සිහින කුමරා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ජිවිතේ ලස්සනයි
    බලන්න ලස්සනයි

    film2.jpg
    සුනිල් ටී. ෆිල්ම්ස්‌ 53 වන සිනමා නිර්මාණය ජීවිතේ ලස්‌සනයි...· මේ දිනවල අතිසාර්ථකව රිට්‌ස්‌ ඇතුළු .ඵඡෂ. මණ්‌ඩලයේ සිනමා ශාලා රැසකදී තිරගත වෙයි. සුනිල් ටී. ෆිල්ම්ස්‌ වෙනුවෙන් සුදේශ් වසන්ත පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ ජීවිතේ ලස්‌සනයි සුනිල් ටී. ප්‍රනාන්දුගේ තවත් සාඩම්බර නිෂ්පාදනයකි.

    කලකට පසු එච්. ආර්. ජෝතිපාලගේ මධුර මනෝහර ගීත රැසක්‌ රසවිඳීමට ඉඩහසර ලබාදුන් "ජීවිතේ ලස්‌සනයි" සැබැවින්ම පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි සංගීතයෙන් පිරුණු විනෝදාත්මක සිනමා නිර්මාණයකි. ශ්‍රී ලාංකේය සිනමා ක්‌ෂේත්‍රය ගසාගෙන යන රැළිවලින් මිදුනු සිනමා පටයක්‌ වූ ජීවිතේ ලස්‌සනයි සරල රසවින්දනය අපේක්‌ෂා කරන ප්‍රේක්‌ෂකයන් වෙනුවෙන් නිර්මාණය වූ චිත්‍රපටයකි.

    තරුණියන් හතර දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය හා පෙමින්a බැඳුනු තරුණයෙක්‌ ඇය හා විවාහ වීමට කැමැත්ත අපේක්‌ෂාවෙන් තරුණියගේ පියා සොයා එයි. තරුණයාට කැමැත්ත ලබාදීමට එක්‌තරා කොන්දේසියක්‌ තරුණියගේ පියා ඉදිරිපත් කරයි. තම දියණියන් හතර දෙනාම එකම දිනයකදි විවාහ විය යුතු බවත්, ඉතිරි දියණියන් තිදෙනාටද මනාලයන් තිදෙනෙකු සොයා දිය යුතු බවත් තරුණියගේ පියා තරුණයාට පවසයි. තම ආදරවන්තිය කෙසේ හෝ හිමිකර ගැනීමේ අරමුණින් තරුණයා මනාලයන් තිදෙනකු සොයා යයි...· එහිදී ඔහු මුහුණපාන හාස්‍යයෙන් පිරුණු රසබර සිදුවීම් රැසකින් "ජීවිතේ ලස්‌සනයි" හැඩවී ඇත.

    නව පරපුරේ සිහින කුමරා රන්ජන් රාමනායක :eek:මෙතෙක්‌ ප්‍රධාන භූමිකාව රඟපාන අතර, මේනකා මධුවන්ති, රුවන්ගි රත්නායක, නිතූ ප්‍රියංගිකා, මහේෂි මධුසංකා, ආනන්ද වික්‍රමගේ, කුසුම් පෙරේරා, රොබින් ප්‍රනාන්දු, වසන්ත කුමාරවිල, ටෙනිසන් කුරේ, ඇන්ටන් ජූඩ්, චතුර පෙරේරා, සහන් විඡේසිංහ, සුසිලා කෝට්‌ටගේ ඇතුළු නළු නිළියන් රැසක්‌ රංගනයෙන් දායක වෙයි. ජීවිතේ ලස්‌සනයි කැමරාකරණය ගාමිණී මොරගොල්ලාගම වන අතර අංග රචනය සරත් රණවීරගෙනි.

    මාලක නන්දන