමිගේම සංකල්පයකි. තවත් පසෙක සමාධි බුදුපිළිම වහන්සේ නමකි.
    චන්දාලංකාර හිමියෝ මෙසේ අදහස් දැක්වූහ. “කලින් ෙචෙත්‍යයට නගින්න බහින්න තිබුණේ එකම පාරකින්. මට හිතුනා නගින්න බහින්න වෙන වෙනම මාර්ගයක් හදන්න ඕනෑ කියලා. පඩිපෙළ තිබුණ තැන වවුල් ගුහාවක් වගේ. එතන ගල මුල කැලෑකට්ටියක් තිබුණේ. පන්ස‍ලේ අයින් කරන පරමල්, වගේ ගස් වල කොළ හැමතැනම තියන කටු කොහොල් එකතු කරලා එතැනට දානවා. එතැනින් ෙචෙත්‍යයට මාවතක් සකස් කරන්න ඕනෑ කියලා මට හිතුනා. ඒ මාවතට පිවිසෙන තැන බුදුරුවක් තනන්න ඕනෑ කියලත් මට හිතුනා. ඒ දර්ශනය දෙතුන් දවසක්ම හීනෙන් පෙන්නුම් කළා. හිටිපිළිමයක් තියනවාද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්න කොට හීනෙන් පෙනුණා එතැන බාධක සියල්ල ඉවත්ව රතු නැවුම් පස් මතුවෙලා තියනවා ගල් ගඩොල් පස් හීනෙන් පෙනුනා. (පරමල් දාන කටු කොහොල් සහිත බිමකඩෙහි) ෙචෙත්‍යයටත් දහස් ගණනින් දේවතා එළි පහත් වෙනවා අපට දකින්න ලැබෙනවා. පිළිමයක් ස්ථාපනය කරන්න 10*10 ප්‍රමාණය වත් පැතලි බිමක් තිබිය යුතුයි. වගේම සිමෙන්ති කොට්ට 100 ක පමණ කොන්ක්‍රීට් තට්ටුවක් ඇතිරිය යුතුයි. පස්වලින් වැහිල තිබුණ ‍පොඩි ගලක් මතුකරලා බලන විට පැතලිව විහිදිලා තිබුණ ගල් තලාව මතුවුණා සිමෙන්ති කොට්ට 100ක් පමණ ඉන් ඉතිරි වුණා. ගල යටටත් සිමෙන්ති කොට්ට 100 ක් විතර අවශ්‍ය වෙනවා පිළිමය දරා ගන්න පිහිටි ගල යටටම තිබුණ නිසා ඒ සිමෙන්ති කොට්ට සියයක් අවශ්‍ය වුණේ නැහැ. ගල මතුකරලා 2016 ඔක්තෝබර් 21 මුල්ගල තිබ්බා අවුරුදු එකහමාරයි ගතවුණේ. අවසන් කරන්නට හැකි වුණා. ඉදිකිරීමට දායකයන්ගෙන් කොටස් මුදල් ක්‍රමයක් ආරම්භ කළා. පළමු කොටස මා විසින් දැරුවා. කොටස් වශයෙන් ගෙවන්න භාර ගත්තත් සමහරුන්ට පළමු කොටස ගෙවන්න ලැබුණෙත් නෑ. ඉතිරි වැඩ අවසන් කරන්න හැකිවුණා. නිදන් කරන්න අවශ්‍ය වටින දේ ගජමුතු පැරණි කරඬු වගේ දේවල් නොහිතපු විදිහට ඉබේම අවශ්‍ය වෙලාවල් හි ලැබුණා. මිනිස්සු පිළිමය දිහා බලල අද සතුටු කඳුළු හෙළනවා.” යනුවෙන් පැවැසූහ.
    මෙලෙසින් නිමිත විශ්මිත බෞද්ධ සංකල්ප රැසක් ඒකස්ථාන ගත කරන්නට වෑයම් කළත් රාජ්‍ය අනුග්‍රහය යටතේ ලබා දී ඇති එකම උපකාරය කල්තොට නගරයේ සවිකර ඇති බුදුගල පුරාවිද්‍යා ස්ථානය හා බුදුගල රජමහා විහාරය යන නාම පුවරු දෙක පමණක් බව බුදුගල විහාරාධිකාරී කල්තොට බුදුගල සෝමරතන හිමියෝ පැවසූහ. දස දහස් ගණනින් බුදුගල රජමහා විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාවට වැසිකිළි පහසුකම් ඇතිකරලීමට ප්‍රමාණවත් වැසිකිළි පද්ධතියක් සහ වාහන නවතා තැබිමට රථගාලක් ලබාදෙන්නේ නම් එය මහත් වූ පින්කමක් බව කල්තොට දකුණු ඉවුරු විද්‍යාලයේ ආචාර්ය, බුදුගල රජ මහා විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති බුදුගල සෝමරතන හිමියෝ පැවැසූහ. රුපියල් ලක්ෂ 45ක් වියදමින් ඉදිකළ මෙම දෙතිස්රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මූර්ති ශීල්පියා ලෙස කටයුතු කළේ මතුගම කේ. විජිත කුමාර මහතාය.

    ලාලනී රත්නායක-බෙලිහුල්ඔය lakbima
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    10.gif

    පට්ට...!!.

    "You must spread some Reputation around before giving it to Iron Monger again."​