සිහින තොටින් සඳ එගොඩ වෙලා..
රන් තරුව හොටින් ගත් කුරුල්ලනේ..
මල් රේණු පුරා
මට කඳුළු තියා
යලි නො එන ලෙසින් ඈ යන්න ගිහින්..
පෙම් සිහින සුලං
සිත දවන තරම්.. //
ඇස අරිනු කලින්
රෑ සුලඟ වගේ
ඈ යන්න ගිහින්..
සිහින තොටින්..
සිත් අඳුර තෙමා
උණු කඳුළු හෙලා.. //
ගිනි අවුලවමින්
ඒ ලීය අරන්
ඈ යන්න ගිහින්..
මේ සිංදුව හෙමින් සැරේ අහලා බලන්න මචන්ලා..සෑහෙන්න හිතට වදින ගීයක්...
කියන්නේ අසංක ප්‍රියමන්ත පීරිස්